ජනපතිවරණයේ චන්දය පාවිච්චි කිරීම පිළිබද ම

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ජනපතිවරණයේ චන්දය පාවිච්චි කිරීම පිළිබද ම

    :oo::oo: ජනපතිවරණයේ චන්දය පාවිච්චි කිරීම පිළිබද මා දුටු සුවිශේෂීම මත පළ කිරීම :oo::oo:


    ගාමිණි වියන්ගොඩ මහතා විසින් රචිත අවරදිග ආවර්ජනා යන කොළම 24 ඉරිදා රාවය පුවත්‍පතේ පළවී තිබිණි. මේ එයින් කොටසකි. මා දුටු වඩාත්ම විශිෂ්ඨ ජනපතිවරණයේ ගත යුතු තීන්දුව පිළිබද අස්ථානය එය නිසා එය ඔබ සමග මෙසේ බෙදා ගනිමි. පහත පළවන්නේ එයයි.


    රටක ජනතාවක් ලජ්ජාවෙන් රෝගී කරවන මර්වින් සිල්වා නැමැති දේශපාලනඥයෙකුගේ සහාය මත යැපීමට තරම් වර්තමාන ජනාධිපතිවරයා ‘නිර්භීත’ විය. ලසන්ත වික්‍රමතුංග එලොව යැව්වේ තමන් බව මොහු විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ගැන කිසි පියවරක් නොගන්නා පොලිස්පතිවරයෙකු ඔහු ලගින් සිටී. ඡන්ද කොමසාරිස්ගේ රාජකාරිය වන්නේ ඡන්ද පෙට්ටි ආරක්ෂා කිරීම මිස මාධ්‍ය සදාචාරය ස්ථාපිත කිරිම නොවන බව ගුවන් විදුලියෙන් ප්‍රකාශ කරන හඩ්සන් සමරසිංහ නැමැති නිවේදකයෙකු ඔහුට සිටී. කෙටිකාලීන කොන්ත්‍රාත් ක්‍රමයට (හෙවත් කැලෑ ක්‍රමයට) දයාන් ජයතිලක කෙනෙකුව පාවිච්චි කළ අතින්ම, යාවජීව පදනමින් මර්වින් සිල්වා හා හඩ්සන් සමරසිංහ වැනි අශිෂ්ඨයන් නඩත්තු කරන ජනාධිපතිවරයෙකු රටක් ශිෂ්ඨසම්පන්න කිරීමට දායක වේ යැයි මගේ දැනුමේ හැටියට මට විශ්වාස කළ නොහැක


    ඊළග පාලන කාලයේ දී පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය රජයේ පාලනයට යටත් කිරීමට කටයුතු කරන බව කියන සෝමරත්න දිසානායක වැනි ළමා චිත්‍රපටි නිශ්පාදකයින් සහා ‍දේවානම්පියතිස්ස යුගයේ රට කරවූ සහෝදර ක්‍රමය 21 සියවසේ ලංකාවටත් උචිත බවට තර්ක කරන ජැක්සන් ඇන්තනී වැනි නළුවන් සිටින වේදිකාවකට අත්වන ජයත්‍රහණයක් රටට අත්වන පරාජයක් වශයෙන් නොසළකා ඉන්නට මට පුලුවන් කමක් නැත.


    අරක්කු බෝතලයක් හෝ සිගරැට්ටුවක් පෙනෙන සිනමා දර්ශනවලට උඩින් කළු කොටු පුරවන සිල්ගත් මාධ්‍ය සදාචාරයක් සහ සිංහල සිනමාව සහ කලාව මෙහෙයවිය යුත්තේ මහින්ද චින්තනයට අනුව යැයි විශ්වාස කරන වැඩවසම් සංස්කෘතික පොලිසියක් කිසි ලෙසකින්වත් මුල්ලාවරුන්ගේ මූලධර්මවාදී පාලනයකින් වෙනස් වෙතැයි මට විශ්වාස කළ නොහැක


    පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත වූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම ප්‍රතික්‍ෂේප කරන සහ බලය අපහරණය කිරීම සදහා එහි වාසිය ප්‍රසිද්ධියේ පාවිච්චි කරන නායකයෙකු අතින් රාජ්‍ය ආයතන ඊළග අවුරුදු හයේදී නිර්දේශපාලනීකරණය වෙතැයි මට සිතාගත නොහැක.


    සුනාමි සහනාධාර ස්වකීය පෞද්ගලික ගිණුමට බැර කර ගැනීමේ දූෂණ චෝදනා අනතුරුව තමන් ජනාධිපති වීය යන මුක්තිය යටතේ අධිකරණයෙන් ඉවත් කර ගත් පාලකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දූෂිත යැයි නම් කළ පී බී ජයසුන්දර වැනි රාජ්‍ය නිලධාරියෙකු ආපසු රාජ්‍ය සේවයට කැදවා ගත් පාලකයෙකු කෝප් වාර්ථාව අනුව කටයුතු නොකරනවාට අමතරව එම වාර්ථාවෙන් දූෂණ චෝදනා නැගුණු මිලින්ද මොරගොඩ වැනි දේශපාලනඥයෙකු සිය කැබිනට්ටුවේ දැනටත් තබාගන්නා ජනාධිපති‍වරයෙකු ඉදිරි වසර හට තුළ දී රටේ ඔඩු දුවා ඇති මහාපරිමාණ දූෂණ සංස්කෘතිය නැති කිරීමට පියවර ගනිති යි මට විශ්වාස කළ නොහැක


    අවුරුදු තුනකටත් වැඩි කාලයක් තිස්සේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් සොයන නියාවෙන් ලෝකයා ගොනාට අන්දවමින් සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වූ සහ එහි වාර්ථාව කුණු කූඩයට ලෑ ජනාධිපතිවරයෙකු දෙමළ ජාතික සන්ධානය ඔහුගේ විරුද්ධ පාක්ෂිකයා වෙත සහයෝගය පළ කිරීම නිසාම එම අපේක්ෂකයා විසින් රට දෙකඩ කිරීමට යන බවට ලාබ ජාතිවාදය අදටත් අවුස්සන ජනාධිපතිවරයෙකු මෙවැනි යුද්ධ තව දහයක් ජයග්‍රහණය කළත් මේ රටේ වාර්ගික සමගිය සම්බන්ධයෙන් කිසිවක් කරතියි මට විශ්වාස කළ නොහැක


    ඇමති මණ්ඩලය ලොකු කරන තරමට එය ස්වකීය බලය රැකගැනීමේ කෝකටත් තෛලයක් වෙතියි විශ්වාස කරන සහ ඒ අනුව කටයුතු කරන නායකයෙකු තමාගේ අභිවෘද්ධිය සදහා මිස රටක ප්‍රජාතන්ත්‍රවාදයේ උන්නතියට පිහිට වෙතැයි මට පිළිගත නොහැක


    ලෝකයේ පළමුවරට ජීවතුන් අතර සිටියදී තමන්ගේ රෑපය රටේ ඉහළම අගය දරන මුදල් ‍නෝට්ටුවේ අච්චු ගසාගත් නායකයෙකු බරපතළ ස්වෝත්තමවාදී ව්‍යාධියකින් නොපෙළෙතැයි මට විශ්වාස කළ නොහැකි ය


    අවුරුදු හතරක් අතුළත මහින්ද චින්තනයෙන් සියයට අනූවක් ඉටුකර ඇතැයි කියන අතරේ ඉතිරිව තිබූ අවුරුදු දෙක අනිත් සියයට දහය ඉටු කිරීම සදහා පාවිච්චි නොකළ නායකයෙකු තමාට මිස රටට ආදරය කරන නායකයෙකැයි මට පිළිගත නොහැකි ය


    මෙවැනි පාලකයෙකු වෙනස් කරගැනීමෙන් පමණක් පරමාදර්ශී හෙටක් බිහිවෙතැයි මම විශ්වාස නොකරමි. එහෙත් පවතින පාලකයා යටතේ උදාවිය හැකි හෙට දවස අද දක්වා අප මුහුණ දුන් අත්දැකීම් අනුව වඩා යහපත් හෙටක් නොවන බවට ඇති සහතිකය ඉන් අවලංගු වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය මෙතැනින් එක අඩියක් හෝ තැබීමට නම් පාලනයේ වෙනසක් ඇති කර ගැනීම අනිවාර්ය බව මගේ හැගීම යි. පවතින බලය වෙනස් කිරීමත් ඒ වෙනසින් පසු ජනතාවක් වශයෙන් අවදියෙන් සිටීමත් පැහැර හැරිය නොහැකි කර්තව්‍යයන් වන බව ද සිත්හි ධාරණය කර ගැනීම මැනවි.


    පය ගසා සිටින මහ පොළොව මේ මොහොතේ ගිනි ගනී නම් එතැනින් හැකි සැණින් අඩිය ඔසවනවා මිස ඊළගට අඩිය තියන්නේ සිසිල් ගගුලකටදැයි හිතන්නට තරම් ඉස්පාසුවක් එකම අවියක් වශයෙන් එකම චන්දයක් පමණක් හිමි මට නැතිවීම ගැන සමාවන්න.


    Source :- http://beyondframe.wordpress.com/2010/01/23/ජනපතිවරණයේ-චන්දය-පාවිච්ච/
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :yes::yes:
    සම්පුර්ණ ඇත්ත
    ඒත් මෙවා තෙරෙන්න මොළයක්
    කියලා දෙයකුත් තියෙන්න ඕනා
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    rate sampurna system1ma SF nsa wenas wei kyanna ba
    aath danata wada hoda wei
    MRge hangila tbuna chandi swarupe ratama dakka me chanden