ජනතා සහන පතා එ.ජා.පය අද වීදි බසී
ජනතා සහන පතා එ.ජා.පය අද වීදි බසී
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අද සිට උද්ඝෝෂණ මාලාවක් පවත්වන බව පක්ෂ මහ ලේකම්වරයා පවසයි.
ඒ අනුව ජනතාව පීඩාවට පත් කරමින් ආණ්ඩුව දියත් කර ඇති වත්මන් ක්‍රියාදාමයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර 135 ක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන අතර එහි පළමුවැන්න අද (10 වැනිදා) පෙ. ව. 10.00 ට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත නගරයේදී පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීම, ජීවන බර අඩු කොට ජනතාවට සහන සැලසීම, සිරගත කොට සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කෙරේ.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරවලට සමගාමීව රට පුරා ජනතාව දැනුවත් කරමින් අත් පත්‍රිකා බෙදා හැරීමේ වැඩපිළිවෙළක් දියත් කරන බවත්, මේ සියලු ක්‍රියාදාමයන්ට විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසකගේ සහයෝගය ලැබෙන බවත් ලේකම්වරයා පවසයි