ජනපති පුතුගෙන් විනිසුරුට ප‍්‍රහාරයක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජනපති පුතුගෙන් විනිසුරුට ප‍්‍රහාරයක්

    RohithaR_410px_13_05_10.jpg

    නොබෝ දා පැවැති රගර් තරගයක් අතරතුර විනිසුරුවරයෙකුට පහර දුන් ජනාධිපති කණිටු පුත් රෝහිත රාජපක්‍ෂට එරෙහිව විනිය පරීක්‍ෂණයක් කරන්නැයි රගර් සංගමයට ලිඛිත දැනුම්දීමත් සමග රගර් විනිසුරුවන්ගේ ජීවිතවලට අනතුරක් මතු වී ඇතැයි වාර්තාවේ.
    මැයි 05 වනදා ශී‍්‍ර ලංකා රගර් සංගමයේ අනුමැතිය සහිතව කොළඹ හැව්ලොක් කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කර තිබූ ‘සත් සාමාජික රගර්’ තරගාවලියේදී නාවික හමුදාව හා පොලිසිය අතර තරගය අවසානයේදී මෙම පහරදීම සිදු වී ඇත.

    නාවික හමුදාව පරාජයට පත්වීමත් සමග උත්සාහක (Try) සඳහා ලකුණු අනුමත නොකිරීම නිසා නාවික පිලට ලබාගන්නට තිබූ ජයග‍්‍රහණය අහිමි වූ බව පවසමින් පරුෂ වචනයෙන් බැන වැදී ඇති රෝහිත රාජපක්‍ෂ, අදාළ තරග විනිසුරුවාට පහරදී තිබේ.

    පහර කෑමට ලක්වී ඇත්තේ දක්‍ෂ විනිසුරුවරයෙකු වන දිමිත‍්‍ර ගුණසේකර මහතාය. කෙසේ වෙතත්, අනෙක් විනිසුරුවන් මැදිහත් වී දිමිත‍්‍ර මහතා බේරා නොගන්නට ඔහු දරුණු ලෙස පහර කෑමට ලක්වන බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

    නරඹන්නන් දහස් ගණනක් අතර සිදු වූ මෙම සිද්ධිය ගොඩින් බේරා ගැනීමට උනන්දුවී ඇති නාවික හමුදා කණ්ඩායමේ නායක ජනාධිපති දෙටු පුත් යෝෂිත රාජපක්‍ෂ ඒ මොහොතේදීම රෝහිත රාජපක්‍ෂට කම්මුල් ප‍්‍රහාරයක් දී කැඳවා ගෙන ගොස් ඇත.

    කෙසේ වෙතත් පහර කෑ විනිසුරු නියෝජනය කර ඇති අනෙක් විනිසුරන් එතැන් සිට ඉදිරි තරග විනිශ්චය කිරීමෙන් ඉවත් වී තිබේ.

    මෙහිදී නැවතත් යෝෂිත රාජපක්‍ෂ මැදිහත් වී මෙය දිගින් දිගටම ගෙන යා යුතු තරම් ප‍්‍රශ්නයක් නොවන බැවින්, ඉදිරි තරගවල විනිශ්චය කටයුතු කරන්නැයි ඉල්ලා තිබේ.

    රෝහිත රාජපක්‍ෂගේ හැසිරීම තරගකරුවෙකුට කිසිසේත් නුසුදුසු වන බවත්, විනිසුරුවෙකුට ශාරීරිකව හානි සිදු කිරීම හෝ තර්ජනය කිරීම නීති විරෝධී බැවින්, අඩුම තරමින් ඔහු පැමිණ විනිසුරුගෙන් සමාව ගන්නේ නම් සලකා බලන බව තරග විනිශ්චයේ යෙදෙන විනිසුරන් දැනුම් දී ඇතත්, රෝහිත රාජපක්‍ෂ සමාව ගැනීම තරයේ ප‍්‍රතික්‍ෂේප කර ඇත.

    එහෙත් විවිධ බලපෑම් මත අවසානයේ පැයකට පමණ පසුව විනිසුරුවරුන්ට විනිශ්චයකට බැසීමට සිදුවී ඇත.

    කෙසේ නමුත් මේ පිළිබඳව විධිමත් විනය පරීක්‍ෂණයක් කොට සාධාරණ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් රගර් විනිසුරුවන්ගේ සංගමය, ශී‍්‍ර ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

    ඒ පිළිබඳව රගර් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ඔවිල් ප‍්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසූයේ, මෙවැනි සිද්ධි ඉදිරියට නොවීමට තරාතිරම නොබලා පියවර ගත යුතු බවත්, එය එසේ නොවුවහොත් රගර් විනිසුරුවන් ඉදිරි තරගවලට එක් කර ගැනීමේදී විශ්වාසයක් තැබිය නොහැකි බවත්ය.

    මේ පිළිබඳව ශී‍්‍ර ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගෙන් විමසූ විට ඔහු පැවසූයේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු වන බවත්, සතියක් පමණ වන විට එහි ප‍්‍රතිඵල නිකුත් කළ හැකි බවත්ය.

    රාජපක්‍ෂ පුතුන්ගේ පාසල් රගර් පුහුණුකරුවා වූ අසංග සෙනෙවිරත්න මහතා මේ තරම් දුර කී‍්‍රඩා හා ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ පැමිණ ඇත්තේ රාජපක්‍ෂවරුන්ගේ සහයෙන් බැවින්, කිසිදු පරීක්‍ෂණයක් සිදු වෙතැයි සිතීමත් ගැටලූ සහගත බව රගර් අභ්‍යන්තර ආරංචි මාර්ගවල අදහසයි.

    ආණ්ඩුව බරපතළ විවේචනයට ලක් කළ ලීඩර් පුවත්පත් සමාගම මිලදී ගනු ලැබූවේද අසංග සෙනෙවිරත්න මහතාය.




    source - srilankamirror
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුත්‍ර සමාගම වැඩ අල්ලලා ද?

    මළ පැනල විනිසුරුවරයෙකුට පහරදීම ඕනම තැනක වෙන්න පුළුවන් දෙයක් මුත් ජනාධිපතිවරයා ගේ පුතා එසේ නොකල යුතු යයි මම සිතමි.
    ඔහු ආදර්ශයක් විය යුතුය.

    නමුත් ඔහු ආදර්ශය වන්නේ මාලක වැනි ලෙසට යයි දැන් සිතේ.............
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පුත්‍ර සමාගම වැඩ අල්ලලා ද?

    මළ පැනල විනිසුරුවරයෙකුට පහරදීම ඕනම තැනක වෙන්න පුළුවන් දෙයක් මුත් ජනාධිපතිවරයා ගේ පුතා එසේ නොකල යුතු යයි මම සිතමි.
    ඔහු ආදර්ශයක් විය යුතුය.

    නමුත් ඔහු ආදර්ශය වන්නේ මාලක වැනි ලෙසට යයි දැන් සිතේ.............

    තාත්තා කලෙත් තමන්ට අවශ්‍ය විදියට තීන්දු දුන්නෙ නැති විනිසුරුවො විධායක වරප්‍රසාද වලින් ගහලා පන්නපු එකනේ..
    පුතා ඒකම අතින් පයින් ගහලා කරලා තියෙන්නේ..
    තාත්තා කරපු එක පුතා නොකලොත් අර මොකාගෙද පුතා කියලා කියනවනේ..
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පුත්‍ර සමාගම වැඩ අල්ලලා ද?

    මළ පැනල විනිසුරුවරයෙකුට පහරදීම ඕනම තැනක වෙන්න පුළුවන් දෙයක් මුත් ජනාධිපතිවරයා ගේ පුතා එසේ නොකල යුතු යයි මම සිතමි.
    ඔහු ආදර්ශයක් විය යුතුය.

    නමුත් ඔහු ආදර්ශය වන්නේ මාලක වැනි ලෙසට යයි දැන් සිතේ.............


    ක‍්‍රිඩාවේදි විනිසුරුවන් සමඟ ආරවුල් ඇතිවන බව සැබැය. නමුත් නියම ක‍්‍රිඩකයෙක් කියන්නේ ක‍්‍රිඩාවේ නීතිරිති වලට ගරු කරන්නෙක් විය යුතුයි. ජය පරාජය එක ලෙස විඳ ගැනිමට හැකියාව තිබිය යුතුය. රජතුමා වගේම කුමාරවරුන්ගේ ආකල්පය තමයි අපි තමයි හරි, අපි තමයි දිනන්න ඕනෑ කියන මතය

    මේ කුමාරවරු රජතුමා ඔටුනු පැළඳ සිටින අවධියේ සා/පෙළ, උ/පෙළ විභාගයන්ට පෙනි සිටියේ නම් ලක්දිවටම පළමුවැන්නා වි ආශ්චර්ය්‍යයේ අසිරිය ලොවට පෙන්වනු ඇත.
    :rofl::rofl::rofl:

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    මචංලා
    මනුස්සයෙකුට කෙල වෙලා යන්න කියලා දෙවියන්ගෙන් ඉල්ල එක වැරදියි
    ඒ වුනත් මේ වගේ තිරිසං හැත්තට (මුළු රාජපක්ෂ හොර පවුලටම) අපේ ඇස් ඉදිරිපිටම පඩිසන් දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    විනිසුරු තුමා උත්සාහක (Try) සඳහා ලකුණු අනුමත නොකිරීම තමා අතින් සිදු වූ බලවත් වැරද්දක් බවත් ..තමාට තම ගසා ගත් බවත්...සිදු වූ කම්පන නිසා මෙලෙස වැරදි ප්‍රකාශයක් සිදු කල බවත් නොබෝ දිනකින් විනිසුරු පවසනු ඇත...
    :confused::confused:
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචංලා
    මනුස්සයෙකුට කෙල වෙලා යන්න කියලා දෙවියන්ගෙන් ඉල්ල එක වැරදියි
    ඒ වුනත් මේ වගේ තිරිසං හැත්තට (මුළු රාජපක්ෂ හොර පවුලටම) අපේ ඇස් ඉදිරිපිටම පඩිසන් දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා

    siraa, kaalakanni rata kanawaa