ජනාධිපතිට දැඩි ජාත්‍යන්තර පීඩනයක්

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ජනාධිපතිට දැඩි ජාත්‍යන්තර පීඩනයක්

    පාර්ලිමේන්තුව කැඳවන්න’යි ඇමරිකාවෙනුත් ඉල්ලයි
    හර්ෂණ තුෂාර සිල්වා


    කතානායක කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත් කළ අතර ඉන් ඇති වූ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කළ දෙවැනි අවස්ථාව මෙය විය.
    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන්යි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉල්ලයි
    හර්ෂණ තුෂාර සිල්වා


    ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ ක්‍රියාවලියට ගෞරව කරමින් කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වන මානව හිමිකම් ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රැසකට අත්සන් තබා තිබේ.

    එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

    “ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ ක්‍රියාවලියට ගෞරව කරමින්, නීතියේ ආධිපත්‍යය පවත්වා ගනිමින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. සංයමයෙන් හා ඉවසීමෙන් කටයුතු කරමින් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාමකාමීව කටයුතු කරන්නැයි ද සියලු පාර්ශවවලට අවධාරණය කරනවා”.
    ජනපති හා තානාපතිවරු - මහ කොමසාරිස්වරු අතර හමුවක් හෙට
    (හර්ෂණ තුෂාර සිල්වා)

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මෙරට සිටින තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් අතර හමුවක් හෙට (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත යැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

    රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම හමුව කැඳවා ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හමු වූහ.

    මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි චීන තානාපතිවරයා ඔවුන් හමු වූ බව ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් කියැවිණි.

    ඊට පෙර රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද වැඩබලන තානාපති රොබට් හිල්ටන්, යුරෝපා සංගම් තානාපති තුන්ග් ලා මා, එක්සත් රාජධානිය, කැනඩාව , ඉන්දියාව යන මහ කොමසාරිස් කාර්යාලවල නිලධාරීන් සහ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර හමුවක් ද පැවැත්විණි.
    මෛත්‍රිපාල සිරිසේන වෙත මේ වෙනකොට ජාත්‍යන්තරයෙන් දැඩී පීඩනයක් එල්ල වෙමින් සිටී.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔබ ඇමතු දුරකථනය මේ මොහොතේ සම්බන්ධ කල නොහැක. කරුණාකර පසුව අමතන්න:rofl::rofl::rofl::rofl::rofl:

    ඔබ ඇමතූ ග්‍රහකයාට චාරයක් නොමැත කරැණාකර නැවත උත්සහ නොකරන්න (චාරයක් තියනවා නම් දෙපාරක්ම ආප්ප කාවියෑ)
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    :Dඅැමරිකාවෙන් අැවිත් ඕකුන්ව මරලා දානවනම් ලොකු දෙයක්..

    ඔව් ඔව් බන් ඇමරිකාවෙන් මග එනවලු පොනිල් හාමු ආයෙ අගමැටි කරන්න
    පව් බන් උබ නම් :lol::lol::lol::lol: