ජනපති අද නියම ඉඩිඅමින් වෙලා - ජෙනරාල්
මැතිවරණ සමයේදී තමාට එරෙහිව ඉඩිඅමින් ගැන චිත්‍රපට පෙන්වූ ජනාධිපතිවරයා අද නියම ඉඩිඅමින් ලෙස කටයුතු කරන බව ජනරාල් සරත් ෆොන්සේකා ඊයේ පස්වරුවේ ඔහුගේ නිවසේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එහිදී අදහස් දක්වමින්, කිසිදු අධිකරණයක සහ පොලීසියක චෝදනාවක් නොමැති තමාට දේශපාලනික වශයෙන් සිදුකරන මෙවැනි පලිගැනීම් පිළිබදව කණගාටු වනබව ප්‍රකාශකර සිටි ජනරාල් ෆොන්සේකා, තමාගේ ආරක්ෂාවද මුලූමනින්ම කපාහැර ඇති බව මෙහිදී කීය.
තමාට ආරක්ෂාව සැපයූ සියලූම හමුදා සෙබලූන් පෙරේදා(27) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්කර ඒ වෙනුවට පොලිස් කොස්තාපල්වරුන් 4 දෙනෙකු එවා ඇති බවද ප්‍රකාශ ජෙනරාල් වරයා තමාට සහය දැක්වූ රණවිරුවන් විශාල පිරිසක්ද දරුණු අපරාධකාරයින් ලෙස සලකා ප්‍රශ්න කිරීමට ලක්කර ඇති බවද ප්‍රකාශ කළේය.
එමෙන්ම තමා සහ තමාගේ බෑනාවන දනුන තිලකරත්නට විදේශගතවීම වලක්වාලමින් විදේශගමන් බලපත්‍ර ‘බ්ලැක්ලිස්ට්’ කර ඇති බවත්, දනුන අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරී කණ්ඩායමක් ඊයේ දහවල් නිවසට පැමිණි බවත්, ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.
මැතිවරණ සමයේදී තමාට එරෙහිව ඉඩිඅමින් ගැන චිත්‍රපට පෙන්වූ ජනාධිපතිවරයා අද නියම ඉඩිඅමින් ලෙස කටයුතු කරන බව පෙන්වාදුන් ජෙනරාල්වරයා, පලිගැනීම් වලින් තමා බියගැන්විය නොහැකි බවත් ඔහු වෙනුවෙන් ඡන්ද දුන් ජනතාව වෙනුවෙන් ඉදිරියටද දේශපාලනයේ නියැලෙන බව අවධාරණයෙන් යුතුව පැවසීය.
හිටපු නාවික හමුදාපතිවරයාට 120ක සන්නද්ධ හමුදාවක් රැකවරණයක් ලබාදී තිබියදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය විනාශකළ ජනරාල් ෆොන්සේකා අනාරක්ෂිත කොට ඝාතනය කර දැමීමට රාජපක්ෂවරුන් දරන උත්සාහය රාජපක්ෂට ඡන්දය දුන් ජනතාවද අනුමත නොකරනු ඇතැයි මෙම ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාව සඳහා මංගල සමරවීර, අර්ජුණ රණතුංග යන මන්ත්‍රීවරුන්ද සහභාගී වී සිටියහ.
source- http://www.lankatruth.com

Last edited: