ජනාදිපතිවරනයට පසු - අකිල විරාජ් ප්‍රකාශය...

  • Dec 18, 2013
    535
    98
    28
    ජනාදිපතිවරනයට පසු - අකිල විරාජ් ප්‍රකාශය...

    UNP එව්න්ගේ මානසිකත්වය.... මුන් තියෙන ටිකත් නැති කරගන්නවා....


    collage.png


    දේශපාලනය වාසියට ජාතිය-ආගම විකුණු පක්ෂය මෙවර ජයගෙන- අකිල
    “දේශපාලන වාසි ගැනීම වෙනුවෙන් ජනතාවගේ ආගම හෝ ජාතිය හෝ දඩමීමා කර ගැනීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය නොවුණ ද මෙවර ජනතාව
    තුළ ආගම, ජාතිය පිළිබඳ පටු දේශපාලන අදහස් කුළුගැන්වීමට කටයුතු කළ පක්ෂය ජය ලබා ඇතැයි ද එයත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරීයවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය තවදුරටත් අඛණ්ඩව පෙනී සිටිතැයි ද නිවේදනයේ සඳහන්ය. එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත.

    ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සහ ශ්‍රී ලාංකීය ජනතාව රජයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරමි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ යටතේ හංසයා ලකුණෙන් ජනාධිපතිවරණයට එක් වූ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙත සියයට 41.99ක ප්‍රතිශතයක් සහිතව ඡන්ද 5,564,239ක් ලබාදුන් ශ්‍රී ලාංකීය ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

    රට තුළ පැවැති ප‍්‍රජාතන්ත්‍රවාදයේ නිම්වළලු පුළුල්කොට, ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කරමින් අප විසින් ඇති කරන ලද නිදහස් හා සාමකාමී වාතාවරණය හේතුවෙන් මෙවර පූර්ව මැතිවරණ සමය තුළ, මින් පෙර අප අත්දුටු අමිහිරි අත්දැකීම්වලට මුහුණ දක්නට සිදු නොවූ බව ද වෙසෙසින් සඳහන් කළ යුතුය. එහෙත් මෙතෙක් අප විසින් රට තුළ උදා කර තිබු නිදහස් හා සාමකාමී වාතාවරණය විනාශ කරන අන්දමේ ඇතැම් අමිහිරි සිදුවීම් පිළිබඳ තොරතුරු ජනාධිපතිවරණය නිමා වූ සැණින් වාර්තා වෙමින් පවතින අතර, ඒ පිළිබඳ රටේ ජනතාව
    වෙනුවෙන් ඉතා කනගාටුවට පත්වෙමි.

    ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම වෙනුවෙන් ජනතාව ලබා දුන් තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පක්ෂයක් වශයෙන් නිහතමානීව පිළිගනිමු. දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රටේ ජනතාවගේ ආගම හෝ ජාතිය දඩමීමා කරගැනීම අප පක්ෂයේ ප්‍රතිපත්තිය නොවේ. එහෙත් අමතර මැතිවරණ ප්‍රතිඵලය මගින් පෙන්වා දෙන්නේ ජනතාව තුළ ආගම සහ ජාතිය පිළිබඳ පටු දේශපාලන අදහස් කුළු ගැන්වීමට කටයුතු කළ පක්‍ෂය ජයග්‍රහණය ලබා ඇති බවයි. ඒ සඳහා ජනමතය ගොඩනැගීමට දායක වන ඇතැම් පාර්ශව විසින් කටයුතු කළ ආකාරය ද නිවැරැදි හෝ සාධාරණ නොවේ.

    ජාතිවාදයෙන් තොර, ආගම් භේදයෙන් තොර ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් අප පක්ෂය සතු පැහැදිලි දේශපාලන දැක්ම හා වැඩපිළිවෙළ ජනතාවට අවබෝධ කරවීම දුෂ්කර වූයේ ද එම පාර්ශ්වකරුවන් විසින් ගෙන ගිය වංචනික ක්‍රියාකලාපය හේතූවෙනි. කෙසේ වුව ද නොබෝ දිනකින්ම ජනතාව මෙම ක්‍රියාදාමයන්හි සත්‍ය පසුබිම හඳුනාගනු ඇත.

    ජනාධිපති අපේක්ෂක ප්‍රේදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වකීය ඡන්දය ප්‍රකාශ කරමින්, ගත වූ වසර පහකට ආසන්න කාලය තුළ අප විසින් ක්‍රියාවට නංවන ලද සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස පෙනී සිටි සියලු ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් තවදුරටත් අඛණ්ඩව පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් අප පක්ෂය දිවිහිමියෙන් පෙනී සිටින බවත් සිහිපත් කරමි.


    Comments

    Minisathbawa· 3 hours ago

    සිංහලයා මෙවර ඡන්දය දුන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කල හැකි නායකයෙකුට මිස ඊනියා "සංහිඳියාවක්" පෙන්වමින් උතුරේ ජාතිවාදය වපුරා තම ඡන්ද ප්‍රතිශතය වැඩිකරගත් TNA, සජිත් ප්‍රමුඛ යූඇන්පී අන්තවාදී ලිබරල් නොව.

    පාස්කු ප්‍රහාරයෙන් මැරුනේ කතෝලිකයන් නොව ශ්‍රී ලාංකිකයන්ය කියා සිතුවේ සිංහලයායි. උතුරේ සහ මායිම් ගම්මානවල සිංහල දෙමල මුස්ලිම් මිනිසුන් බැටකද්දී සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් ලෙස දුටුවේද සිංහලයායි.

    අපි ආරාධනා කරනව දමිල සහ මුස්ලිම් සහෝදරයන්ට නැවතත්. එන්න ශ්‍රී ලාංකික වෙන්න. එක එක දේශපාලනික වර්ගවාදීනට හසු නොවී ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් වෙනුවෙන් පෙනී සිටිමු. දීන ජාතියක් නොවී දිනූ ජාතියක් වෙමු...

    Yasantha Perera· 1 hour ago

    සජිත් පැරදුනේ ඔහුගෙ අධිමානසිකත්වය නිසා, ගොන් බූරූ කතා නිසා, ඔහුගේ වේදිකාව රටේ අනාගතය පිළිබඳ ඉදිරි දැක්මකින් තොරවූ කයිවාරු මඩුවක් වූ නිසා, රටටම පිළිලයක් වූ අන්තවාදීන් ළං කරගත් නිසා, ගෝඨාභයට ගැසූ මඩ අවලාද අපහාස වැඩි වූ නිසා යන මේ සියළු කාරණා නිසයි. පරාජය හමුවේ වළිගය දෙපරංශය අස්සෙ ගහගෙන නිහතමානී වූ පලියට අපි කයි මයියොක්කා. දිනුවා නම් බලන්න තිබ්බා නිහතමානී කම. ඊළාම් සිතියමට පණ එන හැටි බලාගෙන ඉන්න තමයි අපිට වෙන්නෙ. Mr Akila, blame the fact that Sajith has no brains to understand how to lead a political party.

    කිරා· 4 hours ago

    සජිත් දෙමල චන්ද ගන්නකොට ආගම් බේද නෑ. සින්හලය සින්හලයට චන්දෙ දානකොට ආගම් , ජාති බේද. මාර තියරි නෙ. අවුරුදු 5 ක් බුල් කෙලලා ජනතාව #* ට පයින් ගහල එලෙව්වහම මෝඩ කතාත් කියනව තව. දෙමල චන්ද නැත්නමි සජිත් ට 25% ක්වත් චන්ද නෑ.

    සාන්ත· 2 hours ago

    වැඩක් නැහැ කියලා.
    දේශපාලන වාසියට මුං තමයි ජාතිය ආගම පාවලා දුන්නේ.
    මුංට මුක්කු ගැහුවෙත් මුස්ලිම් දෙමළ set එකනෙ
    ඒකනෙ ජාතිවාදය ආගම් වාදය කියන්නෙ.
    මුං හකීම්වයි, TNA එකයි ලංකර ගත්තේ සිංහල ජන්ද ගන්න වෙන්ටැති.

    දැංවත් උඹලා වැරදි කරලා අනුන්ට පටවන එක නතර කරපල්ලා.
    උඹල කියන කරන හැම එකක්ම හරි කියන ගොන්නු හිටියෙ 1960 ගනන් වල
    දැං මිනිස්සු තර්කානුකූලව හිතනවා.

    ඕකෙන් වෙන්නෙ උඹලට පැවැත්මක් නැති වෙන එක විතරයි

    රටවැසියන්· 3 hours ago

    මු වගේ ගොන් හරක් නිසා තමයි UNP එක මේ තරම් ජරා විදියට පැරදුනේ. තොපි තමා ජාතිවාදයට අනුබල දෙන්නෙ. ජාතිවාදී දෙමල මුස්ලිම් පක්ෂවල ඉල්ලීම් වලට තොපි එකග වෙලා තියනවා කියන එක චන්ද ප්‍රතිපලය දකින ඕන මෝඩයෙක්ට තේරෙන දෙයක්. තොපි වරද්දගත්ත තැන තමා මේ රටේ තාම බහුතරය සිංහල මිනිස්සු කියන එක අමතක කරපු එක. මේ රටේ සාමාන්‍ය දෙමල මුස්ලිම් ජනතාවට රට බෙදාගන්න අවශ්‍යතාවයක් නෑ. එක අවශ්‍ය වෙලා තියෙන්නේ අන්තවාදී දේශපාලන පක්ෂ වලට. නමුත් වෙලා තියෙන්නෙ උතුරු නැගෙනහිර ඉන්න සාමාන්‍ය මිනිස්සු හුදකලා වෙලා ඉන්නෙ. මේ අන්තවාදී දේශපාලන පක්ෂ එකෙ වාසිය අරගන ඒ මිනිස්සුන්ව උන්ගෙ පැවැත්ම වෙනුවෙන් පාවිච්චි කරනව. .

    ජයන්ත· 3 hours ago

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධය , අත් අඩංගුවට ගත් සැකකරුවන් මුදාගන්න බලපෑම් කල අය නොදැක්ක වගේ හිටියා. උතුරේ හාමුදුරු කෙනෙක්ගෙ ආදහණය කරන්න දුන්නෙ නැති අයට මොකුත්ම කලේ නෑ. දෙමල.ඡන්ද බලාගෙන නොදැක්ක වගේ හිටිය. මුහුදු මහා විහාරය විනාශ වෙන්න ඇරියා. සිංහල ජාතිය, බුද්දාගම කොන් කලා. ප්‍රකාශ නිකුත් කලා. ජනතාව ඒ සේරටම උත්තර දුන්නා. අනික අවු 5ක් යනකම් උඹල කරපු දේකුත් නෑ නේ. බෝඩ් ගැහුවා. අච්චු පොත් වල උඹලගෙ පින්තූර දදා හොරු අල්ලනෝ අල්ලනෝ කිය කිය උඹලා හොරකම් කර කර හිටියා. කොළඹ 7 වයින් බොන රෝයල් කල්ලියට මිනිස්සු න්ගෙ සිතුම් පැතුම් තෙරෙන්නෙ නෑ කියලා ඔප්පු වුනා.

    - ගොසිප් ලංකා නිව්ස් -
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Ko do volkswagen ???
    Ko do adumilata podi car ??
    Ko do free WIFI ??
    Ko do sanwardane ??
    Ko do allapu horu ??

    ..............
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටින්ට තම්බින්ට පුක දීල දීල උන්ගෙන් චන්ද 80% පන්නල අරගෙන සිහලයන්ට කියනව ජාතිය ආගම මුලික කර ගන්ඩ එපා කියල, නොදකින් පර හැත්ත, ගූ ඇන් පී එකේ ඉන්න තරමක් ඉන්නෙ ඕක වගේ පරයො...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    කොටින්ට තම්බින්ට පුක දීල දීල උන්ගෙන් චන්ද 80% පන්නල අරගෙන සිහලයන්ට කියනව ජාතිය ආගම මුලික කර ගන්ඩ එපා කියල, නොදකින් පර හැත්ත, ගූ ඇන් පී එකේ ඉන්න තරමක් ඉන්නෙ ඕක වගේ පරයො...

    :yes: :yes: :yes: