ජනප්‍රියම ක්‍රිකටර්ස්ලගෙ සුප්‍රකට ජර්ස&#

7187962

Active member
  • May 30, 2014
    365
    143
    43
    ජනප්‍රියම ක්‍රිකටර්ස්ලගෙ සුප්‍රකට ජර්ස&#

    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කමිසය පිටිපස්සේ ඒ අයගෙ නමත් එක්ක තව අංකයකුත් සටහන් වෙලා තියනව කියල ඔයාල දන්නවනෙ. මේ අංක ක්‍රමය මුල් වරට හඳුන්වල දෙන්නෙ 1995දි ඕස්ට්‍රේලියාවෙදි පවත්තපු බෙන්සන් ඇන්ඩ් හෙජස් එක්දින තරඟාවලියෙදියි. මේ තරඟාවලියෙ මුල් තරඟයට සහභාගි වෙච්ච ශ්‍රී ලංකා කණ්ඩායමත්, බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමත් තමයි අංක සහිත ක්‍රිකට් කමිස ඇඳගෙන ක්‍රීඩා කරපු මුල්ම කණ්ඩායම් දෙක වෙන්නෙ.
    හුඟක් ක්‍රිකට් ක්‍රීඩකයො තමන්ගේ කමිසයට අංකයක් තොරාගනිද්දි විවිධ දේවල් සලකල බලනව. ඒ තෝරාගැනීම් පිටුපස රසවත් කතන්දරත් තියනව. ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ජර්සි අංක ගැන කටපාඩම් උනත් හුඟක් ක්‍රිකට් රසිකයින් මේ අංක පිටුපස සැඟවුණු කතන්දර ගැන වැඩිය දන්නෙ නෑ.
    අන්න ඒ නිසා අපි හිතුවා ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ අංක පිටුපස ඇති කතන්දර කිහිපයක් ඔයාලට ගෙනඑන්න.



    1. විරාත්කෝලි–අංක 18
    attachment.php

    විරාත් කෝලිගෙ ජර්සි අංකය වෙන අංක 18 පිටුපස තියනවයි කියන්නෙ තරමක් සංවේදී කතාවක්. විරාත්ව දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න එයාගෙ තාත්තා ගොඩක් සිහින දැකලා තියනවලු. නමුත් අවාසනාවකට විරාත් කෝලිට වයස 18 දි තාත්තා සදහටම මෙලොව හැරයනව. විරාත්ගෙ තාත්තා මිය ගිහින් තියෙන්නේ 2006 අවුරුද්දෙ දෙසැම්බර් 18 වැනිදාවක. ඉතින් තමන්ගෙ තාත්තට කරන උපහාරයක් හැටියටලු කෝලි අංක 18 භාවිතා කරන්නෙ.

    2. මහේන්ද්‍රසිංදෝනි–අංක 7
    attachment.php

    7 වගේ අංකයක් වාසනාව එක්ක බැඳිල තියන නිසා ක්‍රීඩකයෙක් අංක 7 තෝරා ගන්න එකේ ලොකු පුදුමයක් තියෙන්න බෑ. අපේ සනත් ජයසූරියගෙ අංකය උනෙත් අංක 7නෙ. හැබැයි එම්. එස්. දෝනි අංක 7 තෝරා ගන්න ඊට වඩා විශේෂිත තවත් කරුණක් තිබිල තියනවා. ඒ තමයි දෝනිගෙ උපන් දිනය යෙදෙන්නෙ ජූලි 7 වැනිදාවක වීම. 7 වැනි මාසෙ 7 වැනිදාවක උපන් දෝනිගෙ උපන් දිනයට අනුව ලැබෙන වාසනා අංකයත් 7ලු.

    3. ක්‍රිස්ගේල්–අංක 333
    attachment.php

    ක්‍රිස් ගේල්ගේ එක් දින තරඟ ජර්සි අංකය වෙන්නෙ අංක 45. හැබැයි ඔයාල දන්නවනෙ IPL වලදි ගේල්ගෙ ජර්සි අංකය වුනේ 333 කියල. මේ අංකයට හේතුව වෙන්නෙ 333 කියන්නෙ ගේල් ඉනිමකදි ගහපු වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වීමයි. ගේල්මේ 333 ගහන්නෙ වෙන කාටවත් නෙමෙයි. අපේ කණ්ඩායමටයි. ඒ 2010 අවුරුද්දෙදි.

    4. මුත්තයියාමුරලිදරන්–අංක 800
    attachment.php

    මුත්තයියා මුරලිදරන්ගේ එක් දින ජර්සි අංකය වුණේ අංක 8. හැබැයි පස්සෙ කාලෙකදි මුරලි IPL වල චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ගහද්දි එයාගෙ ජර්සි අංකය වුනේ 800. හේතුව දන්නවනෙ? මුරලි විසින් දවාගෙන ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව තමයි ඒ.

    5. මෝර්නේමෝකල්–අංක 65
    attachment.php

    දකුණු අප්‍රිකාණු වේග පන්දු යවන්නා වන මෝර්නි මෝකල්ගේ ජර්සි අංකය වෙන්නෙ අංක 65. ඒක වෙනස්ම විදිහේ හේතුවකට තෝරා ගත්ත අංකයක්. ඉතාම උස ක්‍රීඩකයෙන් වෙන මෝකල්ගේ උස වෙන්නෙ අඩි 6යි අඟල් 5ක්. මේ 6.5 කියන එක තමයි තිත අයින් කරල 65 හැටියට මෝර්නි ජර්සි අංකයට අරගෙන තියෙන්නෙ.

    6. කුමාර්සංගක්කාර–අංක 11

    අපේ විශිෂ්ට පිතිකරු සංගා මුල් කාලෙදි ජර්සි අංකය හැටියට තෝරගෙන තිබුණේ අංක 84. ඒ ඔහු ලංකාවෙ ටෙස්ට් වරම් ලැබපු 84 වැනි ක්‍රීඩකය නිසා. හැබැයි පස්සෙ කාලෙක සංගාගේ අංකය අංක 11ට මාරුවෙනව. මේ ගැන හුඟ දෙනෙක් මත පලකරන්නෙ අංක විද්‍යාවට අනුව අංක 11න් ප්‍රඥාව සංකේතවත් වෙන නිසා සංගාගේ තේරීමට එය හේතු වෙන්න ඇති කියලයි.

    7. ඈෂ්වෙල්ප්‍රින්ස්–අංක 5+0

    හිටපු දකුණු අප්‍රිකාණු ක්‍රීඩකයෙක් වන ඈෂ්වෙල් ප්‍රින්ස් කියන්නෙ දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ නායකත්වය දරපු පළමු කළු ජාතික ක්‍රීඩකයා වනවා. ඒ වගේම ක්‍රිකට් ඉතිහාසයේ අමුතුම ජර්සි අංකයක් හිමි ක්‍රීඩකයෙක් හැටියටත් ප්‍රින්ස් ප්‍රසිද්ධයි. 5+0 හැටියට සටහන් වන අමුතු අංකයක් ප්‍රින්ස් තෝර ගන්නෙ නැසීගිය දකුණු අප්‍රිකාණු ක්‍රීඩක හන්සි ක්‍රොන්යේට උපහාරයක් හැටියටලු. ක්‍රොන්යේගේ ජර්සි අංකය වෙලා තිබ්බෙත් අංක 5යි.

    8. විරේන්ද්‍රෂෙවාග්–අංකයක්නෑ

    විරේන්ද්‍ර ෂෙවාග් කාලයක් ක්‍රීඩා කලේ අංක 44 යටතේයි. කරුණු කාරණා වාර්තා වෙන විදිහට ෂෙවාග් ටිකක් වැඩි පුර අංක විද්‍යාව සහ ජ්‍යොතිෂය පැත්ත ගැන විශ්වාස කරන කෙනෙක්ලු. අංක 44 එයාට අසුබ ඵල ගෙනෙන අංකයක් බවත්, අංක 0 හරි අංකයක් නැතිව ක්‍රීඩා කිරීම හරි වඩාත් සුබදායකය කියන විශ්වාසය මත තමයි ෂෙවාග් අංකයක් නැතිව ක්‍රීඩා කරන්නෙ. කොහොම වෙතත් ෂෙවාග් අංකයක් නැතිව ක්‍රීඩා කරන එක ගැන අයි. සී. සී එක ඒ කාලෙ සෑහෙන අප්‍රසාදය පලකරලත් තිබුණා.

    9. ෂේන්වෝන්–අංක 23

    අංක 23 කියන්නෙ ක්‍රීඩා ලෝකේ වාසනාවන්තම අංකයක් හැටියට සැලකෙන්නක්. ක්‍රීඩා ලෝකෙ දැවැන්තයො වෙච්ච ඩේවිඩ් බෙකම්, මයිකල් ජෝර්ඩන් සහ ලෙබ්‍රොන්ජේම්ස් වගේ ක්‍රීඩකයොත් තමන්ගෙ ජර්සි අංකය හැටියට තෝරාගෙන තිබුණෙ අංක 23යි. හැබැයි ෂේන් වෝන් කියන හැටියට එයා අංක 23 තෝර ගන්න හේතු වෙලා තියෙන්නෙ වෙනත් හේතුවක්. පාසැල් කාලෙදි ෂේන් වෝන් 19 න් පහල ඕස්ට්‍රේලියානු පාපන්දු කණ්ඩායමකට ක්‍රීඩා කරල තියනවා. ඒ කණ්ඩායමේ ෂේන් වෝන් දරපු අංකය තමයිලු අංක 23. ඉතින් 95 බෙන්සන් ඇන්ඩ් හෙජස් කුසලානෙදි මුල් වරට අංක තෝරා ගැනීමෙදි වෝන් පැනලා අංක 23 තෝර ගෙන තියනවා.

    10. මාලන්සැමුවෙල්ස්–අංක 730

    අපි කලින් කියපු ෂේන් වෝන් එක්ක ගේමක් ඇද ගත්ත මාලන් සැමුවෙල්ස්ට තියෙන්නෙත් අමුතු අංකයක්. ඒ තමයි අංක 730. සැමුවෙල්ස් මේ අංකය සහිතව ක්‍රීඩා කලේ බංග්ලාදේශ් ප්‍රිමියර්ලීග් 20 විස්ස තරඟාවලියකටයි. මුදලට තරඟ පාවාදීමේ චෝදනාව යටතේ 2008 අවුරුද්දෙදි සැමුවෙල්ස්ට අවුරුදු 2 ක තරඟ තහනමක් පැණ වෙනව. ඉතින් ඒ තහනම නිසා තමන්ට ක්‍රීඩාවෙන් ඈත් වෙන්න සිද්ධ වුන කාලය සංකේතවත් කරන්න තමයි සැමුවෙල්ස් අංක 730 තමන්ගෙ ෂර්ට් එකට යොදාගෙන තියෙන්නෙ.

    11. යුව්රාජ්සිං–අංක 12

    යුව්රාජ් සිංත මන්ගෙ ජර්සි අංකය හැටියට අංක 12 යොදා ගන්න හේතුව වෙලා තියෙන්නෙ ඒක එයාගෙ උපන් දිනයට අනුව ලැබුණ වාසනා වන්ත අංකයක් නිසයි. යුව්රාජ් ඉපදිලා තියෙන්නෙ දෙසැම්බර් 12 වැනිදාවක. ඉතින් 12 වැනි මාසෙ 12 වැනිදාවක උපන් නිසා දෝනිකලාවගේ මතමන්ගෙඋ පන්දිනයේ අංකය වෙච්ච 12 යුව්රාජුත් තමන්ගෙ ජර්සියට යොදාගෙන තියනවා.

    12. ඒ.බී. ඩිවිලියර්ස්–අංක 17

    දකුණු අප්‍රිකාණු නායක ඒ බී ඩිවිලියර්ස් තමන්ගෙ අංකය හැටියට අංක 17 තෝර ගන්න හේතු දෙකක්ම බලපාල තියනව. එකක් තමයි ඩිවිලියර්ස් ඉපදිලා තියෙන්නෙ පෙබරවාරි 17 වැනි දාවක වීම. දෙවැනි හේතුව තමයි 2004 අවුරුද්දෙදි ඩිවිලියර්ස් තමන්ගෙ පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරල තියෙන්නෙ දෙසැම්බර් 17 වැනිදාවක වීම.


    13. හාර්ඩික්පාණ්ඩ්‍යා–අංක 228

    තුන් ඉරියවුවෙන් කැපීපෙනෙන ඉන්දියානු ක්‍රීඩකයෙක් වෙච්ච පාණ්ඩ්‍යාගේ නම වගේම එයාට හිමි අංකයත් ටිකක් අමුතුයි. පාණ්ඩ්‍යා අංක 228 තමන්ගෙ අංකය හැටියට තෝරගන්න හේතුව තමයි ඒක එයා ක්‍රිකට් ජීවිතේ ඉනිමකදි ගහපු වැඩිම ලකුණු සංඛ්‍යාව වීම. අවුරුදු 16 න් පහල තරඟයකදි බැරෝඩා කණ්ඩායම වෙනුවෙන් තමයි පාණ්ඩ්‍යා මේ ඉනිම ක්‍රීඩා කරල තියෙන්නෙ.

    14. රාහුල්ඩ්‍රාවිඩ්–අංක 19

    ඉන්දියාවෙන් බිහිවුණු විශිෂ්ටම පිතිකරුවෙක් වුන රාහුල් ඩ්‍රාවිඩ්ගේ අංකය වුනේ අංක 19යි. හුඟක් ඉන්දීය ක්‍රීඩකයො වාසනාව ගැන හිතල අංක තෝර ගත්තට ඩ්‍රාවිඩ්ගේ අංක 19 පිටු පස තියෙන්නෙ වෙනත් හේතුවක්. ඒක තමයි 19 කියන්නෙ එයාගෙ බිරිඳගේ උපන් දිනය යෙදෙන දවසයි.




    Repost nam sorry
     

    Attachments

    • unnamed (1).jpg
      unnamed (1).jpg
      39.5 KB · Views: 756
    • unnamed (2).jpg
      unnamed (2).jpg
      34.6 KB · Views: 735
    • unnamed (3).jpg
      unnamed (3).jpg
      80.3 KB · Views: 735
    • unnamed (4).jpg
      unnamed (4).jpg
      33.8 KB · Views: 736