ජනපති අපේක්ෂක සීලරතන හිමිගේ චන්ද පොරොන්ද

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජනපති අපේක්ෂක සීලරතන හිමිගේ චන්ද පොරොන්ද

    ජනපති අපේක්ෂක සීලරතන හිමිගේ චන්ද පොරොන්දු

    bYDRtKu.png


    මේ fb පිටුවෙන් ගත්තේ



    1.
    IHFIrvH.png


    -- කායවර්ධනයට වඩා අධ්‍යාත්මියයි වර්ධනයයි විය යුත්තේ --

    කාය ශක්තියෙන් ඔබ කෙතරම් ශක්තිවන්තයකු වුවද මනස හිස් පුද්ගලයෙකුනම් ඔබ දුර්වලයෙක් මිස ශක්තිවන්තයකු නොවේ.

    වර්තමාන තාරුණ්‍යය පිළිබඳව සළකා බලනවිට ඔවුන් කායික වශයෙන් ශක්තිමත් වීමට උත්සහා කළද, අධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වීමට උත්සහයක්වත් නොගන්නා බොල් පිරිසකි. එය රටක සංවර්ධනයට ප්‍රධානම ගැටලුවකි.

    මෙයට විසඳුමක් මා බොහෝ කල් සිට සෙවූවද ඒවා කාලෝචිත නොවූ හෙයින් අත්හැර දැමීමට සිදුවිය. නමුත් දින කීපයකට පෙර මේ දැවැන්තම ගැටලුවට නිසි වැඩපිළිවෙළක් ගැන මා හට තේරුම්විය.

    සියලුම කායවර්ධන මධ්‍යස්ථාන වසා දමා ඒ වෙනුවට එම ස්ථානම ගැලපෙන ලෙසට නවීකරණය කර භාවනා මධ්‍යස්ථාන පිහිටවීමට මා විසින් සැලසුම් සකස්කොට ඇත. තවද ඇවිදින මන්තීරු වෙනුවට පැව්දි තරුණ සාමනේර හිමිවරුන් සදහා කුඩා ආරණ්‍ය සේනාසන පිහිටුවීමට කටයුතු කරනවා.

    තවදුරටත් කයෙන් වර්ධනය වුණු මනසින් හිස්වුණු තරුණ පරපුරක් අප රට තුළින් දැකීමට නොහැකිවනු ඇත.

    බත්තරමුල්ල සීලරතන හිමි
    ස්වස්ති සිද්ධම් ☸️


    2.
    KQRiDTV.png


    ජනයාගේ අනවශ්‍ය වියදම් අවම කල යුතුයි..

    පොදු වැසිකිලිවලින් අනවශ්‍ය ලෙස මුදල් අය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමනවා..

    පොදු වැසිකිලි අසල ඇතෙමුන් මුදල් අය කිරීම පොදු වැසිකිලි භාවිතා කරන ජනයාට මහත් හිසරදයක් වව අප සැවොම දන්නා කරුණක්.

    මෙවැනි අනවශ්‍ය දේවල් සම්පූර්ණයෙන්ම ඉවත් කර නඩත්තු කටයුතු රජය මගින් කිරීම සැවොගෙම මුදලුත් කාලයත් ඉතිරි කිරීමට උපකාරී වන බව මගේ අදහසයි

    එන්න මා හා එක්වන්න
    පායන හිරු මෙන් විශ්වාසයි ❤️
    ස්වස්ථි සිද්දම් ☸️


    3.
    S7tk1hG.png


    -- වැඩවර්ජනයට විසඳුම වැඩ වර්ජනයෙන්ම --

    කාර්යක්ෂම හා සේවයට අවංක සේවකයින් රටක වත්කමයි. නමුත් අප රට තුළ බොහෝ කලක සිට දකින්නට ලැබෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. වැටුප් වැඩි කරද, තවත් වරප්‍රසාද ලබාදුන්නද ලංකාව තුළ රාජ්‍යය සේවයේ වැඩවර්ජනවලින්නම් අඩුවක් නොවීය. වසර ගණනක් බලන් සිටියද ඒ සඳහා නිවැරදිම විකල්පයක් කිසිදු රජයකට දීමට නොහැකි විය.

    ඒ සඳහා ස්ථීර, ප්‍රායෝගික හා සෑමදෙනාම හිසනමන විකල්පයක් මා සතුව ඇත.

    වැඩවර්ජනයට විසඳුම වැඩවර්ජනයෙන්ම සොයාගැනීම තුළින් මෙම හිසරදය සමනය කළ හැක. අනිකුත් සේවකයින් වැඩවර්ජනයේ නිරත වී සිටින විටදී තමන්ට වැඩවර්ජනයට පිටුපා සාමන්‍යය පරිදි සේවයේ යෙදී සිටීමට හැකිනම්, එලෙස සේවයේ යෙදී සිටින පැය ගණනට දෙගුණයක් වේතන ගෙවීමට වැඩපිළිවෙළක් මා විසින් සකසා ඇත.

    එක්වන්න මා සමග
    පායන හිරු මෙන් විශ්වාසයි ❤️
    ස්වස්ථි සිද්දම් ☸️



    4.
    fojiKYE.png


    ලිංගික අද්‍යාපනය රටක දරුවන්ට අවශ්‍යයි. ඒ සඳහා යොවුන් දරුවන්ගේ ඇති ආශාව සහ උනන්දුවද ඉතාම ඉහලයි..

    රටේ අපචාර අඩු කිරීමට ලිංගික අද්‍යාපනය ලොකු පිටුවහලක් වෙන බවට නොඅනුමානයි.

    මේ සඳහා ලමුන්ගේ ඇති ආශාව උපයෝගී කරගනිමින් ඔවුන්ගේ විශය දැනුම වැඩිකරම ගමන්ම ලිංගික අද්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදයක් මාගෙ ප්‍රතිපත්ති තුල අන්තර්ගතයි

    නමුත් ලබාදෙන්නේ සෑම විශයකටම ලකුණු 60ට වඩා ලබාගන්නා සිසු සිසුවියන්ට පමණයි

    දරුවන් කැමති දෙය අප ලබාදිය යුතුයි ඒ සඳහා වටිනාකමක්ද නිර්මාණය කරමින්

    වෙනස්ව සිතමු රට වෙනස් කරමු
    එකතු වෙන්න මා සමග
    පායන හිරු මෙන් විශ්වාසයි ❤️
    ස්වස්ථි සිද්දම් ☸️




    5.
    h402ue1.png


    දිගින් දිගටම් ඉහල යන වන විනාශය වගේම මාර්ග අනතුරු නිසා සිදුවන දේපල ජීවිත හානි මගේ සිතට දිගින් දිගටම මහත් කණස්සල්ලක් මුසුකල ප්‍රශ්න අතරින් ප්‍රමුඛයි

    පිලියමක් සෙවීමේදී මෙම ප්‍රශ්න වලට වගේම තවත් ප්‍රශ්න වලටද විසඳුමක් ලෙස ඉදිරිපත් කිරීමට සුදුසු ප්‍රතිපත්ති යෝජනාවක් මා හඳුනා ගත්තා

    මාර්ග නීති කඩකිරීම වැනි අපරාද ගනයේ නොවන වැරදි වලට දඩ මුදලක් ලබා දීම යල්පැන ගිය දඬුවම් ක්‍රම වේදයක්.

    එවැනි වරදක් කර අසුවූ පුද්ගලයෙකුට ගස් 200ක් සිටුවීමට නියම කිරීම පරිසරයට වගේම සමාජයටත් හිතකාමී වෙනවා

    සිදුවන වැරැද්දේ ප්‍රබලත්‍වය මත මෙම ගස් ප්‍රමාණය වෙනස් කල යුතුයි

    වැරදි අඩුකරන ගමන්ම රට හදමු
    එකතු වන්න මා සමග
    පායන හිරු මෙන් විශ්වාසයි ❤️
    ස්වස්ථි සිද්දම් ☸️




    6.
    4wHwLTF.png


    සංවර්දනය වියයුතු රටකට අවශ්‍ය වන්නේ පසුගාමී අදහස් පිරි මිනිසුන් නොව නොව ධනාත්මක සිතුවිලි වලිම් පිරි මිනිසුන්

    මිනිසුන්ගේ ආකල්ප වර්දනයට කලාව කියන දෙය ඉතාම වැදගත්. කලාව රටකට ඉතාම වැදගත් දෙයක්. කලාව පිරිහෙන රටක මිනිසුන්ගේ ආකල්ප වලට සිදුවන බලපෑම ඉතා ඉහලයි

    මෑතකාලීම කලා නිර්මාණ බොහොමයක් පසුගාමී අදහස් වලින් පිරිපුන් ඒවා පමණක්ම වීම ජාතියක් වශයෙන් අපහට ඉතාම පාඩුවක්. එයට පිලියමක් වශයෙන්

    පසුගාමී අදහස් සහිත කලා නිර්මාණ වලට නව බද්දක් හඳුන්වා දීමටත් අනෙකුත් කලානිර්මාණයන් දිරිගැන්වීම සඳහා සහන රැසක් සැලසීමටත් මා බලාපොරොත්තු වෙනවා

    එක්වෙමූ සෑම අංශයකින්ම ඉදිරියට යමු
    පායන හිරු මෙන් විශ්වාසයි ❤️
    ස්වස්ථි සිද්දම් ☸️




    7.
    xd6XGen.png


    පාසල් ලමුන් ඉන්දීය මෙගානාට්‍ය ඇබ්බැහිවීම හමුවේ රට ඉතාම ඛේදවාචකයක්. ලමුන් රටේ අනාගතය ඔවුන්ව දැනුමෙන් පෝශනය කිරීම අපගේ යුතුකම

    ගෘහනියන් මෙම වැඩසටහන් නැර්ඹීමට ඇති කැමැත්ත නිසාවෙන් නාට්‍ය තහනම් කිරීම. නිවෙස් තුල දහසකුත් වැඩ කරන ඔවුන්ව නොසලකා හැරීමක්.

    මෙයට පිලියමක් වශයෙන් සියලු මෙගා නාට්‍ය පාසල් කාලය තුල පමණක් පෙන්වීමටත් රාත්‍රියට අද්‍යාපනික වැඩසටහන් සහ ප්‍රවෘත්ති පමණක් විකාශය කිරීමටත් මා සැලසුම් කරමින් සිටිනවා..

    තහනම් කිරීම නෙවෙයි විසඳුම සිතන විදියයි වෙනස් කල යුත්තේ
    මා සමග එක්වෙන්න
    රට වෙනස් කරමු
    පායන හිරු මෙන් විශ්වාසයි ❤️
    ස්වස්ථි සිද්දම් ☸️




    8.
    cTQWruf.png


    දිගින් දිගටම ඉහල යන මාර්ග අනතුරු වලට වැඩි හරියක් වගකිව යුත්තේ කාන්තාවන්.

    වාහන දාවනය කාන්තාවන්ට අයිති ක්‍රියාවක් නොවුනත් කාන්තාවන්ට සමතැන ලබාදීම රටක් සංවර්දනයට අත්‍යාවශ්‍යම කරුණක්

    මෙම ප්‍රශ්නයට පිලියමක් ලෙස කාන්තාවන් සඳහා වෙනම දාවන මංතීරු ක්‍රමයක් හඳුන්වාදීමට මම පොරොන්දු වෙනවා.

    කාන්තාවන්ට සහ පුහුනු වෙන රියදුරන් වෙනුවෙන් ඉදිකරන මෙම දාවන තීරුව අනතුරු අඩු කිරීමට වගේම. පුරුශ පාර්ශවයට සිය කාර්‍යයන් නිදහසේ කරගැනීමට ඉඩ සැලසෙනවා

    එකතුවන්න මා සමග රට වෙනස් කරමු
    පායන හිරු මෙන් විශ්වාසයි ❤️
    ස්වස්ථි සිද්දම් ☸️





    9.
    5WyKR8v.png


    වෙනත් කිසිඳූ හෝ රටක එක් වරක් හෝ ස්ථීර පුරවැසිභාවය අයදුම් කර ඇති අයව සොයා බලා රටින් පිටුවහල් කිරීමට වැඩපිලිවෙලක් මම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා

    මාගේ අදහස මේ පුන්චි රට කාටවත් අම්බලමක් කරගන්නට අපි ඉඩනොදිය යුතුයි !

    වෙනත් රටකට යාමට අවශ්‍ය අයට නැවත් මේ රටින් පිළිසරණක් නෑ ඔවුන්ව රටෙන් පිටුවහල් කරනු ලබනවා.

    අපි මේ රට අනාගතයට ගැලපෙන ලෙස සකසා ගත යුතුයි අවස්තාවාදී ලෙස රටට පිටුපාන පුද්ගලයන්ට මේ රට සුදුසු නෑ ...

    එන්න එකතුවෙන්න අපි මේ රට ආශ්චර්යන්ගෙන් පිරුණු රටක් කරමු
    මා හා එකතුවන්න
    හිරු පායන සේ විශ්වාසයි ❤️
    ස්වස්ථි සිද්දම් ☸️




    10.
    GzbiyLd.png


    මාගේ ආණ්ඩුව යටතේ නීතිය රැකීමට සිටින නිලදාරීන් හට නීතිය අතට ගෙන කටයුතු කිරීමට හැකියාවක් නෑ.!

    වර්තමාන ආණ්ඩු යටතේ ජනතාව විඳින පීඩාව විවිද අවස්තාවල සමාජ මාද්‍ය ඔස්සේ මම දැක තිබෙනවා.

    විශේශයෙන් රථවාහන පොලීසියේ නිලදාරීන්ගේ අකටයුතු කම් හමුවේ සාමාන්‍ය ජනතාව අසරණ වන වාර අනන්තයි

    මෙයට පිලිමයක් ලෙස පොලිස් නිලදාරීන්ටද නව දඩ ක්‍රමයක් හඳුන්වාදීමට මා බලාපොරොත්තු වෙනවා

    කිසියම් අවස්තාවක තමන්ගේ නිවැරදි බවද තමන්ට අසාදාරණයක් සිදු වූ බවටද යමෙකුට ඔප්පු කල හැකිනම් අදාල නිලදාරියාට විරුද්දව දඩයක් ක්‍රියාත්මක කිරීමේ පද්දතියක් හඳුන්වාදීමට මා බලාපොරොත්තු වෙනවා..

    රට වෙනස් කරමු මිනිස්සුන්ව හදමු
    මා හා අත්වැල් බැඳගන්න
    පායන හිරු මෙන් විශ්වාසයි ❤️
    ස්වස්ථි සිද්දම් ☸️






    11.
    sUNrT3w.png


    -- නවක වදය සම්පූර්ණයෙන්ම නවත්තනවා --

    වසර කීපයක සිට ලාංකීය විශ්ව විද්‍යාලවල සිදුවන නවක වදය පිළිබඳව විවිධ මත ගැටුම් ඇතිවිය. විවිධ පිරිස් මෙම ගැටලුවට පිළියම් සෙවූවද ඒ කිසිවක් ප්‍රායෝගික නොවූ බව සෑමදෙනාම දනිති.

    ඒ සඳහා ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක් මා සතුව ඇත.

    මෑත කාලයේදි රුහුණු විශ්වවිද්‍යාලයේ සිදුවූ නවක වද සිදුවීම් මාලාව හා ලිංගිකත්වය පිළිබඳව උසස් අධ්‍යාපන සිසුන්ගෙ ඇති අසහනය දුටු සෑම දෙනාටම නවක වදය පිළිබඳ මහත් පිළිකුලක් හා කලකිරීමක් ඇතිවිය.

    නවක වදයට ප්‍රධානම හේතුව නම් විශ්ව විද්‍යාලයේ වසර හතරේම සිසුන් එකම විශ්වවිද්‍යාලයේ අධ්‍යනය කටයුතුවල නිරතවීමයි.

    එක විශ්වවිද්‍යාලයක එක් එක් වසරවල්වල සිසුන් කාණ්ඩකොට විශ්වවිද්‍යාල හතරකට දැමිය යුතුය. එක විශ්වවිද්‍යාලයක එක වසරක සිසුන් පමණක් සිටිය යුතුය. වසරෙන් වසරට සිසුන් විශ්වවිද්‍යාලයයෙන් විශ්වවිද්‍යාලයට මාරු කළ යුතුයි. මෙලෙස සිසුන් වසරෙන් වසර මාරුකිරීම නිසා ජේෂ්ඨ සිසුන් එම විශ්වවිද්‍යාලය තුළ නොසිටීම නිසා නවක වදය යන සංකල්පය විශ්වවිද්‍යාල පද්ධතිය තුළින්ම ඉවත්වී යයි. එමගින් මෙම නවක වද පිළිලයට තිත තැබිය හැක.

    තවද විශ්වවිද්‍යාලයීය පද්දතියේ ඇති අසමානතා ඉවත් වීමටද මෙම ක්‍රමවේදය ඉවහල් වෙනු ඇත

    විශ්වවිද්‍යාල ඉදිරිකිරීමට සුදුසු ස්ථාන හා ඒ සඳහා සුදුසු වටපිටාව පිළිබඳව සැලැසුම් සියල්ල මේ වනව්ටත් සකසා අවසන්ය.

    මා සමග එක්වන්න රට වෙනස් කරමු
    අපි වෙනස් වෙමු වෙනස් විදියකට හිතමු
    පායන ඉර මෙන් විශ්වාසයි❤️
    ස්වස්ථි සිද්දම් ☸️


    12.
    Ehtfowj.png


    සෑම මිනිසෙක්ම ඉන්නේ අධික පීඩනයෙන් 👇

    මම මේ වන විටත් මිනිසුන් සමග සාකච්ඡා කරමින් ඔව්න්ගේ අවශ්‍යතාවන් සොයාබලමින් සිටී. මට වැටහුනු විදියට සියලු දෙනාට සිත නිවෙන යමක් අවශ්‍යයි. මීට පිලියමක් විදියට සියලුම නගරවල පැය 24 පුරා බණ හා ධර්ම සාකච්ඡා ප්‍රචාරනය කිරීමට සියලු කටයුතු සූදානම් කලා.

    මේ මගින් සියලු දෙනාට පන්සලට නොපැමින තමන්ගේ කටයුත්තක් කරන අතරතුරේදී බණවලට් සවන් දීමට හැකී. මෙම ක්‍රියාවලියේ දෙවන අදියර ලෙස සෑම රේඩියෝ චැනලයකම පැයකට වරක් දහම් කරුනු ප්‍රචාරනය කිරීමටද නීති පනවන බවට ඔබට පොරොන්දු වෙමි.

    පන්සල්වල වැඩ සිටින හාමුදුරුවන් වහන්සේලාටද සුව පහසුව කරදරයකින් තොරව වැඩ සිටීමට මෙම ක්‍රියාවලියෙන් පුලුවන්

    දැන් මාගේ ෆේස්බුක් පිටුවට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඔබගේත් යෝජනා ඇත්නම් මා හට දන්වන්න. මා මිනිසුන්ගේ දුක සැප හොඳින් හඳුනන අයෙක්

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා
    ස්වස්ති සිද්ධම්




    :oo::oo::oo:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    keRCcHk.png


    රට ස්වයංපෝශිත කිරීමට නම් ඒ සඳහා ප්‍රමාණයවත් අස්වැන්නක් රට තුල ඇතිවිය යුතුයි.

    විදේශගත බලවේගවලට ගැතිවීමට සිදුවී තිබෙන්නේ රට ස්වයංපෝශිත නොමැති නිසා බව අප සියලු දෙනා හොඳින් දන්නා කරුණක්.

    අස්වැන්න ඉහල දැමීමට නම් ඒ සඳහා ප්‍රමාණවත් ජලය තිබිය යුතුයි. ජලය ලබා ගැනීමට නම් ඒ සඳහා ප්‍රමාණවත් වර්ශාපතනයක් තිබිය යුතුයි.

    ඇසළ පෙරහැර රට පුරා තැන් කිහිපයක වසරකට කිහිප වතාවක් පැවැත්වීම මගින් ප්‍රමාණවත් වර්ශාපතනයක් රටට ලබාගැනීම බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප්‍රතිපත්ති ලයිස්තුවේ ඉහලින්ම තිබෙන ප්‍රතිපත්තියක්.



    මෙමගින් රට ස්වයංපෝෂිත කිරීම පමණක් නොවෙයි අතිරේක ජලය අපනයනය කර විදේශ විනිමය උපයාගැනීමටද එතුමානන් බලාපොරොත්තු වෙනව

    විකල්ප නැත පායන හිරු මෙන් විශ්වාසයි !
    බත්තරමුල්ලේ සීලරතන හිමි දිනවමු❤️
    ස්වස්ථි සිද්දම් ☸️
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කෙරෙනව නම් කවුරු හරි කරන්න ඔ්න දේවල් ....
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    meka nam madak wage kiyanna baha wenas widiyata chande karoth thanak labeyi kiyala hithanawaada danne naha
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    fb page looks legit.
    :lol:

    minissu modayata andanna lesi ne . minissu ahanna kamathi kathwak kiyala chande ganna balanawaa athi

    silarathna hamaduruwanata chandeta idiripathwenna ochchara salli kohenda ?
    hama chandekama me hamaduruwo innawa loku pansalak athi