මම කියපු දේ හැම ටෙස්ට් එකටම අදාල වෙන දෙයක් නෙවේ,,මම කිව්වෙ පිටි න් ටෙස්ට් කරන්න වෙන අවස්ථා තියෙනවා,,ඒ වෙලාවට පිටින් කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ කියලායි,,,නැතුව ලෙඩාට ලියලා දෙන හැම ටෙස්ට් එකම පිටින් කරනවා වගේ කෙනෙක් හිතුවොත් ඒක වරදවා තේරුම් ගැනීමක්,,,
ලංකාවෙ GOV. හොස්පිටල් කීයෙන් කීයකද ටෙස්ට් හොඳට කරන්න පහසුකම් තියෙන්නෙ ,,සමහර පර්යන්ත ඒකකවල (Peripheral units) ලැබ් එකක් ඇත්තෙත් නැහැ,,සමහර ප්‍රාදෙශීය රෝහල්වල ( Divisional hospital) UFR විතරයි කරන්නා පුලුවන් වෙන්නෙ,, හැබැයි මේවයේ නේවාසිකව රෝගීන් ඉන්න පහසුකම් තියෙන්වා ,,එතකොට ලෙඩාට බෙහෙත් කරන්න ඕන කරන සමහර ටෙස්ට් නොකර ඉන්නද?
මැශින් තියෙන හොස්පිටල් වල උනත් හරියට Routine checking ,Calibration , වෙනවද? මම මේ කියන ඒවා අදාළ වෙන්න හැම හොස්පිටල් එකටම නෙව්යි,,,අන්තිමට ලෙඩාගෙ සාම්පල් එක දාලා ඩිස්කාඩ් කලාටත් පස්සෙ තම දන්නෙ ටෙස්ට් රිසල්ට් වැරදියි කියලා ,,ඒ වගෙ වෙලාවට Accuracy testing technician හැම ලැබ් එකක්ම ඉන්නවද? අන්තිමට ලෙඩාට කියනව මේ ටෙස්ට් එක පිටින් කරගන්න වෙන්නෙ කියලා ,,,සමහර වෙලවට ලෙඩාට විදලා තව පාරක් සාම්පල් එක ගන්න වෙනවා,,,එතකොට ලෙඩා කියනවා මට මුලින් කිව්ව නම් මන් මෙක පිටින්ම කරගන්නවනෙ ආයි පාරක් විදින්න ඕන වෙන්නෙත් නැහැනෙ කියලා,,,
මෙ දෙවල් තියරියට දාලා තර්ක කරන්න ඕනෙ කෙනෙකුට පුලුවන්,,,ඒ වුනාට ප්‍රැක්ටිකලි වෙන දෙ දන්නෙ කීයෙන් කී දෙනාද? පිටින් කරගන්න කියලා සමහර විට ලැබ් එකෙ නම කියන්නෙත් රිලයබිලිටි එක වැදගත් වෙන හින්දා මිසක් කාට හරි කොමිස් එන නිසා කිව්වොත් ඒක නොදන්න කමට කියන් කතවක්,, ISO/IEC 17025:2005 වගෙ ඉන්ටනැශනලි පිලිගත්තු ස්ටැන්ඩඩ්ස් තියෙනවා,,මෙ ස්ටෑන්ඩර්ඩ් වලට රිපොර්ට් දෙන ලැබ්වල reliability එක වැඩියි,,එතකොට පුලුවන්නම් පිටින් කරගන්න කියලා ලෙඩාට කියන්නෙ ලෙඩගෙ හොඳටම මිසක් කාටවත් සල්ලි හම්බු කරලා දෙන්න නෙවේ,,,
මම ආයෙමත් මතක් කරන්න කැමති මේ කියපු දෙවල් හැම ටෙස්ට් එකටම හැම හොස්පිටල් එකටම අදාළ නොවෙන විත්තිය,,,මට කියන්න ඕනෙ කලේ පිටින් පරීක්ශ්ණ කරන්න වෙන අවස්ථා තියෙනවා වලක්වන්න බැරි,,,ඒවා අවම කරගන්න එකයි කරන්න ඕනෙ ,,
කොහොමත් හොස්පිටල් වල පහසුකම් තියෙ නම් ටෙස්ට් පිටින් කරන්න බැහැ,,,ඒක රෙගුලාසියක්,,එහෙම කරනවා නම් ඒකට සාධාරණ හේතු තියෙන්න ඕනෙ,,,
මෙක මෙ සෞඛ්‍ය ඇමති අමුතුවෙන් නීති දාලා කියන්න ඕන දෙයක් නොවෙයි,,,සෞඛ්‍ය පරිපාලනය ගැන දන්නෙ නැති සාමාන්‍ය මිනිසුන්ට ලොකු දෙයක් කලා වගේ තෙරෙන්න ප්‍රකාශ නිකුත් කරනවා ,,අන්තිමට කරපු දෙයක් නැහැ,,තියෙන දේවල්ම උලුප්පල අරගෙන මිනිස්සු ගොනාට අන්දනවා,,