ජනපති මහින්දට ඇමරිකාවෙන් සිතාසියක්

ජනපති මහින්දට ඇමරිකාවෙන් සිතාසියක්
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකානු අධිකරණයක් හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇති බව බී.බී.සී ලෝක සේවය වාර්තා කරයි.
මෙම සිතාසියට අනුව ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියහොත් ඒක පාර්ශිවික ලෙස තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇති බවත්,එවිට එය ජනාධිපතිවරයාට අවාසි සහගත විය හැකි බවත් පැමිණිල්ලේ නීතිඥයා වූ ඇමරිකානු නීතිවේදී බෲස් ට්‍රේන් පවසයි.
පසුගිය යුද සමයේ නීතියට පටහැණිව සිදුවූ බව කියන සිදුවීම් 3 ක් හේතුවෙන් අගතියට පත් ද්‍රවිඩ ජාතික පවුල් ත්‍රිත්වයක් විසින් මෙම නඩුව ගොනු කර තිබුණු බව බී.බී.සී මාධ්‍ය අනාවරණය කරයි.
ජනාධිපතිවරයාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අමෙරිකානු අධිකරණයක් විසින් මෙම සිතාසි නිකුත් කර තිබේ.
අදාළ ඝාතන වලට ආරක්ෂක අංශ ප්‍රධානියා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතු බව තීන්දු වුවහොත් ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් රටක ජනාධිපතිවරයාට හිමි පෞද්ගලික දේපළක් වෙත්නම් එය රාජසන්තක වීමේ අවදානමක් පවතින බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ඇමරිකානු නීතිවේදියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Ada Derana