හෙට දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 65 සංවත්සර උළෙල සදහා වූ සංවිධාන කටයුතු කිසිදු අර්බුදයකින් තොරව සැලසුම් කරන ලද ආකාරයෙන්ම සිදුවෙමින් පවතින බව වාර්තා වේ. දින කිහිපයකට ඉහතදී පක්ෂ සම්මේලනයට සහභාගී නොවන බවට තහවුරු කර තිබූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රිලනිප පාම මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සහ පලාත් සභා සහ පලාත් පාලන ආයතන ගණනාවක සභිකයින් රැසක්, යම් හෙයකින් මේ මොහොතේදී පක්ෂය විසින් තමන්ව අතහැරියහොත් දේශපාලනික වශයෙන් දැඩි හුදකලාවීමකට ලක්වන බව දැනීම යාම නිසා දැන් දැන් මෙම සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයාට සමීප නිදහස් පක්ෂ ප්‍රධානීන් සමඟ සුහඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරුකර සිටියි.