ජනපතිවරණ පරාජය සහ ඇඹුල් මිදි

shaakunthala

Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    අගෙයි! ඒත් Wal Badaගෙ වැඩක් නෙවෙයි වගෙ. :yes:
    කොපි-පේස්ට් කළෙ කොහෙන්ද කියලත් කිව්වනං වටිනවා... :angry:
    http://panhinda-samaga.blogspot.com/2010/01/blog-post_30.html

    2982.jpg

    ජනපතිතුමා ජනපතිවරණය ජයගෙන ඇත. ඒ 57% ක වැඩි ඡන්ද ප්‍රමාණයකිණි. සංඛ්‍යාත්මකව එය ඡන්ද මිලියන 1.8කි. අතීතයේ නම් පැරදුණු පක්ෂය සෑම විටම ගැසුවේ එකම තැටියකි. එනම් හොර ඡන්ද දැමූ බවයි. මෙවර වැඩි ඡන්ද පරමානය නිසා එවැන්නක් කීමට තබා සිතීමටවත් නොහැක. එමෙන්ම 2005 මැතිවරණයෙ වාදනය කල "උතුරු-නැගෙනහිර ජනයා ඡන්දය ප්‍රකාශ කළා නම් එ.ජා.ප. දිනනවා" තැටියද මෙවර වාදනයෙන් ඉවත් කරන්නට සිදු වී ඇත. ඒ උතුරු - නැගෙනහිර ප්‍රකාශ නොකළ ඡන්ද මිලියන 0.7-0.8 ප්‍රමාණය සම්පූර්ණයෙන් ෆොන්සේකා මහතාට ලැබුණත් පරතරය ඡන්ද මිලියනයකට ආසන්න බැවිණි. තවද, අන්තර්ජාතික නිරීක්ෂකයන්, පැෆ්‍රල් වැනි සංවිධානද, වෙනෙකක් තබා විපක්ෂ නායකයාද මේ මැතිවරණය සාමකාමී හා නිදහස් එකක් බව පිළිගෙන ඇත. එබැවින් දැන් පරාජයේ ඇඹුල් මිදි වැළදීම වෙනුවට වෙනත් ක්‍රම සොයා ගත යුටුය. මංගල සමරවීර මහතා, වෙබ් අඩවි, ෆෝරම් හා බ්ලොග් අඩවි හරහා එළියට එන කටකතා වලින් උත්සාහ කරන්නේ මේ ඡන්දය දූෂිත බව පෙන්වීමටයි.

    මේ කට කතා වලට අනුව ආණ්ඩුව ඡන්ද මංකොල්ලය කර ඇති ආකාර කිහිපයක් ඇත.

    1. ඡන්ද ගණන් කරන විටදි එක් එක් අපේක්ෂකයාට පළ කළ ඡන්ද පත්‍රික එකට මිටි බඳිනු ලැබේ. ෆොන්සේකා මහතාගේ ඡන්ද මිටි බැදීමේදි, ඡන්ද පත්‍රිකා 100 ගොඩකින් ඉහළම හා පහළම ඡන්ද පත්‍රිකා ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා යොදවා එය රාජපක්ෂ මහතාගේ ඡන්ද පත්‍රිකා මිටියක් ලෙස පෙන්වීම.
    2. මැතිවරණ කොමසාරිස් නිවාස අඩස්සියේ රඳවා, පරිගණක ගත ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීම.

    මේ කටකතා පතුරුවන්නනේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය ගැන අබමල් රේණුවක් වත් නොදන්නා මෝඩයන්ය. මංගල සමරවීර වැන්නන් ඒ දැන සිටියත්, අප ගොන්නුන් යයි සිතා එවැනි ප්‍රකාශ කරනවා විය හැක. පාඨක ප්‍රයෝජනය උදෙසා ඡන්ද ගණනය කරන අයුරු සැකෙවින් පහත දක්වමි.

    සෑම ඡන්ද පොළකටම ඡන්ද පොළ නියෝජිතයින් ඇත. මොවුන් පත් කරනු ලබන්නේ එක් එක් පක්ෂ වලිනි. ඡන්ද පොළට යැවීමට පෙර ඔවුන් ඉදිරියේ ඡන්ද පෙට්ටිය විරුත කරවා එය හිස් බව පෙන්වනු ලබයි. අනතුරුව පෙට්ටිය මුද්‍රා තබනු ලැබේ. මෙයට විවිධ පුද්ගලයන්ගේ විවිධ මුද්‍රා භාවිත වේ. එක් එක් ඡන්ද පොළට යනතුරුම මේ ඡන්ද පෙට්ටි මැතිවරණ කොමසාරිස් නියෝජිතයින් විසින් ආරක්ෂා කරනු ලබයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ පෙට්ටි ගණන් කිරීමෙ මධ්‍යස්ථාන වෙත ඉහත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගෙන එනු ලබයි. සියලුම පක්ෂ නියෝජිතයන් ඉදිරිපිටදී පෙට්ටියේ මුද්‍රා පරීක්ෂා කර පෙට්ටිය විවෘත කර නොමැති බවට සහතික කරවා ගත් පසු එය විවෘත කරයි. ඉන්පසුව පෙට්ටියේ ඇති ඡන්ද සියල්ලම ගණිනු ලැබේ. එය ඡන්ද ලේඛණයට අනුව ප්‍රකාශිත ඡන්ද ගණනට සමාන විය යුතුය. නැත්නම් එම ඡන්ද පොළ ශූන්‍ය කිරීමේ බලතල කොමසාරිස් වරයාට ඇත.

    ඉන්පසුව ඡන්ද ගැනීම සිදුවන අතර ඉහත පරිදි එක් එක් අපේක්ෂකයාගේ ඡන්ද පත්‍රිකා මිටි බැඳීම සිදු කරයි. මෙය සිදු වන්නේ එක් එක් පක්ෂයේ නියෝජිතයන් පිරිසකගේ නිරීක්ෂණය යටතේය. එක් පක්ෂයකින් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට නියෝජිතයන් 5-10 දක්වා යවා ඇති නිසා මේ මිටි බැඳීම සිදු වන්නේ අතිශයින්ම සුපරික්ෂාකාරීවය. මධ්‍යස්ථානයක ඡන්ද සියල්ලම ගැන අවසන් කළ පසු එහි ප්‍රතිඵලය පිටපත් තුනකින් සකසා, වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයන් දෙදෙනාගේ නියෝජිතයින් හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන භාර ප්‍රධාන නිළධාරියාගේ අත්සන් යොදනු ලබයි. එක් පිටපතක් මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය වෙත යවන අතර අනෙක් පිටපත් දෙක ප්‍රධාන පක්ෂ වල නියෝජිතයන්ට භාර දෙනු ලබයි.

    දැන් අපි මේ ගොන් කතා කියන අමන රෑනට ප්‍රශ්න කීපයක් අදිරිපත් කරමු. ඔවුන්ගේ කතාවේ ඇත්ත නැත්ත ඉන් හෙළි වනු ඇත.

    1. ඡන්ද පත්‍රිකා මිටි බැඳීමේදී සරත් ෆොන්සේකා මහතාගේ නියෝජිතයන් එහි සිටියාද? (ඔව් / නෑ)
    2. ඉහත ප්‍රකාශයට උත්තරය නෑ නම්, එවැනි පිරිසක් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිනියාද? (ඔව් / නෑ)
    3. ඉහත 2 ප්‍රශ්නයට උත්තරය ඔව් නම් ඔවුන් පළවා හැරීම සිදු වූවාද (ඔව් / නෑ)
    4. ඔවුන් පළවා හැරියා නම් ඒ ගැන පැමිණිලි කර තිබේද? (ඔව් / නෑ)

    දැන් අපි කරුණු විමසා බලමු. ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට නියෝජිතයන් පත් කිරීම සරත් ෆොන්සේකා මහතා කර නැත්නම් ඔහුගේ නියෝජිතයන් ගණන් කරන විට නොසිටිනු ඇත. එසේ නම් ප්‍රශ්නය ඇත්තේ ඔවුන් පත් නොකිරීමේය. එසේ නොකළා නම් ෆොන්සේකා මහතා එහි වගකීම දරා ගත යුතුය. මෙවැනි වැදගත් දෙයක් අත පසු කළා නම් ඔහු ජනපති ධුරය වැනී වගකීම් සහිත ධූරයකට කොහෙත්ම සුදුසු නැත. එම නියෝජිතයන් පත කර තිබියදී ඔවුන් මධ්‍යස්ථාන වලට නොපැමිණියේ නම් වරද ඇත්තේ ඒ නියෝජිතයන් අත ය. ඔවුන්ට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණීම වැළැක්වූයේ නම් හෝ ඔවුන්ට බාධා එල්ල වූයේ නම් ඔවුන් ඒ ගැන පැමිණිළි කළ යුතුය. සුළු පැමිණිලි කීපයක් හැරෙන්නට එවැනි පැමිණිලි කිසිත් ලැබී නැත. එනිසා ෆොන්සේකා මහතාගේ නියෝජිතයන් ඉදිරියේ ඡන්දය ගණින ලද බව පැහැදිලිය.

    ඡන්ද පත්‍රිකා මිටි බැඳීමේදි යම් වරදක් සිදු වූයේ නම් මේ නියෝජිතයන් ඒ දැකිය යුතුය. එක්කෝ ඔවුන් අන්ධ විය යුතුය. නැතිනම් මිටි බඳින්නා මැජික් ශූරයකු විය යුතුය. නැතිනම් නියෝජිතයන් 15-20 ඉදිරියේ ඉහත ක්‍රියාව කලේ කෙසේදැයි සිතා ගත නොහැක. එලෙස යම් අක්‍රමිකතාවක් සිදු වූයේ නම් උක්ත නියෝජිතයන් ප්‍රතිඵල ලේඛණයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ යුතුය. එවැන්නක් ද සිදු වී නොමැත. එබැවින් ඡන්ද ගණන් කිරීම නිසි පරිදි සිදු වී ඇති බව සුපැහැදිලිය.

    අවසන් ප්‍රතිඵල ලේඛණය සකසන විට මැතිවරණ ලේකම් කාර්‍යාලයේදි "විජ්ජාවක්" හෝ "ජිල් මාට්" එකක් සිදු වී ඇතැයි යන තර්කය අපි සලකා බලමු. එසේ නම් ෆොන්සේකා මහතාහෙ ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් කළ යුත්තේ ආසන මට්ටමින් ඔවුනට ලභා දුන්, ඔවුන් විසින් අත්සන් තබා සහතික කළ, ප්‍රතිඵල ලේඛණ රැගෙන විත් එය ඔප්පු කර පෙන්වීමය.එවැන්නක් ද මේ වන තුරුත් සිදු වී නොමැත. ඇත්ටෙන්ම කටකතා කීම පහසුය. ඒවා ඔප්පු කිරීම මර කැඩෙන වැඩකි.

    ෆොන්සේකා ෆෑන්ස් ලා ඔවුන් පැරදී ඇති බව දැන්වත් වටහා ගත යුතුය. ජයගත් පසට බොරුවට බැණීමට වඩා තම දුර්වලතා හඳුනා ගෙන හැකි නම් මහ මැතිවරණය දිනීමට ඔවුන් ඉටා ගත යුතුය. පදනම් විරහිත බොළඳ තර්ක ගෙන ඒමෙන් ඔවුන් රටේ බුද්ධිමත් ජනයාගේ සිනහවට ලක් වීම සිදු වන අතර, ඔවුන්ගේ ප්‍රතිරූපය වැනසීයාමද සිදු වේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    " පන්හිඳ සමඟ මා කඩේ යතැයි හෝ පවත්නා ක්‍රමය සමඟ යහන් ගත වනවා යයි යමකු කීමට පුළුවන. ඇත්ත, ඔවුන් හරි ය. මම කඩේ යන්නෙමි, පවත්නා ක්‍රමය සමඟ බුදියන්නෙමි, නමුත් ඒ රට වෙනුවෙනි. වසර 2500 රැක ගත් ශිෂ්ටාචාරය විදේශ ආක්‍රමණත්, දෙමළ බෙදුම් වාදයත් අබිමුව පසුපසට යන යුගයක, අන්තර්ජාල කුලී ලියන්නන්ගේ නිරුවත හෙළිකිරීම සඳහා මම කඩේ යමි. නානා විධ ස්වරෑපයෙන් බ්ලොග්, පත්තර ලිපි, සිනමාව, කවි, කෙටි කතා තුළින් දිස්වන මේ කුමන්ත්‍රණයන් හෙළි කිරීම රට ගැන සිතන අයගේ වගකීම වන්නේය "

    මේ අර පවතින ක්‍රමය සමග යහන්ගත වෙන්න හදන එකා නේද.........?? :frown::rolleyes: අර මිගාර කියාගෙන මෝඩ කමෙන්ට්ස් බ්ලොග් වල දාන්නේ..............?? :P:P මගේ බ්ලොග් එකේ ගිහින් කුණුහරුප ලියන්නේ ...........!! :angry::angry:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Jayagrahanaya Uduragat Horunta Hodatama Galapena Nama Tamai Deshadrohiyo...
    Hetuwa pawul balaya tara karamin, tama jayagrahanaya sadaha rate onama deyak pawa dimai ...

    Tamange lebal anunta gasimenut ownge ugat kame tarama manawa oppu we...

    :angry::angry::angry:
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    " පන්හිඳ සමඟ මා කඩේ යතැයි හෝ පවත්නා ක්‍රමය සමඟ යහන් ගත වනවා යයි යමකු කීමට පුළුවන. ඇත්ත, ඔවුන් හරි ය. මම කඩේ යන්නෙමි, පවත්නා ක්‍රමය සමඟ බුදියන්නෙමි, නමුත් ඒ රට වෙනුවෙනි. වසර 2500 රැක ගත් ශිෂ්ටාචාරය විදේශ ආක්‍රමණත්, දෙමළ බෙදුම් වාදයත් අබිමුව පසුපසට යන යුගයක, අන්තර්ජාල කුලී ලියන්නන්ගේ නිරුවත හෙළිකිරීම සඳහා මම කඩේ යමි. නානා විධ ස්වරෑපයෙන් බ්ලොග්, පත්තර ලිපි, සිනමාව, කවි, කෙටි කතා තුළින් දිස්වන මේ කුමන්ත්‍රණයන් හෙළි කිරීම රට ගැන සිතන අයගේ වගකීම වන්නේය "

    මේ අර පවතින ක්‍රමය සමග යහන්ගත වෙන්න හදන එකා නේද.........?? :frown::rolleyes: අර මිගාර කියාගෙන මෝඩ කමෙන්ට්ස් බ්ලොග් වල දාන්නේ..............?? :P:P මගේ බ්ලොග් එකේ ගිහින් කුණුහරුප ලියන්නේ ...........!! :angry::angry:

    හොඳටම විශ්වාසද? ඔය පුද්ගලයා එක්කවත්, බ්ලොග් එක එක්කවත් මගේ පෑහීමක් නෑ. නමුත් චෝදනාවක් කරන්න කලින් ටිකක් හොයලා බැලුවනම් නරකද?

    ඒ කුණුහරුප කමෙන්ට් වල මම පැහැදිලිවම දැක්කා පෞද්ගලික තරහක් තියෙන බව. කඩේ ගිය බ්ලොග් අඩවි පැත්තක තියෙද්දී නිදහසේ තමන්ගෙ අදහස් ඉදිරිපත් කළ බ්ලොග් එකකට එහෙම පහර ගහන්නෙ වෙන අවශ්‍යතාවක් මුල් කරගෙනයි කියන එක මගෙ අදහස.
     
    Wal Bada

    Well-known member
  • @ ශාකුන්තල

    වල් බඩා = මිගාර

    මල්යායේ එන කවි බොහොමයක් මෙහි පරණ ත්‍රෙඩ් වල තියෙනවා. සොයා බලා සැක හැර ගත හැකියි

    @ යූ. රාජ්

    ඔබේ බ්ලොගය මා කියවතත් එහි කොමෙන්ට්ස් දමා නැත. මා පාවිච්චි කරන්නෙ "මිගාර | Migara " යන OpenID එකයි. එයට බැහැරව මගේ නම යොදා ගෙන කරන පිළිතුරු පළ කිරීම් අනන්‍යතා හොරුන්ගේය.

    SF ට සපෝට් නොකිරීම ගැන ඔබ මා සමග වෛරයෙන් ඉන්නා බව පැහැදිලිය. එය ඔබගේ ගොන් කම පෙන්වන්නක් මිස අන් අයගේ ප්‍රශ්නයක් නොවේ. ෆෝරම් හා බ්ලොග් වල වාද විවාද කරගත්තත් ඒව පුද්ගලික මට්ටමට ගෙන ඒම හාස්‍ය ජනක ක්‍රියාවකි.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    හොඳ අදහසක්.

    හැබැයි, අදාළ සුපින්වතුන්ගෙන්
    බුදුහාමුදුරුවන්ටත් කුණුහරුප අහගන්න වෙයි, ඕං.
    කට උත්තර නැති උණාම ඉතින්
    එයාලට තියන එකම විකල්පය නින්දා අපහාස නේ.

    :yes:
    :D:D:D

    progress.gif

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හොඳටම විශ්වාසද? ඔය පුද්ගලයා එක්කවත්, බ්ලොග් එක එක්කවත් මගේ පෑහීමක් නෑ. නමුත් චෝදනාවක් කරන්න කලින් ටිකක් හොයලා බැලුවනම් නරකද?

    ඒ කුණුහරුප කමෙන්ට් වල මම පැහැදිලිවම දැක්කා පෞද්ගලික තරහක් තියෙන බව. කඩේ ගිය බ්ලොග් අඩවි පැත්තක තියෙද්දී නිදහසේ තමන්ගෙ අදහස් ඉදිරිපත් කළ බ්ලොග් එකකට එහෙම පහර ගහන්නෙ වෙන අවශ්‍යතාවක් මුල් කරගෙනයි කියන එක මගෙ අදහස.

    බ්ලොග් අවකාශයේ මා හා සතුරු පුද්ගලයන් දෙදෙනෙක් සිටින නමුත්, මෙපමණ කලක්, ඔවුන් මගේ බ්ලොගයට පැමිණ, පහත් වැඩ කලේ නැත........!! :no::no: නමුත් මා මොහු සමග ඇතිවූ වාද වලින් පසුව, මගේ බ්ලොගයට පැමිණ, කුණුහරුප කමෙන්ට්ස් දාන්නේ කව්දැයි සිතා ගැනීමට, අංජනම් බැලීමට උවමනා නැත..........!! :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    @ ශාකුන්තල

    වල් බඩා = මිගාර

    මල්යායේ එන කවි බොහොමයක් මෙහි පරණ ත්‍රෙඩ් වල තියෙනවා. සොයා බලා සැක හැර ගත හැකියි

    @ යූ. රාජ්

    ඔබේ බ්ලොගය මා කියවතත් එහි කොමෙන්ට්ස් දමා නැත. මා පාවිච්චි කරන්නෙ "මිගාර | Migara " යන OpenID එකයි. එයට බැහැරව මගේ නම යොදා ගෙන කරන පිළිතුරු පළ කිරීම් අනන්‍යතා හොරුන්ගේය.

    SF ට සපෝට් නොකිරීම ගැන ඔබ මා සමග වෛරයෙන් ඉන්නා බව පැහැදිලිය. එය ඔබගේ ගොන් කම පෙන්වන්නක් මිස අන් අයගේ ප්‍රශ්නයක් නොවේ. ෆෝරම් හා බ්ලොග් වල වාද විවාද කරගත්තත් ඒව පුද්ගලික මට්ටමට ගෙන ඒම හාස්‍ය ජනක ක්‍රියාවකි.

    වල් බඩා = මිගාර, යන්න මා නම් දැන ගත්තේ ලගකදීය .......!! :yes:

    ඔබ General Sarath Fonseka ට සපෝට් නොකිරීම ගැන, මා ඔබ සමග කිසිදු වෛරයක් නොමැත........!! :no:

    ඔබ හා එළකිරිහි ඇතිවූ වාද වලින් පසුව, මගේ බ්ලොගයේ කුණුහරුප කමේන්ට වැටීමට පටන් ගැනීම, ඔබේ වැඩක් වේද, නොවේද, යන්න ඔබේ සිත දන්නවා ඇත........!! :yes: කෙසේ නමුත් ඔබ හෝ එලෙස මෝඩ තකතීරු කමෙන්ට දමනා පුද්ගලයාට, තවදුරටත් මගේ බ්ලොගයේ යකා නැටීම අහුරා ඇත........!! :D
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    ආ... එහෙමත් වාද ඇති වුණාද? සිරාවටම මම දැනගෙන හිටියෙ නෑ..... ආයෙමත් හේතුව, මම ඔය බ්ලොග් එක නොකියවීම.

    නොකියවන්න හේතුව: මගේ බ්ලැක්ලිස්ට් එකේ තියෙන බ්ලොග් අඩවි දෙකතුනක් එක්ක වලි දාගැනීම හැර අර්ථවත්/ ප්‍රයෝජනවත් යමක් නොකිරීම

    බ්ලොග් අවකාශයේ මා හා සතුරු පුද්ගලයන් දෙදෙනෙක් සිටින නමුත්, මෙපමණ කලක්, ඔවුන් මගේ බ්ලොගයට පැමිණ, පහත් වැඩ කලේ නැත........!! :no::no: නමුත් මා මොහු සමග ඇතිවූ වාද වලින් පසුව, මගේ බ්ලොගයට පැමිණ, කුණුහරුප කමෙන්ට්ස් දාන්නේ කව්දැයි සිතා ගැනීමට, අංජනම් බැලීමට උවමනා නැත..........!! :yes::yes:

    ඔන්න එහෙනං මම ඕෆ්... ජෙනරල්ට පක්ෂ විපක්ෂ හැම දෙනාම යුතුකමක් වශයෙන් මෙන්න මේ Facebook පිටුව ban කරන්න උදව් කිරීම යෙහෙකි.
    (Please report and help ban this page)

    http://www.facebook.com/AparnaFonseka

    Ciao..! :dull:
     
    Wal Bada

    Well-known member
  • බ්ලොග් අවකාශයේ මා හා සතුරු පුද්ගලයන් දෙදෙනෙක් සිටින නමුත්, මෙපමණ කලක්, ඔවුන් මගේ බ්ලොගයට පැමිණ, පහත් වැඩ කලේ නැත........!! :no::no: නමුත් මා මොහු සමග ඇතිවූ වාද වලින් පසුව, මගේ බ්ලොගයට පැමිණ, කුණුහරුප කමෙන්ට්ස් දාන්නේ කව්දැයි සිතා ගැනීමට, අංජනම් බැලීමට උවමනා නැත..........!! :yes::yes:
    යූ. රාජ් ගේ බ්ලොගයට මා පැමිණ කුනුහරුප ලිවුවා යයි හැකිනම් ඔප්පු කර පෙන්වන මෙන් අභියෝග කර සිටිමි. යූ. රාජ් ට යම් හේතුවක් නිසා මා සමග තරහෙන් පසුවේ. කොමෙන්ට්ස් දැමීමට තරම් වන දෙයක් වත් යූ.රාජ්. ගේ නිස්සාර බ්ලොගයේ නැත. මේ ගැන තව දුරටත් කතා කිරීම පළක් නැත. හරකාට තප්පුලන්නට දී බලා සිටිමි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යූ. රාජ් ගේ බ්ලොගයට මා පැමිණ කුනුහරුප ලිවුවා යයි හැකිනම් ඔප්පු කර පෙන්වන මෙන් අභියෝග කර සිටිමි. යූ. රාජ් ට යම් හේතුවක් නිසා මා සමග තරහෙන් පසුවේ. කොමෙන්ට්ස් දැමීමට තරම් වන දෙයක් වත් යූ.රාජ්. ගේ නිස්සාර බ්ලොගයේ නැත. මේ ගැන තව දුරටත් කතා කිරීම පළක් නැත. හරකාට තප්පුලන්නට දී බලා සිටිමි.

    යලි යලිත් ඔබට පහදා දිය නොහැක. මා ඔබ සමග කිසිදු තරහක් නැත...... :no:

    මගේ බ්ලොගය ඔබට නිස්සාර සේම, ඔබේ බ්ලොගයද ගොඩ දෙනෙකුටම නිස්සාරය....... :yes:

    මගේ බ්ලොගයේ කුණුහරුප ලිවූ එක ඔබ කරා හෝ නැතා හෝ, එය ඔබගේ සිත දන්නවා ඇත.......:yes: එළකිරිහි ඇඩ්මින්ද මා වූවා නම් මට ඔබගේ IP මගින් සොයා ගන්නට ඉඩ තිබුනි. :D

    කෙසේ නමුත් හරකා කවුරුන්දැයි බ්ලොග් අවකාශයේ සිටින්නෝ දනිති........!! :yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ආ... එහෙමත් වාද ඇති වුණාද? සිරාවටම මම දැනගෙන හිටියෙ නෑ..... ආයෙමත් හේතුව, මම ඔය බ්ලොග් එක නොකියවීම.

    නොකියවන්න හේතුව: මගේ බ්ලැක්ලිස්ට් එකේ තියෙන බ්ලොග් අඩවි දෙකතුනක් එක්ක වලි දාගැනීම හැර අර්ථවත්/ ප්‍රයෝජනවත් යමක් නොකිරීම

    ඔන්න එහෙනං මම ඕෆ්... ජෙනරල්ට පක්ෂ විපක්ෂ හැම දෙනාම යුතුකමක් වශයෙන් මෙන්න මේ Facebook පිටුව ban කරන්න උදව් කිරීම යෙහෙකි.
    (Please report and help ban this page)

    http://www.facebook.com/AparnaFonseka

    Ciao..! :dull:

    නිස්සාර බ්ලොග් එකක් කියවා වැඩක් නැති බව ශාකුන්තලද තේරුම් ගෙන ඇති එක සතුටකි...........!! :D:yes: