ජන්දේ ඉල්ලන්න නඩු කාරයෝ මොකටද ? UNP never learns the lesson

Aug 21, 2012
23
4
0
35
ජන්දේ ඉල්ලන්න නඩු කාරයෝ මොකටද ? UNP never learns the lesson

ජන්දේ ඉල්ලන්න නඩු කාරයෝ මොකටද ? UNP never learns the lesson

warawewa-judge-lanka.jpg

පුවතක් - එජාපයේ මහ ඇමති අපේක්ෂකයා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ ආධිකරණ විනිසුරු වරාවැව.

එජාපය මෙතරම් බංකොලොත් පක්ෂයක් බව තහවුරු වන්නේ වන්නේ මෙවැනි තීරණ නිසාය. පැරෂුට් කාරයන්ගෙන් ජන්ද දිනන්න බැරි පාඩම යූඇම්පීය තවම ඉගෙන ගෙන නැත. මේජර් ජෙනරල් (මට නම මතක නෑ) සහ රංජන් රාමනායකලා වැනි පැරෂුට් කරුවන් යොදා ජන්ද කරත් දිනුවේ නැත. 2010 ජනාධිපතිවරණයේදී ජෙනරල් ෆොන්සේකා පැරෂුට් එකකින් බැස්සුවත් දින්නේ නැත. ලංකාවේ ක්‍රමයට ගිහින් ඇමරිකාවෙදීත් තරු හතරෙ ජෙනරල් කෙනෙක් වෙන ඩේවිඩ් පෙට්‍රෞස් ජනාධිපති කරවන්න සූදානමක් තිබන තිබ්බට එයා ජනාධිපතිවරණ සටනට ආවේ නැහැ.

නඩු කාරයෝ විශ්‍රාම ගියාම වෙන රස්සාවක් කරන්න බැරි නීතියක් තියෙනවා. ඒක තියෙන්නේ ඔහු සේවය කරන කාලයේදී නඩු විසදිමේ ක්‍රියාවට ඒක අනිසි බලපෑමක් වෙයි කියල හිතාගෙන. ඒත් විශ්‍රාම ගියහම ජන්දේ ඉල්ලන්න බැරි නීතියක් නැහැ. නඩු කාරයෙක් විශ්‍රාම ගිහින් දේශපාලන පක්ෂයකින් ජන්දේ ඉල්ලුවොත් ඔහු රාජකාරී කරන සමයේ දීපු නඩු තීන්දු වල සුජාත භාවය(legitimacy) නැති වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. උතුරු නැගෙනහිර පලාත් වෙන් කරන නඩු තීන්දුවෙන් පස්සේ සරත් එන් සිල්වා ජේවීපී එකේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙනවා කියලා රාවයක් පැතිරීම ඊට උදාහරණයක්. ජෙනරල් ෆොන්සේකාගේ නඩුවේදී වෙනත් මතයක් දරපු එකම විනිසුරුවරයා තමයි වාරාවැව. එතකොට එයා විපක්ෂයෙන් ජන්දේ ඉල්ලනකොට නඩු තීන්දුවේදී ඔහු දරපු මතයේ සුජාත භාවය අභියෝගයට ලක් වෙනවා

ඒ කෙසේ වෙතත් මිනිස්සුන්ට ඕනේ ඉගෙනගත්ත නඩු කාරයෝ නෙවී. මේ මෝඩයන්ට ඕනේ සරම කැහැපොට ගහ ගන්න පුළුවන්, බුළත් විඩක් කන්න පුළුවන්, ‍රැජිනි කාන්ත්ට වගේ ‍රැවුල තියන හයියෙන් කුණු හරුපයක් කියන්න පුළුවන්, ගමේ චණ්ඩියා මොඩ්ල් එකේ පුද්ගලයන්වයි.


යමක් කමක් තේරෙන යාපනේ උන්ටනං හොදයි නඩු කාරයෝ.

ඉතිරිය කියවන්න http://misterhyde-theotherhalf.blogspot.com/2013/07/unp-never-learns-lesson.html