ජනාධිපති ජාතිය අමතයි
FACT-CHECK
දීර්ඝ කාලයක් රට වසා දැමීමට සිදු වුවහොත් සියලු දෙනාම කැප කිරීම් කිරීමට සූදානම් වන්න
- මෙම ප්‍රකාශය සමග ප්‍රසන්න රණතුංගගේ ලිපිය සම සිසිර ජයකොඩිගේ ඊයේ ප්‍රකාශය බලන්න
- සමහරවිට මේ කියන්කේ ‘ජීවිත කැප කරන්න’ කියලා වෙන්නත් පුළුවන්
එන්නත් කිරීම එකම විසදුම බව මුල සිටම විශ්වාස කළා
- එන්නත් ගේන්න හදිස්සියක් නෑ යැයි එතුමාගේ අමාත්‍යවරු පැවසූ අතර ඇතැම් අමාත්‍යවරු හට්ටි මුට්ටි පැණිවලට මුල් තැන දෙමින් කටයුතු කළ බව අමතක වී ඇත
සයිනොෆාම් එන්නත සදහා ජාතික ඖෂධ අධිකාරිය අනුමැතියදීමට ප්‍රමාද වූ නිසා ජනතාවට දීම ප්‍රමාද වුණා
- එම අධිකාරිය එම අනුමැතිය දීම ප්‍රමාද කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඒ වනවිට හිමි වී නොතිබුණු නිසාය. එසේම නියමිත අවශ්‍ය දත්ත ද එම එන්නත සම්බන්ධයෙන් ලබා දීමට කටයුතු කළේ නැති බවට හේතු දැක්වීය.
මුළු රටේම පළාත් අතර සංචරණ සීමා පැණවීමු
- පළාත් අතර සංචරණ සීමා මැයි මස පැණෙව්වාත් හමුදාපති යළිත් එවැනි සීමාවක් පණවන බව පැවසුවා. එහි අදහස එය යම් වේලාවක ඉවත් කර තිබූ බවයි. ඒ කවදා ද කවුරුන් විසින් ද යන්න අදටත් අභිරහසකි.
අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් වැඩට කැදවන්න පියවර ගත්තා
- අසත්‍යය -- අගෝස්තු 6 වෙනිදා දින ජනාධිපති ලේකම් විසින් සියලුම රාජ්‍ය සේවකයින් වැඩට කැදවීමට අදාලව චක්‍රලේඛයක් නිකුත් කළා. එමගින් සියලු දෙනා රාජකාරියට පැමිණියා
සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා
- උදයංග වීරතුංග මැතිතුමා විසින් සංචාරක කර්මාන්තය නොවැටී තබා ගැනීමට සිදු කළ කැපකිරීම අමතක කිරීම වැරදිය
(පසුව මීට පරස්පර ප්‍රකාශයක් සිදු කළේය)
සෑම වටයකම රුපියල් බිලියන 5 ක් වියදම් කර සියලු දෙනාට රුපියල් 5000 ලබා දුන්නා
- දෙවෙනිවර වසා දැමීමේ දී 5000 ලබා දීම සීමිත පිරිසකට පමණක් සිදු කළා. සියලු දෙනාට එවැනි ගෙවීමක් සිදු කර නැත
නිරෝධායනය වන අයට 10,000 සහන මල්ලක් ලබා දීමට කටයුතු කළා
- හම්බුණාද
මෙය වැඩවර්ජන හා උද්ඝෝෂණ සදහා සුදුසු වේලාවක් නොව
- නමුත් පිළිගැනීම් හා සැමරුම් සදහා සුදුසු වේලාවකි
- උදා - බැසිල්ගේ දිවුරුම් දීම / නාවලපිටියේ මහින්දානන්ද ප්‍රීති උත්සවය
මිය ගිය බොහෝ අය එන්නත ලබා නොගත් අයයි
- එන්නත ලබා නොගත් අය නොවේ ‘එන්නත ලබා දීමට නොහැකි වූ අය‘ විය යුතුයි
විනාඩි 16 ඒකනම් හදාගන ලොකු දෙයක්
1. සිංහල භාෂාවෙන් පමණක් ජාතිය අමතන අතර ජාතික භාෂාව වන දෙමළ භාෂාව සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇත.
2. ආබාධිත පුද්ගලයින් අද ද නොදසලකා හැර ඇති අතර සංඥා භාෂාව සම්බන්ධයෙන් යළි යළිත් අවධානය යොමු නොකරමින් එම ජන කොට්ඨාශය ඩිස්ක්‍රිමිනේට් කර ඇත.