ජනපතිවරණයට මම සුදානම් !
මීළඟ ජනාධිපතිවරණ සටනටත් ෆොන්සේකා සූදානම්

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා ඊළඟ ජනාධිපතිවරණය සඳහාද තරඟ වැදීම සඳහා වන සාකච්චාවක් එම පක්‍ෂ අභ්‍යන්තරයේ සිදු කෙරමින් ඇත්තේ යයි වාර්තා වෙයි.
ඒ මහතාගේ ප්‍රජා අයිතියට බලපෑමක් සිදුව නැති බව පසුගිය පළාත් සභා මැතිවරණයේදී තහවුරු වී ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයට බොහෝ දුරට ඒ මහතා ඉදිරිපත් වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
ෆොන්සේකා මහතා පසුගියදා ඡන්දය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ෆොන්සේකා මහතා ජන්දයකට ඉදිරිපත් වුවහොත් එය ප්‍රතික්ෂේප කිරීමට තමාට බලයක් නොමැති බවත් එහි නීතිමය තත්වය අධිකරණයෙන් පැහැදිලි කළ යුතු බවත්ය.
රනිල් ජනාධිපති කරන්න දිවිහිමියෙන් කැපවන බවට සජිත් දිවුරයි

තමන් මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයකදී රනිල් වික‍්‍රමසිංහ ජයග‍්‍රහණය කරවීම සඳහා දිවි හිමියෙන් කැප වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කර තිබේ. ඒ මහතා මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ඊයේ දින පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීය.
පේ‍්‍රමදාස මහතා විසින් කළ මෙම ප‍්‍රකාශයට වික‍්‍රමසිංහ මහතාද ස්තූති කළ අතර එය අගය කරනා බවද ප‍්‍රකාශ කර තිබේ.
එසේම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එජාපය ඉදරියට ඒම ගැන වික‍්‍රමසිංහ මහතා ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් සජිත් පේ‍්‍රමදාස මහතා අගයමින් එහිදී අදහස් පල කර ඇත.
ෆොන්සේකාට ලැබුණ ඡන්ද සෝඩ වගේ.. අපේ ඡන්ද හයියයි ලොකුයි..

මෙවර මැතිවරණයේදී ෆොන්සේකාට ලැබුණු ඡන්ද වලට වඩා තම පක්‍ෂයට ලැබුණු ඡන්ද බලවත් යයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.
‘එ.ජා.ප. ය කෙරෙහි කළකිරුණු එම පාක්ෂිකයන් විශාල පිරිසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ඡන්දය දී තිබෙන බව ඇත්ත. ඒත් ඒවා සෝඩා බෝතල් වගේ පක්ෂ රැස් ගියාම සේරම ඉවරයි. ජනතාවත් ඒ බව දන්නවා. අද මේ රටේ ප‍්‍රධානතම විකල්පය ජ.වි.පෙ. යි. සෙසු සියලූම දේශපාලන පක්ෂ තම ඡන්ද ප‍්‍රතිශතය අඩු කර ගෙන තිබියදී ජ.වි.පෙ. පමණයි තමන්ගේ ඡන්ද ප‍්‍රතිශතය ඉහළ නංවා ගැනීමට සමත්ව තිබෙන්නේ. ඒ අනුව සන්ධානය ගෙදර යැවීමට හැකි ශක්තිය ඇත්තේ ජ.වි.පෙ. ට පමණයි’ යයිද මන්ත‍්‍රිවරයා සඳහන් කරයි.
විජිත හේරත් මහතා මේ වන විට දරමින් සිටින්නේ එවකට ෆොන්සේකා මහතාද සම්බන්ධ කරගෙන පිහිටුවා ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත‍්‍රි ධුරයකි.
ගත්තේ lankacnews