ජනාධිපතිගේ සහය කාටද ?

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජනාධිපතිගේ සහය කාටද ?


anura_d.jpg
මෙවර මහ මැතිවරණයේදී ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන, විශ්වාසය තැබිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත්කර යවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

ඒ මහතා පෙන්වාදුන්නේ මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකයින් පවා පක්ෂ මාරු කරන තැනට පක්ෂ මාරු කිරීමේ පිළිකුල් සහගත දේශපාලනය වර්ධනයවී ඇති බවයි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

මේවන විට ග්‍රාමීය මට්ටමින්, ඡන්ද පොල මට්ටමින්, ඡන්ද පොල ආරක්ෂා කිරීමේ කමිටු පිහිටුවීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය කටයුතු යොදා තිබෙනවා. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම, ඡන්ද ගණන් කි‍රිමේ කටයුතු අධීක්ෂණය කිරීම සදහාත් වැඩ පිළිවෙල සකස්කර තිබෙනවා. එනිසා ආණ්ඩුව පසුගිය ජනාධිපතිවරණයේදී දාපු යම් යම් සෙල්ලම් මේ මැතිවරණයේදී දැමීමේ හැකියාව අවම කිරීමට අප හැකි හැම උත්සාහයක්ම ගන්නවා.

ආණ්ඩු හදන ක්‍රම දෙකක් තියනවා, පළමු ක්‍රමය බහුතර මන්ත්‍රී ආසන ගෙන ආණ්ඩුවක් පිහිටුවීම. අනෙක පාර්ලිමේන්තුව තුළ බහුතර මන්ත්‍රී සඛ්‍යාවක් එකතු කරලා ආණ්ඩුවක් පිහිටුවීම. අප මෙවර අවධානය යොමුකර තිබෙන්නේ ඒ කෙරෙහි. විශේෂයෙන්ම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විශාල අර්බුදයක් මතුවෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආක්‍රමණය කරන ලද පිරිස් තමයි මැතිවරණ ව්‍යාපාරයේ අද ඉදිරියෙන්ම ඉන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ මාදන්නා පරිදි ජනාධිපතිවරයා ගෙවල් දෙකකට ගියා. එක ගෙයක් තමයි රෝහිත බෝගොල්ලාගමගේ ගෙදර. අනික් ගෙය තමයි ධනසිරි අමරතුංගගේ ගෙදර. ජනාධිපති ඉස්සර කෑම කන්න යන ෆවුසිගේ ගෙදර මේ මැතිවරණයේදී ගියෙ නැහැ. ඒ නිසා මේකෙන් පෙන්නුම්කරනවා ජනාධිපතිවරයාගේ සහය අද කාටද කියලා. ඒ වගේම පසුගියදා අපි දැක්කා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වා මහතාගේ වේදිකාවල හිටියා. ඒ නිසා අද මැතිවරණ ව්‍යාපාරය පුරාම පෙන්නුම්කර තිබෙනවා ජනාධිපතිවරයා සහ රාජපක්ෂ පවුලේ උදවු උපකාර ලැබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට නොවන බව.

ඒ වෙනුවට විවිධ වරදාන තාන්න මාන්න දීලා හීලෑකරගත හැකි පිරිස් තමයි අද තමන්ගේ ප්‍රධාන ගෝලයින් බවට පත්කරගෙන සිටින්නේ. එනිසා මැතිවරණ කාලය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ යම් ගැටුමක් වර්ධනය වෙමින් තිබෙනවා. අප සිතනවා පාර්ලිමේන්තුව තුළ එය හොද තත්වයක් නිර්මාණය කරයි කියලා. අද එක්සත් ජනතා නිදහස් සන්ධානය තමන්ගේ පාර්ලිමේන්තු අපේක්ෂකයා කවුද කියලා කියන්නේ නැහැ. ඒ ගැටුම්කාරී තත්වය, එකිනෙකා අතර පවතින නොහොද නොහොක්කාඩු කම් යොදා ගෙන බහුතර මන්ත්‍රී ප්‍රමාණයක් දිනාගෙන ජාතික සංහිදියාවෙන් යුතු ආණ්ඩුවක් හැදීමේ අවස්ථාව තිබෙනවා.

ඒ සංහිදියා ආණ්ඩු‍ව යටතේ මේ රටේ සෞඛ්‍ය සේවාව, අධ්‍යාපනය, ජාතික සමගිය ගොඩනගන්න, මාධ්‍ය නිදහස තහවුරුකරන්න අපි බලාපොරොත්තුවෙනවා. ඒ සදහා යෝජනා 10කින් සමන්විත වැඩපිලිවෙලක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. එනිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රට ජාතිය පිළිබද කැක්කුමක් තිබෙන අ‍පේක්ෂකයින් පාර්ලිමේන්තුවට එවන්න කියා.

පසුගියදා ගම්පහ ප්‍රදේශයේ එක්සත ජාතික පක්ෂයේ අපේක්ෂිකාවක් ආණ්ඩුවට එක්වී තිබෙනවා. අ‍පේක්ෂකයින් පක්ෂය හැර යනවා නම් පත්වන මන්ත්‍රීවරුන් ගැන කවර කතාද? රට තුළ නරක දේශපාලන සංස්කෘතියක් ඇතිවෙමින් තිබෙන්නේ. එනිසා විපක්ෂය නියෝජනය කරමින් යායුතු වන්නේ ශක්තිමත් කණ්ඩායමක්. ඒ සදහා විශ්වාසය තැබිය හැකි පුද්ගලයින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පමණයි. අප සන්ධානය නියෝජනය කරන ජයන්ත කැටගොඩ, අර්ජුන රණතුංග සහ හමුදාවෙන් විශ්‍රාම ගිය බොහොමයක් ඉතාම දුෂ්කර තත්වයන් යටතේ මෙම මැතිවරණ ක්‍රියාවලියට එකතු වුණේ. එනිසා විශ්වාසය තැබිය හැකි පිරිසක් නියෝජනය කරන්නේ ජෙනරාල්ගේ සන්ධානයේ පමණයි.

මෙම මාධ්‍ය හමුව සදහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාද සහභාගී වූහ.

Dna03.jpg