අනිවාර්යයෙන් එකඟයි.. එකඟ නොවෙන්න තියෙන එකම හේතුව ත්‍රස්තවාදය නැති කරල දාපු එක විතරයි.. ඒත් ඒක නැති කලේ කොහොමද ? ප්රභාකරන්ට කිසිම සම්බන්ධයක් නැති අහිංසක මිනිස්සු තොගයක් හමුදාව ලව්වල වෙඩි තියල දාල..
දැන් මටත් කියපං කොටිය කියල... උන් කොහොමත් ප්රභාකරන්ට කැමතිය ඒ නිසා මැරුවට කමක් නෑ උන් කොටි කියල..
කොටි වුනත් නැතත්, උන් ප්රභාකරන්ට කැමති වුනත් නැතත්, කතා කරන භාශාව පාට පොඩ්ඩක් වෙනස් වුනාට උනුත් අපි වගේම මිනිස්සු.. දකුණෙන් දෙමළ මිනිස්සු මරද්දි උන් ප්රභාකරන්ට ලං වෙන එක උන්ගෙ පැත්තෙන් බලපුවාම සාධාරණයි.. කරන්න ඕනෙ උන්ව බල්ලො බලල්ලු වගේ වෙඩි තියල මරල දාන එක නෙමේ.. උන්ව පුනරුත්තාපනය කරන එක.. ඒත් මහින්දය කලේ මොකක්ද.. හමුදාව ලව්වල උන්ව සමූළඝාතනය කලා..
යුද්දෙ කරද්දි සිවිල් වැසියො කිසිම කෙනෙක් නොමර යුද්ධ කරන්න බෑ තමා.. යුද්ද කරන්නෙ මැජික් බුලට් ජාතියකිං නෙමේනෙ.. එහෙම වෙච්චි එව්ව ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නෙ තියෙන්නෙ හිතාමතා මරල දාපු එකයි.. දැන් කියපල්ල රට බේරගත්ත හමුදාවට අපහාස කරනව.. තොගෙ අම්මට &^$&^#%$ කියල..
මහින්ද රාජපක්ෂ එහෙම කලේ නැත්තං ඇයි ඒ ගැන අපක්ෂපාතී පරීක්ෂණයකට භය ? හොඳයි ඔච්චර කොටිය කිය කිය උදේ හවා මතුරන මන්තරේ ඇත්තයි කියමු.. UN එකේ බැන්කි මූන් කියන්නෙ ප්‍රභාකරන්ගෙ සහෝදරයෙක්ය කියමු.. ඌ කොටියෙක් නම් ඇයි ලඞ්කාවෙ ස්වාධීන අධිකරණයකින්වත් පරීක්ෂණයක් කරන්න භය ? විමල් වීරවංශල වගේ උන් ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කල්ල දකුණෙ මිනිස්සුන්ව රවට්ටල තියෙන්නෙ.. යුධ අපරාද හිතා මතා කරල ඒක වහල දාන්න හදන එක මහින්ද කරන්නෙ... ජනාධිපතිවුනත් මොකා වුනත් කිසිම කෙනෙක්ට යුද්දෙකට සම්බන්ධ නොවිච්ච අහිංසක මිනිස්සුන්ට වෙඩි තියල මරල දාන්න අයිතියක් නෑ... අනික මේ වෙනකොට ලඞ්කාවෙ ස්වාධීන අධිකරණයක් ඇත්තෙත් නෑ.. හැම දේම මහින්දගෙ බලේට යටවෙලා... ඒ නිසා අනිවාර්යයෙන්ම UN එකෙන් මහින්දට විරුද්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෙ.. අනික මහින්දව අධිකරණය ඉදිරියට පැමිණෙව්වත් මිනී මැරුව ඈවරයි දෑවරයි තුන් ඈවරයි එල්ලන්න කියල තීන්දු දෙන්නෑනෙ.. මහින්ද යුධ අපරාද නොකල නම් අනිවාර්යයෙන් සාක්ශි ඉදිරිපත් කලහැකි.. නීතීඥයො උගෙ පැත්තට ගත්තහැකිනෙ.. නිර්දෝශියි නම් අනිවාර්යයෙන් බේරෙනවනෙ.. මහින්ද දන්නව පරීක්ශණයක් කලොත් කෙලවෙනව කියල ඒ නිසා කරන්න දෙන්නෑ..
අනික වැලිවේරියෙදි, වතුර ඉල්ලල පාරට බැහැපු මිනිස්සුන්ට හමුදාව දම්මල ජීව උණ්ඩ වලිං වෙඩි තියල මැරුවෙ.. මහින්ද යුධ අපරාද කලා කියන්න ඒකම මදිද ? දකුණෙ තමන්ගෙ ජාතියෙ සිඞ්හල මිනිස්සුන්ට හමුදාව උසිගන්නන්න පුළුවන් මහින්ද, එහෙම උසිගන්නල තුන් දෙනෙක්ව මරල දාපු මහින්ද, උතුරෙ මානව හිමිකම් කඩ කලේ නෑ කියල කියන්නෙ ඔළුවෙන් හිටගෙනද ? අනික කෝ වැළිවේරියෙ සිද්ධියට සාදාරණේ ? UN එක කොටියෙක් කියන උගත් මහත්තුරු කී දෙනෙක් නවනීදන් පිල්ලෙගෙ වාර්තාව කියෙව්වද ? වැලිවේරියෙ සිද්ධියෙ පරීක්ෂණයක් කලා, උන්ට දඬුවම් කලා කියල මහින්දය මාධ්‍ය වලිං කියෙව්වට ඒ වාර්තා කිසිම එකක් ප්‍රසිද්ධියට පත් කල්ල නෑ.. ලඞ්කාවෙ මිනිස්සුන්ව කොච්චර පහතට දාලද කියල ඒකෙන්ම හිතාගත්තෑකිනෙ.. මහින්ද තේරුං අරං තියෙන්නෙ ලඞ්කාවෙ මිනිස්සුන්ව රවට්ටන්න බොරු වාර්තාවක්වත් ඕනෙ කරන්නෙ නෑ, දඬුවම් කලා කියල විතරයි වාචිකව කිව්වාම ඇති කියල... මේකද ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ ? මෙහෙම මහ දවාලෙ නගරයක් මැද්දෙ මානව හිමිකම් උල්ලංගනය කරපු මහින්දද උතුරෙ මානව හිමිකම් රැක්ක කියන්නෙ ?
ඔය තරම් යහපාලනයක් ලඞ්කාවෙ ගෙනියනවනම් ඇයි මහින්ද ජාත්‍යන්තර පරීක්ෂණයකට භය ? අඩුම ගානෙ රජයෙන් කරන අපක්ෂපාතී පරීක්ෂණයකටවත් ? ඇයි UN එකෙන් කියන විදිහට කියන තැන් වල හාරල බලන්න මහින්ද ඉඩ දෙන්නෙ නැත්තෙ ? මහින්ද රාජපක්ෂ මේ තරම් ත්‍රස්තවිරෝධී නම්, රටට ඔය තරම් ආදරේ නම් ඇයි මහ කොටින්ව ඔඩොක්කුවෙ දාගෙන නලවන්නෙ ? ඇයි විමල් වීරවංශල, මර්වින් සිල්වල, චම්පිකල, දුමින්දල වගේ සන්ධානෙ ඉන්න උගත් බුද්ධිමත් ඇමතිවරු නවනීදන් පිල්ලෙගෙ වාර්තාවෙ රජය කොටින්ව රකිනව කියල කියල තියෙන චෝදනා ගැන කතා නොකරන්නෙ ? උදේ හවා මානව හිමිකම් රැක්ක රැක්ක රැක්ක කිය කිය අයි ටී එන් එකෙයි ජාතික රූපවාහිනියෙයි මතුරල ගොබෙල්ස් න්‍යායට අනුව මිනිස්සුන්ව අන්දල තියෙන්නෙ.. යුද්දෙ කරන්න උදව් කරපු ආදාර දීපු ඇමරිකාවත් කොටියෙක්.. බිම්බෝම්බ ඉවත් කරන්න ආදාර කරන ඇමරිකාවත් කොටියෙක්.. මහින්දගෙ අම්මට ජයවේවා කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ...
වැලිවේරියෙදි මහින්දගෙ ත්‍රස්තවාදී උණ්ඩ වලට බිලි වී අකාලයේ සමුගත් තිදෙනාට සාදාරණයක් ඉටු කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ නම් සාඨක ත්‍රස්තවාදියාව ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය කරන පූර්ණ සහයෝගය ලබා දෙමි..