ජනපතිගේ ‘මුංකැවුම් යාළුවා’ තිත්ත බසින් අමතයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සමීප මිත්‍රත්වයක් පවතින මාධ්‍යවේදී උවිදු කුරුකුලසුරිය මහතා තම සමාජ ජාල ගිණුමේ විවේචනාත්මක අදහස් කිහිපයක් පළ කර තිබේ.

    තොරතුරු දැනගැනීමේ කොමිසම සම්බන්ධයෙන් විමසන කිසි ප්‍රශ්නයකට පිළිතුරු නැතැයිද හෙතෙම ඉන් සඳහන් කරයි.

    තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ලෙස පත්කිරීමට යන්නේ පට්ට හොරෙක් යයිද ඔහු එක් සටහනක සඳහන් කර ඇත.

    එමෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකායේ භාගයක්ම පමණ ඉන් මේ වන විටත් ඉල්ලා අස්වී ඇති බවටත් ඔහු කියා සිටියි.

    අනුර දිසානායක මහතා ජනාධිපතිවීමට පෙරාතුව සිදු කරන ලද බි‍්‍රතාන්‍ය සංචාරයේදී ලංකාවේ සිට මුං කැවුම් ගෙන ගොස් උවිදු කුරුකුලසූරියට ලබා දුන් බව එකල ඔහු විසින්ම සිය සමාජ ජාල ගිණුමේ සඳහනක් තබා තිබින.
     
    • Haha
    Reactions: 10ben and monson