ජනපති දෙවන අබ්දුල්ලා රජු හමුවෙයි
මහින්ද රාජපක්ෂ මහතා සහ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද පැවත්වීමට නියමිතව තිබේ.
මෙරට වේලාවෙන් අද පස්වරු 2.යි 30ට පමණ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ පස්වරුවේ ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපළේ දී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.
අද දිනයේ ජෝර්දාන සංචාරය නිම කරන ජනාධිපතිවරයා පලස්තීනයට පිටත්ව යාමට නියමිතය.
එහිදී පලස්තීන නායක මොහොමඩ් අබ්බාස් සමඟ සාකච්ඡා කරන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා - පලස්තීන මිත්‍ර සංගමයේ සාමාජිකයන් හමුවීමට සැලසුම් කර ඇත.
පලස්තීනයේ හිටපු නායක යසර් අර්ෆත්ට උපහාර පිදීමේ අවස්ථාවකට සහ බෙත්ලෙහෙමේ සංචාරයකට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් වන බව වාර්තා වේ.
අනතුරුව ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වීමට නියමිතය.

Last edited: