ජනතා මිනීමරු පෙරමුණ

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
ජනතා මිනීමරු පෙරමුණ

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් තමා ඉල්ලා අස් වන බව හිටපු විගනකාධිපති සරත් මායාදුන්නේ මහතා කියයි.

http://www.lankadeepa.lk/index.php/articles/344972

පු ..... නුත් හිනා :lol::lol::lol::lol:
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සරත් මායාදුන්නේ මහතා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් අද (03) ඉල්ලා අස්වුණා.

    පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමෙන් අනතුරුව සරත් මායාදුන්නේ මහතා සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

    තමන් වැනි පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත්කිරීම සඳහා ජනතාවගෙන් පොදු අනුමැතියක් ලැබී නොමැති බවයි මායාදුන්නේ මහතා කියා සිටියේ. එය මෙවර මැතිවරණ ප‍්‍රතිඵලයෙන් ද තහවුරු වන බව ඒ මහතා කියා සිටියා.

    ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා තමන්ට ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිදු බලපෑමක් එල්ල නොවූ බව සරත් මායාදුන්නේ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ සිය මුල්ම කතාව මෙන්ම අවසන් කතාව ද පවත්වමින් සරත් මායාදුන්නේ මහතා මේ බව කියා සිටියා. එමෙන්ම මේ මොහොතේත් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාව වී ඇත්තේ තමා ඉල්ලා අස් නොවිය යුතු බවත් පැවසුවා.

    හිටපු විගණකාධිපතිවරයෙකු වන මායාදුන්නේ මහතා මන්ත‍්‍රී ධුරයට පත් කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර දෙකෙන් එකක් සඳහායි.

    දූෂණයට එරෙහිව තමන් ඉදිරියටත් පෙනී සිටින බවත් තමන්ගේ මෙම තීරණය ඕනෑම මොහොතක විවේචනය කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් සරත් මායාදුන්නේ මහතා මෙහිදී ප‍්‍රකාශ කළා.
    - See more at: http://nethfm.com/article/81597#sthash.I0Mgkd7e.dpuf
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    11896170_443349379203170_8998293448213631556_n.jpg
     

    Similar threads