ජනපති අණින් රතුපස්වල කම්හල ඉවතට
පුද්ගලයින් කිහිප දෙනෙකුට මරු කැඳවීමට පවා හේතුවූ වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව වෙනත් තැනකට ගෙනයා යුතු බවටත් මහා පරිමාණ නව කම්හල් මින් ඉදිරියට ඉදිකරන්නේනම් ඒවා ආයෝජන කළාප තුළ පමණක් ඉදිකළ යුතු බවටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී රතුපස්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ අදාළ ආයතනවල නිළධාරීන් හමුවූ ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවයි.
මීට අමතරව, ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂා සහිත පානීය ජලය සම්පාදනය කිරීම අදාළ නිළධාරීන්ගේ ප්‍රමුඛතම වගකීම විය යුතු බවත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ජලය පරීක්ෂා කොට වාර්තාවක් නිකුත් කරනු ඇති බවත් සඳහන්ය.
කම්හල වැරදි ලෙස ක්‍රියාකර ඇති බව වාර්තාවෙන් සනාථ වුවහොත් එය වහාම වසා දැමීමටත් කම්හල නියමිත රෙගුලාසි අනුව ක්‍රියාකර ඇති බව වාර්තාවෙන් හෙළි වුවහොත් එය ආයෝජන මණ්ඩල කලාපය තුළ ප්‍රතිෂ්ඨාපනය සඳහා සාධාරණ කාලයක් ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.
එසේම, යළිත් වරක් මෙවැනි ගැටළු වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අලූතින් ස්ථාපනය කෙරෙන ඕනෑම කම්හලක් ආයෝජන මණ්ඩල කළාපය තුළ ඉදිකළ යුතුබව ජනාධිපතිවරයා පවසා ඇත.
කම්හලේ මෙහෙයුම් නතර කිරීමට පෙර නිෂ්පාදිත භාණ්ඩ ප්‍රයෝජනයට ගැනීමට කම්හලට ඉඩදීමටත්, වාර්තාව ප්‍රසිද්ධ කරනතුරු ආයතනය පවත්වා ගෙන යෑමට කම්හල් පරිපාලනයට ඉඩදීමටත්, ප්‍රදේශවාසීහු සහ කම්හල් නියෝජිතයෝ එකඟ වී තිබෙන බව සඳහන්ය.

මෙය කොහොමහරි හැම මගුලෙන්ම ලකුණක් දාගන්නවානේ...
මතකනේ අර ලයි බිල වැඩි කරලත් ලකුණක් දා ගත්තේ