ජනපති වෙන්න සිහින දැකපු කුඩු ව්‍යාපාරිකය

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ජනපති වෙන්න සිහින දැකපු කුඩු ව්‍යාපාරිකය

    ජනපති වීමට සිහින දුටු දුමින්ද සිල්වා



    DUMINDA%2527S-DREAM.jpg
    ටී.වී චැනල් එකකුයි මොබයිල් කම්පැනියකුයි තිබුනොත් ජනාධිපති වෙන හැටි දන්නවා

    ඉරිදා ලංකාදීපයට ප්‍රසන්න සෝලංගආරච්චි මහතා දුමින්ද සිල්වාගේ දේශපාලනය ගැන හෙළිකොට තිබුනේ මෙසේය.

    "ලකී අයියා ජීවත්ව ඉද්දී කියලා තියනවා මේ තැනැත්තා දැනට ඉන්දියාවේ සිටින තෙල්බාලා කියන පාතාල සාමාජිකයා හරහා මාලු පෙට්ටි වල සඟවලා තමා කුඩු ගේන්නේ කියලා. ලකී අයියා මෙවැනි ව්‍යාපාර ගැන දැනගන හිටියා.

    මගේ යාවජීව දේශපාලන ගුරුතුමා මහ පාරේ බල්ලෙක් වගේ මරලා දැම්මා. ගිනි අවි විස්සකට ආසන්න සංඛ්‍යාවක් පාවිච්චි කරලා තියනවා. මේ වැඩි සංඛ්‍යාවක් නීති විරෝධියි. එයා මගේ අම්මට පයින් ගැහුවා. ඒ අහිංසක අම්මා බිම දැම්මා. එයාට කවදාවත් මගෙන් සමාවක් නෑ

    ප්‍රජාත්‍රන්තවාදී රටක රටේ සම්මත නීතිය තුල කිසිම මිනිහෙකුට අයිතියක් නැති දෙයක් මෙයා කළා. එක්සත් ජනතා නිදහස සංධානයේ තබා කිසිම දේශපාලන පක්ෂයකය මේ පුද්ගලයා සුදුසු නෑ. ඔවුන් කිසිම දේශපාලන පක්ෂයක තියාගන ඉන්නව නම් ඒ පක්ෂය තුළ අපි කවුරුවත් අපේ යෞවනය කැපකරගන දේශපාලනය කිරීමත් සුදුසු නෑ.

    මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම සිටිය යුත්තේ හිර ගෙදරයි. යලි කිසිමදාක මෙවැනි සිදුවීමක් ලංකා ඉතිහාසයේ නොවිය යුතුයි.

    ලකී අයියා කවදාවත් හිතන්න නැතිව ඇති අර සමහර චිත්‍රපටිවල වගේ මෝඩඩ විදිහට තමන්ට වෙඩි තියයි කියලා. ලකී අයියා තමන්ට ආදරේ කලේ නෑ. එයා එයාව ආරක්ෂා කළේ නෑ. ඒකයි ඇඟ තිබුනට ඔලුවන් තිබුනට මොලයක් නැති මිනිහෙක් අතින් ලකී අයියට මැරෙන්න සිද්ධ වුණේ. එහෙත් මේ අවසාන සිදුවීම විය යුතුමයි" ඔහු කියයි

    දවසක් මේ සංවිධායක වරයා මට කතා කළා. අංගොඩ සුපර්මාර්කට් එකක් හදන්න ඕනේ බයර්ස් කෙනෙක් මම ඉන්දියාවෙන් ගේනවා කිව්වා. මම කිව්වා බොහෝම හොඳයි කියලා. එයාගේ ගෝලයන්ට ඕනෑ වුනේ මං සංවිධායකතුමාට සර් කියනවා දකින්න. ඒත් මං කවදාවත් එයාට සර් කියලා කතා කළේ නෑ.

    යට තට්ටුවේ පෙට්‍රල් ෂෙඩ් එකක්. ඊලඟට කඩ කාමර උඩම තට්ටුවේ ගෙවල් එහෙමයි මගේ ප්ලෑන් එක කියලා එයා කියද්දී මං ඇහුවා කඩකාමර දෙන්නේ කාටද කියලා.

    මං ඔයාට කඩ පහක් දෙන්නම් කිව්වා මට කඩ ඕනේ නෑ සුපර් මාර්කට් එක හදද්දී කඩ නැතිවෙන අයටයි මේ කඩ දෙන්න ඕනේ කියලා මං කියද්දී ආසන සංවිධායකවරයා කිව්වා නැහැ උන්ට දෙන්නේ නැහැ මේවා විකුණලා සල්ලි අරන් අපි බයර්ස්ලටත් දෙන්න ඕනේ කිව්වා

    මං ඇහුවා එහෙම කොහොමද එතකොට කඩ කරපු අයට මොකද වෙන්නේ ඒ මිනිස්සු හූල්ලයි ප්‍රශ්නයට උත්තරයක් නෑ කියලා

    එයා කිව්වා මං එයාව බලාගන්නම් කියලා. මං කිව්වා නෑ මං සභාපතිකමේ ඉන්නකම් ඕන වෙන්න දෙන්නේ නෑ කියලා

    ජනාධිපතිවරයා මහ මැතිවරණය පැවති කාල සීමා දෙක අතර කාලයේදී තවත් සිදුවීමක් වුණා.

    අපට කැඳවීමක් ලැබුණා. අපි ගිහාම මෙයා අපට කුණුහරපෙන් බැනගන බැණගන ගියා. බනින්නේ කාටද කියලා අප කාටවත් පැහැදිලි නෑ

    මං ඇහුවා ගරු සංවිධායක තුමනි කවුරුත් මීට පෙර අපට මෙහෙම කතා කරලා නෑ. කාටද මේ කතා කරන්නේ කියලා මුලින්ම දැනගන්න ඕනේ කියලා මම කිව්වා.

    ඕනෑ....කියලා මෙයා ආයෙත් කුණුහරපයක් කිව්වා. මං කිව්වා සංවිධායක තුමා මේ ධූරයට ආවේ ඉතා මෑතකදී අපේ පක්ෂයට ආවෙත් මෑතකදී. ඊට කලින් අපත් දේශපාලනය කළා කියලා.

    එතකොට එයා කිව්වා මේ ආසනයට වෙන එකෙක්වත් ගේන්න බෑ. ගෙනාවොත් මරණවා. ඔයා මට විතරයි වැඩ කරන්න ඕනෑ කියලා. අන්තිමට අපි මෙතනින් නැඟිටලා ගියා

    මේ දේශපාලකයා මට කීවේ මට ටී.වී චැනල් එකකුයි මොබයිල් කම්පැනියකුයි තිබුනොත් ලේසියෙන්ම ජනාධිපති වෙන හැටි දන්නවා කියලා.

    මං කිව්වා අපි ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ මිසක් පොල්පොට්ගේ ආණ්ඩුවේ නෙවෙයි ගෞරවයෙන් අපේ උදව් බාරගන්නවා නම් අපි උදව් කරන්නම් කියලා. මේ වගේ සිද්ධි නිසා තමයි එයා මගේ ලකී අයියාගේත් එක්ක හතුරු වුනේ" ප්‍රසන්න කියයි
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මහින්ද දුමින්දව නිදහස් කිරීමට සුදානම්

    date.png
    3:06 AM
    user.png
    Elakiri News
    comments.png
    No comments Email This BlogThis! Share to Twitter Share to Facebook http://www.blogger.com/share-post.g...641100&postID=6291769644357657897&target=buzz



    භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ ප‍්‍රධාන සැකකරු කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතා ‘අපරාධ වින්දිතයෙකු’ බවට පත් කිරීමේ කටයුතු මෙම සතියේ

    දුමින්ද සිල්වා හට යමක් කියවන විට අවබෝධ කර ගැනීමට හා එයට පිළිතුරුදීමට නොහැකි බවත්, ඔහුගේ මතකයේ ඇති යමක් පිළිබඳව කිසිදු මතකයක් නොමැති ලෙසත් ඔහු දැඩි මානසික ආතතියකින් පෙළෙමින් අසන දේ තේරුම් ගැනීමට නොහැකිව ජීවිතාන්තය දක්වා දැඩි මානසික ආබාධයකට ලක්ව ඇති බව මීළඟ නඩු දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ගොනු කිරීමට යන වැඩිදුර වාර්තාවේ සඳහන්ව තිබේ.

    මොහුගෙන් සිද්ධියක් පිළිබඳව ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි නිසා තවදුරටත් මොහු පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට නොහැකි වන හෙයින්ද ඉදිරිපත් වී ඇති සාක්‍ෂි අනුව එක එල්ලේම දුමින්ද සිල්වා සැකකරුවෙක් වශයෙන් පෙනී නොයන නිසාත්, ඉදිරි දිනයක අදාළ සියලූ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමටත්, මෙම ඝාතන නඩුවේ ආර්. දුමින්ද සිල්වා මහතාද ‘අපරාධ වින්දිතයෙකු’ වශයෙන් සලකා කි‍්‍රයා කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

    මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අතර මෙම නඩුව සම්බන්ධයෙන් මනා එකඟතාවයක් මේ වන විට ගොඩනැඟී ඇති අතර, අධිකරණයේ නිසි අවසරයකින් තොරව නීතිපති දෙපාර්තමේන්තුව සතුව තිබෙන ලිපි ලේඛණවල සියලූම ඡායා පිටපත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට ලබාදී තිබේ.

    පසුගියදා මෙම නඩුව කැඳවූ අවස්ථාවකදී මෙම ඝාතන විමර්ශන භාරව කටයුතු කරන පොලිස් පරීක්‍ෂක මෙරිල් රන්ජන් ළමාහේවාට මහේස්ත‍්‍රාත්වරයා විසින් ඔහු අධිකරණයේ නොමැතිවීම නිසා වරෙන්තුවක් නිකුත් කරන ලද අතර, පොලිස් පරීක්‍ෂකවරයා ඒ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සමග නීතීඥවරුන්ගේ ආපන ශාලාවේ තේ පානය කරමින් සිට ඇත. පසුව මහේස්ත‍්‍රාත්වරයාට ජනාධිපති නීතීඥවරයා විසින් නිල මැදිරියේදී කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව වරෙන්තුව නැවත කැඳවා තිබේ.​