ජනපතිගෙන් යහපත් ප්රතිචාරයක් නෑ සාධාරණ
ජනපතිගෙන් යහපත් ප්රතිචාරයක් නෑ
සාධාරණ විසඳුමක් ලබා දීමට
ජෙනරාල් පොරොන්දු වුණා
ආර්. සම්බන්ධන්
ලසිත දුමින්ද
උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්රතිචාරයක් නො ලැබුණු බවත්, ඒ පිළිබඳව දෙමළ ජනතාවට සාධාරණ විසඳුමක් ලබාදීමට ජෙනරාල් සරත් ෆොන්සේකා පොරොන්දු වූ බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් නොලැබුණු නිසා මෙවර ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දීමට තීරණය කළ බවත් ආර්. සම්බන්ධන් මහතා පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය නොදීම දෙමළ ජාතික සංධානයේ ඇතැමුන්ගේ මතය වී ඇති බවත් එහෙත් වැඩි පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් බලයේ
රැඳී සිටිනවාට වැඩි කැමැත්තක් නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමට රාජපක්ෂ පාලනය සමත් වී නැති බවත්, මේ නිසා එතුමා නැවත වරක් බලයට පත්වීම දෙමළ ජනතාවගේ සුබසිද්ධියට හේතුවක් නොවන බවත් හෙතෙම කීවේය.
දෙමළ ජාතික සංධානය මේ තීරණයට පැමිණියේ ප්රධාන අපේක්ෂකයන් දෙදෙනා සමZඟ සාකච්ඡා කොට බවත්, සරත් ෆොන්සේකා මහතා දෙමළ ජනතාවගේ ප්රශ්නවලට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වූ බවත් සම්බන්ධන් මහතා පෙන්වා දුන්නේය.
සිංහල නායකයන් තමන්ට විශ්වාස නැති බවත්, ශිවාජිලිංගම් මන්ත්රීවරයා ජයග්රහණය කරන්නේ නැති බවත්, එසේ වෙනවා නම් එතුමාට සහාය ලබා දෙන බවත් ආර්. සම්බන්ධන් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක සහ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්ධන් මහතා එසේ ප්රකාශ කළේ ඊයේ (06 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ය.