ජනපතිගේ බොරු ඔරලෝසුව
සිරිපාල හදිස්සියේම මැරුනලු, මැරිලා දිවියලෝකෙට ගියාලු. මිනිහා ගිහිල්ලා දිවියලෝකේ ගේට්ටුව ඉස්සරහා ඉන්නවලු, එහෙම ඉන්නකොට මිනිහා දැක්කලු එතැන තියෙන දිග තාප්පෙක බිත්ති ඔරලෝසු එල්ලලා තියෙනවා. මිනිහට ලොකු ප්රශ්නයක් ඇයි මෙච්චර ඔරලෝසු කියලා.
ඉතින් මිනිහා එතැනින් ගියපු දේව දූතයෙක්ගෙන් ඇහුවලු “මොකද මේ මෙච්චර ඔරලෝසු එල්ලලා තියෙන්නේ?”
දේව දූතයා හිනාවෙලා උත්තර දුන්නලු “මේවා තමයි බොරු-ඔරලෝසු, ලෝකේ ඉන්න හැම මනුස්සයටම එක ඔරලෝසුව ගානෙ මෙතන තියෙනවා. කවුරු හරි බොරුවක් කිව්වම මේ කට්ට එක පාරක් කැරකෙනවා.”
වටපිට බලපු සිරිපාල දැක්කා ඔරලෝසුවක් ඒක තාම කට්ටක්වත් කැරකිලා නෑ ඇහුවලු “මේක කාගෙද” කියලා, දේවදූතයා කිව්වලු “ආ මේක බලංගොඩ ආනන්ද මෛත්රී හාමුදුරුවොන්ගේ උන්වහන්සේ ජීවිතේටම එක බොරුවක්වත් කියලා නෑ ඒක නිසා තාම කටු ඒ විදියටම තියෙනවා.”
“එතකොට අර තියෙන්නේ ?” තව එකක් පෙන්නලා සිරිපාල ඇහුවලු.
“ආ ඒ තියෙන්නේ බණ්ඩාරනායක මහත්තයගේ එයා ජීවිතේටම බොරු 5යි කියලා තියෙන්නේ, ඒක නිසා ඒක 5 සැරයයි කැරකිලා තියෙන්නේ.” දේවදූතයා උත්තර දුන්නලු.
සිරිපාල ආපහු වටපිට බලලා ඇහුවලු “එතකොට කොයිකද මෛත්රීපාල සිරිසේන මහත්තයගේ එක?”
එතකොට දේව දූතයා කිව්වලු “අහ් ඒක සක්කරයා එයාගෙ ඔපිස් එකට අරං ගියා සීලිං ෆෑන්එක වෙනුවට පාවිච්චි කරන්න” කියලා( උපුටා ගන්න ලද්දකි.)