ජනාධිපතිතුමාගෙන් නව වසරට සුබ පැතුම

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
ජනාධිපතිතුමාගෙන් නව වසරට සුබ පැතුම

සුබවාදී ප්‍රාර්ථනා සපිරි නව වසරක් වේවා - ජනාධිපතිතුමාගෙන් නව වසරට සුබ පැතුම්
HE_pic.jpg

නව වසරක් උදා වෙන මේ මොහොතේ අප අනාගතය දෙස බලන්නේ අධිෂ්ඨානය, දැඩි කැපවීම හා සුභ බලාපොරොත්තු රාශියක් පිළිබඳ නැවුම් හැඟීම් සමඟය. එබඳු සුබවාදී ප්‍රාර්ථනා ඇති කර ගැනීමට අවශ්‍ය නිදහසත්, සාමයත් අප මාතෘ භූමියේ මේ වන විටත් ගොඩනගා ගැනීමට හැකිවීම අප ලද විශාල ජයග්‍රහණයකි.

ඉදිරියේ අප වෙත ඇත්තේ අප රට ලෝකයේ ඉහළට ඔසවා තැබීමේ දැවැන්ත අභියෝගය යි. පංච මහා කේන්ද්‍රයන් පෙරටු කොටගත් සංවර්ධන ඉලක්කයන් වෙත යෝධ පියවර රාශියක් තබන වසරක් ලෙස මේ නව වසර අපි හඳුන්වමු. එසේ ම විජයග්‍රහණය ලැබීම සඳහා පසුගිය පස් වසරේ දී අප කළ කැප කිරීම් මේ වසරේ දී දෙගුණ තෙගුණ කළ යුතු බව මම විශ්වාස කරමි.

එමඟින් දශක තුනකටත් වඩා වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකික ජන ජීවිතයට අහිමි ව ගිය දේ යළි ඉක්මනින් ලබා දීම අප අරමුණ වේ. සැමට එක ලෙස ආර්ථික ප්‍රතිලාභ හිමිකර දී රටේ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට ලැබෙන සෑම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගැනීම මේ වසරේ අප ප්‍රාර්ථනාව ය.

මතෘ භූමිය එක්සේසත් කිරීමේ දී මෙන්ම රට සංවර්ධනය කිරීමේ දී වැදගත් ම සාධකය වන්නේ ජාතික සමගිය යි. එබැවින් සියලු විරසකකම් අමතක කොට එක් ව නැගි සිටිය යුතු කාලය එළඹ තිබේ. සහජීවනය අහිමි කිරීමෙන් ජනතාවත්, රටත් පෙරළිමට පෙළ ගැසී සිටින සියලු කුමන්ත්‍රණ පරාජය වන්නේ එවිට ය.

අපි දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කොට රටේ ජනතාව තුළ දැඩු අනෝන්‍ය අවබෝධයක් හා ර‍ට ගොඩනැගීම පිළිබඳ විශ්වාසයක් ගොඩනැගුවෙමු. වඩ වඩාත් එය තහවුරු කිරීම නව වසරේ අප ප්‍රාර්ථනා අතරට එක් කළ යුතුයි. එසේ ක්‍රියාකරමින් ලැබුවා වු නව වසර ජාතියේ විජයග්‍රාහී වසරක් බවට පත් කිරීමට සැමට ශක්තිය ධෛර්යය ලැබේවා යි මම ප්‍රාර්ථනා කරමි.
http://sandanaya.blogspot.com/2010/12/blog-post_3843.html
 

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
සමාජීය හා ආර්ථික ජයග්‍රහණයන් සඳහා ශ්‍රී ලාංකික අප සියල්ලන් ම අත්වැල් බැඳගත යුතුයි - අග්‍රාමාත්‍යවරයාගෙන් නව වසරට සුබ පැතුම්
PM_DM_jayaratna_1.jpg

'සමාජීය හා ආර්ථික වශයෙන් ඒ සියලු ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමට නම් නො බෙදුණු දේශයක, නො බෙදුණු ජාතියක් වශයෙන් ශ්‍රේෂ්ඨත්වයේ පරිපූර්ණ උදාර ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියල්ලන් ම අත්වැල් බැඳගත යුතු බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසයි.

මේ උදාවන්නේ සශ්‍රීකත්වයේ වසර බවත් වසරක් ගෙවී ගොස් නව වසරක් උදාව යනු ජීවිතය පිළිබඳ අලුතින් සිතන්ටත්, සිතුවිලි නව මානයකට රැගෙන යන්නටත් සොබාව දහම විසින් මිනිසුන් වෙත ලබාදෙන අගනා තිළිණයක් බව අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කරයි.

එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

'උදා වූ 2011 අභිනව වසර තුළ ශ්‍රී ලංකා‍වාසීන් වන සමස්ත ජනතාවටත්, පොදුවේ සඵල කරගත යුතු අපේක්ෂාවන් ද, තනි තනි පුද්ගලයන් ලෙස අත්පත් කර ගත යුතු ජයග්‍රහණයන් ද බොහෝ වෙතැයි මම සිතමි. පුද්ගලාර්ථය තුළ තම දියුණුව වෙත ළඟා වීමට අවැසි පසුබිම සලසා ගන්නා අතර ම ඒකීය රටක් හා එක ම ජාතියක් ලෙස යෝජිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවැසි ශක්තියක්, එකමුතුකම හා මාතෘභූමියේ ගරුත්වයත් ආරක්ෂා කර ගැනීමට අප මේ මොහොතේ තරයේ අදිටන් කර ගත යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' අනුව සශ්‍රීකත්වය කරා යන මාවතේ මල්ඵල නෙළන වර්ෂය ලෙස මෙම නව වසර හැඳින්විය හැකි බවත් එක් පසෙකින් රටතුළ මහා පරිමාණයේ ව්‍යාපෘති ආරම්භ කෙරෙන අතර අනිත් පසින් ඇරඹි ව්‍යාපෘතීන්හි භුක්තිය ජනතාව අතර බෙදීයාම ද මේ නව වසර තුළ සිදු වන බවත් තම විශ්වාසය බව බව ඒ මහතා පෙන්වා දෙයි.

2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය ද සැමරෙන 2011 වර්ෂය ලක්වැසියන්ට මෙන් ම ලෝවැසි බෞද්ධ ජනායාට ද වඩාත් සුවිශේෂි එකක් වන අතර, ඒ පෙරටු කොට සැබෑ බෞද්ධයන් ලෙස අර්ථාන්විත දිවි පෙවතකට හුරුවීමට ද අප සිහිතබා ගැනීම වැදගත් වේ. සර්ව ආගමික සංහිඳියාවක් තුළින් ජාතියක් ලෙස ක්‍රියාකළ යුතු අතර ඒ සඳහා වන අධ්‍යාත්මක ගුණ වගාවන් තම බැතිමතුන් අතර ප්‍රචලිත කරවීමේ පරම වගකීම සර්ව ආගමික පූජ්‍ය පක්ෂය වෙත පැවරෙන බව මම විශ්වාස කරමි.

ඔබ සැමට සුබ නව වසරක් වේවා.!

http://sandanaya.blogspot.com/2010/12/blog-post_31.html
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සුනිමල් ජයසිරි නොහොත් පොල් විපුලේ ලොග් වෙලා.අනේ යකෝ නියම windows8 නමෙන් වරෙන්කෝ.
 

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    kari ponnaya

    Mekige hati balapan. xxx star kenek wage. baduwa wenna awith
    minihath hangila nathi nisa athal ekak nathuwa athi
    :lol:
    me ballita aduma gane sinhalen katha karannawath bahane
    kari ponnaya tho mona pakek da hukanno,thope thaththa yuddeta giye na ne ponnayo,tho monada karala thiyenne,ponna wada karanne nathiwa,ponna katha kiyanne nathiwa idapan,pol hora
     
    • Like
    Reactions: BLACK MONEY

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    Mekige hati balapan. xxx star kenek wage. baduwa wenna awith
    minihath hangila nathi nisa athal ekak nathuwa athi
    :lol:
    me ballita aduma gane sinhalen katha karannawath bahane

    උඹ මහ කාලකන්නි හිගන්නෙක් නේ පරයො:growl::growl::growl::growl:
    උඹ වගේ අපතයන්ට තව ටික දවසකින් මෙව්වා විදවන්න වෙයි,,,
    තෝ නම් මහ ලෙඩෙක්,,,, කාලකන්නිකම බන් උඹලගේ,,
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    31st Night Special Show with ElaKiri Radio Team Members
    Brand new experience with ElaKiri Radio

    7.jpg


    WinAmp -http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.pls

    Windows Media Player
    - http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.asx

    Real Player
    - http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.ram

    Quick Time
    - http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.qtl

    Also Now You Can Keep In Touch With Our ElaKiri Interactive Radio! (Official Fan Page) On Facebook.


    We are gonna start radio @ 7.00 PM SL Time

    Feel the New Generation of Internet Radio.
    Make comments!
    ...............