"ජනාධිපති අනුර දිසානායක මහතා සිය මීළඟ විදෙස් සංචාරය ලෙස ඇමෙරිකාව බලා පිටත් වනු ඇති බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි."
ඉන් අනතුරුව ජපානය නිල සංචාරයක ජනාධිපතිවරයා නිරත වනු ඇති බව ඔහු පවසයි.
ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු කලාපීය බලවතුන් වශයෙන් ඉන්දියාව සහ චීනයට සංචාරය කරන ලද බවද හෙතෙම කියා සිටී.
ලෝකයේ සියලු රටවල් සමඟ ආර්ථික හා සංස්කෘතික බැඳීම් වර්ධනය කර ගැනීම සඳහා මෙම සංචාරයන්ය නිරත වන බවත් ඔහු පැවසුවේය.

