ජනවහරින්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    අබරා සිල් ගත්තා වගෙයි

    ඉස්සර කාලේ අබරා කියලා
    මිනිසෙක් හිටියා.මේ අබරාගේ හාමිනේ පෝය
    දවස්වලට අටසිල් සමාදන් වෙන්න පුරුදු වෙලා හිටියා.
    ඉතිං එක දවසක් මේ අබරාටත් සිල්ගන්න උවමනා වුනා.
    ඒත් එයා කලින් සිල් අරන් නොතිබුන නිසා ඒ ගැන මොනවත්
    දැනගෙන හිටියේ නැහැ. ඉතිං එයාට ඕන උනා සිල්ගන්න විදිය
    දැනගන්න.එයා ඒ ගැන එයාගේ හාමිනේගෙන් ඇහුවා.
    “ආ....හාමුදුරුවෝ කියන කියන වචනේ
    තමනුත් කියන්න ඕනෙ...අබරාගේ
    හාමිනේ කිවුවා.

    ඉතිං ඔන්න දවස් ගත වෙලා ගිහින් පෝය දිනයත් ආවා. අබරා සුදු රෙද්දක් හැදගෙන සුදු
    සළුවක් පොරවගෙන පන්සලට ගියා. ගිහින් හාමුදුරුවෝ ඉස්සරහා හිටගත්තා. හැබැයි හාමුදුරුවන්ට
    වැන්දේ නැහැ. ඉතිං අබරා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය හාමුදුරුවෝ “ආවේ මොකටදැයි..
    අබරාගෙන් ඇහුවා. එතකොටම අබරාගේ කටිනුත් පිටවුනේ මොනවද දන්නවද?
    “ආවේ මොකටද? කියලා. ඔන්න ආයෙත් සැරයක් හාමුදුරුවෝ ඇහුවා
    “මොකද? උඹට පිස්සුද? එතකොට අබරා කියනවා “මොකද? උඹට පිස්සුද? කියලා.
    “ගනු කඹයක් මූ බැදලා දාන්න.... කියලා හාමුදුරුවෝ තරහෙන් කිවුවා. ඉන්පස්සේ අබරාත්
    කෝපයෙන් වගේ අර හාමුදුරුවන් කියපු වචන ටිකම කිවුවා. ඒත් ඒ වෙලාවෙම හාමුදුරුවන්ගේ අණ
    පරිදි ඇබිත්තයා ඇවිල්ලා අබරාට ගුටි බැට දීලා එලවා දැම්මා. වරක් හිස අත ගාමිනුත්, තවත් වරක්
    පිට අත ගාමිනුත්, තවත් විටෙක පපුව අත ගාමිනුත් ගාටමින් නිවස දෙසට එන තම ස්වාමියා
    දැකපු අබරාගේ හාමිනේ පුදුමයට පත්වුනා. “ඇයි බාන් බොලා හැමදාම කොහොම
    සිල් ගන්නවාද? අද එක දවසේ සිල් ගන්ට ගිහින් මගේ ඇට ඔක්කොම පොඩි වුනා
    සිල් ගැනිල්ලත් මහාම මහා බයානක වැඩක් නොවැ බැලින්නම්. .. අබරා
    කිවුවා. ඉන්පස්සේ තමන්ට වෙච්ච ඇබැද්දිය හාමිනේ එක්ක
    මුල ඉදන් අගටම කිවුවා. තම ස්වාමියාගේ අනුවන කම
    ගැන කවදත් දැනගෙන හිටි අබරාගේ හාමිනේ
    තෙල් බෙහෙත් ගල්වා ඔහුට සාත්තු කලා.

    ටිකක් දවස් යනකොට මේ කතාව ගම
    පුරාම පැතිරිලා ගියා. අබරාගේ හාමිනේගේ
    යෙහෙලියන්ගේ සරදම් වචන කොතෙකුත් ඉවසා
    ඉන්ට බැරි වුනත් තම සැමියාගේ අනුවණ කම ගැන සිතා
    ඔහුට අනුකම්පා කලා.ඒ විතරක් නෙමෙයි හාමුදුරුවන්
    ගැන ඇය බොහෝම කල කිරුනා. එතැන් පටන්
    ඇය සිල්සමාදන්වීමට යන ගමනත් නතර
    කලා.තමන්ට
    නුහුරු නුපුරුදු දෙයක්
    කරන්න ගිහින් අමාරුවේ
    වැටෙන අය දැක්කම මේ පිරුළ
    අපේ මතකයට එන්නේ නිරායාසයෙන්මයි.
     
    • Like
    Reactions: ruchira55

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,450
    113
    රූකඩ රාජ්ජේ

    දෙරණ නාන්න ගොඩක් කලින් මහින්ද නාගත්තෙ :P
    තාම වතුර පිහල ඉවර නෑ :P


    රජ වෙලා මාස 2ක් යන්න කලින් රූකඩ රජා (මෛත්‍රී) නා ගත්තේ.තවම නාල ඉවර නෑ හැබැයි.පටන් ගත්ත විතරයි.:lol::lol::lol::lol: