ජනපති අණින් රතුපස්වල කම්හල ඉවතට

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ජනපති අණින් රතුපස්වල කම්හල ඉවතට

    පුද්ගලයින් කිහිප දෙනෙකුට මරු කැඳවීමට පවා හේතුවූ වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව වෙනත් තැනකට ගෙනයා යුතු බවටත් මහා පරිමාණ නව කම්හල් මින් ඉදිරියට ඉදිකරන්නේනම් ඒවා ආයෝජන කළාප තුළ පමණක් ඉදිකළ යුතු බවටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී රතුපස්වල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් සහ අදාළ ආයතනවල නිළධාරීන් හමුවූ ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවයි.
    මීට අමතරව, ප‍්‍රදේශයේ ජනතාවට ආරක්‍ෂා සහිත පානීය ජලය සම්පාදනය කිරීම අදාළ නිළධාරීන්ගේ ප‍්‍රමුඛතම වගකීම විය යුතු බවත් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව ජලය පරීක්‍ෂා කොට වාර්තාවක් නිකුත් කරනු ඇති බවත් සඳහන්ය.
    කම්හල වැරදි ලෙස ක‍්‍රියාකර ඇති බව වාර්තාවෙන් සනාථ වුවහොත් එය වහාම වසා දැමීමටත් කම්හල නියමිත රෙගුලාසි අනුව ක‍්‍රියාකර ඇති බව වාර්තාවෙන් හෙළි වුවහොත් එය ආයෝජන මණ්ඩල කලාපය තුළ ප‍්‍රතිෂ්ඨාපනය සඳහා සාධාරණ කාලයක් ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.
    එසේම, යළිත් වරක් මෙවැනි ගැටළු වැළැක්වීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ අලූතින් ස්ථාපනය කෙරෙන ඕනෑම කම්හලක් ආයෝජන මණ්ඩල කළාපය තුළ ඉදිකළ යුතුබව ජනාධිපතිවරයා පවසා ඇත.
    කම්හලේ මෙහෙයුම් නතර කිරීමට පෙර නිෂ්පාදිත භාණ්ඩ ප‍්‍රයෝජනයට ගැනීමට කම්හලට ඉඩදීමටත්, වාර්තාව ප‍්‍රසිද්ධ කරනතුරු ආයතනය පවත්වා ගෙන යෑමට කම්හල් පරිපාලනයට ඉඩදීමටත්, ප‍්‍රදේශවාසීහු සහ කම්හල් නියෝජිතයෝ එකඟ වී තිබෙන බව සඳහන්ය.

    :lol::lol:
    මෙය කොහොමහරි හැම මගුලෙන්ම ලකුණක් දාගන්නවානේ...
    මතකනේ අර ලයි බිල වැඩි කරලත් ලකුණක් දා ගත්තේ

    :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැම එකකටම මරා නම් තීරණ ගන්නේ, මොකටද බං අපි මෙච්චර වියදම් කරගෙන ඇමති රොත්ත බුරුත්තක් නඩත්තු කරන්නේ......
    මුං රැල ම ගෙදර යවමු කෝ....................
    මරා ගේ පඩිය ඩබල් කරල ගෙව්වත් ලාබයි බං...........
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඈහ්... මහරජෝ අර විමලා කියන විජාතික බලවේග වලට ඔබතුමා බය වුණයි? 3ක් මරලා 100 විතර ඔලු පළලා බේරගත්තු අහිංසක කොම්පැණි කාරයා දැන් හාමතේ මැරෙයි.

    ඔබතුමාගෙ මල්ලි තුමා ගම්පහ වැලිවේරියේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා සරමක් ඇඳගෙන. අනේ එතුමාගේ හචිං කුරුල්ලා අතින් වහගෙන ගම්පහින් යන්න කීව නම් තමයි හොඳ. ඔය උපයාගත් මුදල මදෑ අර සුද්දාට බන්දලා දීපු කෙල්ලගෙ ළමයින්ටත් මැරෙනකල් ජීවත් වෙන්න.

    මේවා බලලා අපේ ගෙදරට සුදු වෑන් නම් එවන්න එපා. මම පොඩි කාළේ ඉඳන්ම දඩබ්බරයා, ඒ නිසා සුදු ලොරියක් එවන්න කස්ටිය පුරවලා.
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28

    කම්හලේ මෙහෙයුම් නතර කිරීමට පෙර නිෂ්පාදිත භාණ්ඩ ප‍්‍රයෝජනයට ගැනීමට කම්හලට ඉඩදීමටත්, වාර්තාව ප‍්‍රසිද්ධ කරනතුරු ආයතනය පවත්වා ගෙන යෑමට කම්හල් පරිපාලනයට ඉඩදීමටත්, ප‍්‍රදේශවාසීහු සහ කම්හල් නියෝජිතයෝ එකඟ වී තිබෙන බව සඳහන්ය.

    මූ ලකුණුත් දාගෙන, මිනිසුන්ට මේක අමතක වෙනකන් කම්හලත් කිසි ප්‍රශ්ණයක් නැතිව කරගෙන යයි! මොකද ඔය කියන වාර්තා එනන අවුරුද්දක්වත් යයි!
    :baffled::baffled::baffled::baffled::baffled:
    :rofl::rofl::rofl::rofl::rofl:
    :frown::frown::frown::frown::frown:
    :P:P:P:P:P
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඈහ්... මහරජෝ අර විමලා කියන විජාතික බලවේග වලට ඔබතුමා බය වුණයි? 3ක් මරලා 100 විතර ඔලු පළලා බේරගත්තු අහිංසක කොම්පැණි කාරයා දැන් හාමතේ මැරෙයි.

    ඔබතුමාගෙ මල්ලි තුමා ගම්පහ වැලිවේරියේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා සරමක් ඇඳගෙන. අනේ එතුමාගේ හචිං කුරුල්ලා අතින් වහගෙන ගම්පහින් යන්න කීව නම් තමයි හොඳ. ඔය උපයාගත් මුදල මදෑ අර සුද්දාට බන්දලා දීපු කෙල්ලගෙ ළමයින්ටත් මැරෙනකල් ජීවත් වෙන්න.

    මේවා බලලා අපේ ගෙදරට සුදු වෑන් නම් එවන්න එපා. මම පොඩි කාළේ ඉඳන්ම දඩබ්බරයා, ඒ නිසා සුදු ලොරියක් එවන්න කස්ටිය පුරවලා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්දය නිදාගෙන ඉඳල ද කොහෙද මෙච්චර දවස්

    මිනිහා නිදාගෙන තම ඉන්නේ.මතකද මෑන්ට හොරෙන් අර ලයිට් ගෑනි ලයිබිල වැඩිකරා. ඊට පස්සේ ලොක්ක නැගිටලා ලකුණු දාගත්තේ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මූ ලකුණුත් දාගෙන, මිනිසුන්ට මේක අමතක වෙනකන් කම්හලත් කිසි ප්‍රශ්ණයක් නැතිව කරගෙන යයි! මොකද ඔය කියන වාර්තා එනන අවුරුද්දක්වත් යයි!
    :baffled::baffled::baffled::baffled::baffled:
    :rofl::rofl::rofl::rofl::rofl:
    :frown::frown::frown::frown::frown:
    :P:P:P:P:P

    මේ ප්‍රශ්නෙ හැටියට ඕවා තව කල් දාන්න බැරි වෙයි.. ලබන සතියේ රිපෝට් දෙනවා කියල කිව්වේ ..
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මූ ලකුණුත් දාගෙන, මිනිසුන්ට මේක අමතක වෙනකන් කම්හලත් කිසි ප්‍රශ්ණයක් නැතිව කරගෙන යයි! මොකද ඔය කියන වාර්තා එනන අවුරුද්දක්වත් යයි!

    aniwa!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    pot-mahinda.jpg
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කම්හලේ මෙහෙයුම් නතර කිරීමට පෙර නිෂ්පාදිත භාණ්ඩ ප‍්‍රයෝජනයට ගැනීමට කම්හලට ඉඩදීමටත්, වාර්තාව ප‍්‍රසිද්ධ කරනතුරු ආයතනය පවත්වා ගෙන යෑමට කම්හල් පරිපාලනයට ඉඩදීමටත්, ප‍්‍රදේශවාසීහු සහ කම්හල් නියෝජිතයෝ එකඟ වී තිබෙන බව සඳහන්ය.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    prasne anila guuuuu wela gada gahuwata passe lokka bahala lakunu daagannawa..mechchara kal kale okane..dan ithin oya magula wena kohe hari hai karai..wena ratawal dushanaya wena hinda un awilla mehe gahanawa..ape untath oona mala jarawak salli hambenawanam redda asse gahagannawane..
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    අපිට ඉතින් හිනා යනවා මේ වැඩ වලට හෙට අනිද්දා කියයි බස් ගාස්තු ඔය කියන කියන විදියට වැඩි කරන්න දෙන්නේ නැහැ අවම ගාස්තුව 10 නොවේ 9 මයි කියලා. (බස් එකේ යන අපිනේ දන්නේ ඉතිරි රැපියල ගැන)
    එතකොට අයිටිඑන් එකේ කියයි ජනපති මැදිහත්විමෙන් අවම ගාස්තුව සංශෝධනය නොවේ රටේ ජනතාව ප්‍රිතිඝෝසා නගයි කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ඇයි බං ඕක කලින්ම කලා නම් අහිංසක ජිවිත 3 (3+ ?) බේරෙනවා

    ආ තව එකක්. මේ ඔක්කොම කරන්නේ ජනපති නම්
    එක එක හුට්ටවල් වලට ඉන්න ඇමති පොන්නයෝ ඉන්නෙ මොන හුට්ටකටද