ජනපති ආරක්ෂක අංශය විසුරුවා හැරේ
ජනපති ආරක්ෂක අංශය විසුරුවා හැරේ
ජනාධිපති ආරක්ෂක ඒකකය පසුගිය ජනාධිපතිගේ පුතුන් සහ හිතවතුන්ගේ හවුල්කම් ඇති අපරාධවලට හවුල් යැයි හෙළිවීමත් සමගම ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැර පොලිස් විශේෂ කාර්ය බළකායට ජනපති ආරක්ෂක සේවාව බාර කළ බව මහජන සාමය පිළිබඳ ඇමැති ප්‍රකාශ කරයි.
මෙම එස්.ටී.එෆ්. භටයන්ගේ මුල්ම කාර්ය භාරය වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාට මහනුවරදී සෙනසුරාදා ආරක්ෂාව සැපයීමයි. 5,000ක් පමණ වූ ජනපති ආරක්ෂක අංශය (පී.එස්.ඩී) ගැන රහස් පොලිසිය පරීක්ෂණ අරඹා ඇතැයි ද වාර්ථා වේ.
පී.එස්.ඩී. හා සම්බන්ධ මුල්ම සිද්ධිය වාර්තාවූයේ අඟුණුකොළපැලැස්සෙනි. ඒ ජනපති සිරිසේන මහතාගේ රැස්වීමට පතරොම් පිරවූ පිස්තෝලයක්ද රැගෙන හමුදා කමාන්ඩෝ භටයකු පැමිණඑීමෙනි. ජනපති ආරක්ෂාවේ අඩුපාඩු සම්බන්ධ දෙවැනි සිද්ධිය වාර්තාවූයේ නුගේගොඩදීය. එම අවස්ථාවේ වෙසක් තොරණක් විවෘත කළ ජනපති ආපසු යද්දී ජනපතිගේ නිල රියට ඔහු යොමු කිරීමට පීඑස්ඩිය අසමත් විය. ජනපති එදා නැගුණේ අගමැතිගේ නිල රියටයි.
පී.එස්.ඩී.යේ සේවය කළ පිරිස් පොලිසිවලට අනුයුක්ත කිරීමට කටයුතු යොදා ඇති අතර එහි ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ වෙනත් තනතුරකට පත් කිරීමටද නියමිතව ඇත.
http://theceylon.net/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94/

..අපි මේව්වා අහලා උඔලව අමාරුවේ දානවා