ජනපති නමින් ඕකිඩ් මලක්

uditha224

Well-known member
  • ජනපති නමින් ඕකිඩ් මලක්

    ZSiO6vGk.jpg



    ජනපති නමින් ඕකිඩ් මලක්
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමින් සිංගප්පුරුව නව ඕකිඩ් විශේෂයක් නම් කරනු ලැබ තිබේ.

    එයට නම් තබා ඇත්තේ -ඩෙන්ඩ්‍රෝබියන් මහින්ද ශිරන්ති -ලෙසයි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිංගප්පුරු සංචාරයට සමගාමීව එම ඕකිඩ් විශේෂය ඒ නමින් නම් කර තිබේ.

    ප්‍රසිද්ධියට පත් කළ නව ඕකිඩ් විශේෂය අද පෙරවරුවේ ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවේ සිංගප්පුරු ජාතික උද්‍යාන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසිනි.

    සිංගප්පුරු ජාතික උද්භිත උද්‍යානයේදී දෙමුහුන් තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කරන ලද මෙම නව ඕකිඩ් විශේෂය නිර්මාණය කිරිම සදහා වසර 7ක පමණ කාලයක් ගත වී තිබේ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හෙට අනිද්දා අපේ රටට ඕකිඩ් මල් පිපෙයි මෙන් කියලා :lol: විදුලි බිල එහෙම ඉහළ නැග්ගාම කාට කාටත් ඒ මලේ ලස්සන බල බලා ඉන්න පුලුවන් වෙයි :angry::P