ජනරාල් මැයි 1දා නිදහස්?
සිරගතකොට සිටින හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතා ලබන මැයි 1දා නිදහස ලබන බව ඔහුගේ නායකත්වයෙන් යුතු ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි. ජනාධිපතිවරයා හා ටිරාන් අලස් මන්ත්‍රීවරයා අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ෆොන්සේකා මහතාට බන්ඳනාගාරයෙන් නිදහස් වීමේ අවස්ථාව උදාවන බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.
හිටපු යුද හමුදාපති ෆොන්සේකා මහතාට යුද අධිකරණය විසින් ලබා දුන් වසර දෙකහාමාරක සිර දඩුවම මෙම මස අගදී ගෙවා අවසන්වීමට නියමිතය. ෆොන්සේකා මහතාට එරෙහිව සුදු කොඩි නඩු තීන්දුවට
අදාළව සිරදඩුවමක් හිමි වී ඇතත් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සඳහා ඇප ලබාගැනීමේ හැකියාවක් පවතින බව එම පක්ෂයේ අදහස වී තිබේ. එසේම ජනාධිපතිවරණ සමයේදී හමුදා සෙබළුන් කිහිපදෙනෙකු නිල නොවන ආකාරයෙන් රඳවා තබා ගැනීමට එරෙහිව අධිකරණය තුළ විභාග වෙමින් තිඛෙන නඩුව සඳහාද ඇප ලබා ගැනීමට ටිරාන් අලස් මන්ත්‍රීවරයා මේ වනවිට නීතිඥයින් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී. සරත් ෆොන්සේකා මහතා මැයි 1දා නිදහස්වන බව ටිරාන් අලස් මහතාට හිමි ඉසිර ගුවන්විදුලියද අද වාර්තා කළේය.