ජනප්‍රිය නිවේදකයා පුද්ගලයෙකුට පිහියෙන් &

May 25, 2018
43
18
0
ජනප්‍රිය නිවේදකයා පුද්ගලයෙකුට පිහියෙන් &

රජයේ ප්‍රධාන නාලිකාවක රාත්‍රී සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදකයකු විසින් වත්තල - එඬේරමුල්ල ප්‍රදේශයේදී
කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකර තිබෙනවා.

පසුගිය 9 වැනිදා මෙම නිවේදකයා සහ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු අතර ආරවුලක් හටගෙන තිබෙන අතර
එහිදී ඇතිවූ ගැටුමකදී මෙම පිහි ඇනුම සිදුකර තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එඬේරමුල්ල ප්‍රදේශයේ
පදිංචි 35 හැවිරිදි වසන්ත කුමාර ලියනගේ නමැති අයෙකි. ඔහු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර අදාල නිවේදකයා නිවසින් බැහැරව ගොස් තිබෙන අතර ඔහු කඩවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්
කරමින් සඳහන් කර ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු තමන්ට පහරදුන් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


eGmO3vW.jpg


z5U0lis.jpg


EdLKDOD.jpg