ජනාධිපතිතුමාගේ අදහස

Jun 27, 2010
4
0
0
ජනාධිපතිතුමාගේ අදහස

13වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ජනවාර්ගික වශයෙන් වෙන් වූ පළාත් ඇතිවීමට හේතු වනු ඇත.

අතිගරු ජනාධිපති තුමාගේ අදහස

ජනවාර්ගික වශයෙන් ශ්‍රී ලංකාවේ පළාත් ඛෙදා වෙන්කිරීම ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිතුමා විසින් ඥාණාන්විතව ප්‍රතිෙක‍ෂප කර ඇත. එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපටා දැමීමෙන් අනතුරුව සියළු ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී වාතාවරණයක් නිර්මාණය කරමින් සිටින ඔහුට,රටෙහි උත්තරීතර පාලකයා වශයෙන් රටට වඩාත් උචිතවන්නේ කුමක් ද යන්න පිළිබඳව
පැහැදිළි තීරණයක් ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. 13 වැනි සංශෝධනය පිළිබඳ පුළුල් මහජන විවාදයන් විචාරණයකොට හා සැලකිල්ලට ගෙන ජනාධිපති තුමා විසින් මෙම ඥාණාන්විත තීරණය ගන්නට ඇත. 13 වැනි සංශෝධනය ක්‍රියාවට නැංවීමෙන් ජනවාර්ගික පළාත් නිර්මාණය වනු ඇති බවත්, එයින් මහජනතාව තුල නොසන්සුන්බවක් ඇති වනු ඇති බවත්, වැටහීමෙන් තොර හා අසන්තෝෂයෙන් සිටින ජනකොටසකට ඒ මගින් තවත් ත්‍රස්ත ව්‍යාපාරයක් ගොඩනැගීමට ඉඩප්‍රස්ථා ලැඛෙනු ඇති බවත් ජනාධිපති තුමා මනාව වටහාගෙන ඇත.

උතුරේ ජනවිකාස වෙනස්කම් කිසිවක් ඇති කිරීම තව දුරටත් ප්‍රතිෙක‍ෂප කළ ඔහු, ඒ ගැන විමසූ වාර්තාකරු ට කියා සිටියේ සිංහල බහුතරය සිටින කොළඹ නම් ජනවිකාස වෙනස්කම් සිදුවෙමින් පවතින බවයි. නැගෙනහිර මුස්ලිම් ජනතාව හෝ උතුරේ දමිළ ජනතාව හෝ කොළඹ ට සංක්‍රමණයවීම අවහිර නොකරන බවත්, රටේ තමන් කැමැති තැනක ජීවත්වීමේ අයිතිය සැමදෙනාට ම ඇති බවත් ටයිම් ඇමරිකානු සඟරාව සමග කළ සාකච්ඡාවක දී ඔහු පවසන ලදී.

ජනවාර්ගික සීමා මායිම්වලට අනුව අප රට ඛෙදිය යුතු ද?

1987 දී එවකට ජනාධිපති ව සිටි ෙජ්. ආර්. ජයවර්ධන මහතා ට තිබූ හමුදා තර්ජන යටතේ හඳුන්වා දෙනු ලැබූ ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරන්නට ඉන්දියාවෙන් බලපෑම් කළ පරිදි
ජනවාර්ගික සීමා මායිම් අනුව ශ්‍රී ලංකාව ඛෙදා වෙන් කළ යුතු නොවේ. වසර 1987 වන විට ශ්‍රී ලංකා රජය වත්මන් ආරක‍ෂක ලේකම් ලූතිනන් කර්නල් ගෝඨාභය රාජපක‍ෂ සහ මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා ඇතුළු අපේ කාර්යශ+ර ත්‍රිවිධ හමුදාවන් සමග එල්ටීටීඊ නායක (නැසීගිය) ප්‍රභාකරන් ග්‍රහණයට හසුකර ගැනීමට ඉතා ආසන්නව සිටියේ ය. එල්ටීටීඊ සංවිධානය පුහුණු කළ හා ඔවුන්ට ආයුධ සැපයූ ඉන්දියානු රජය එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමා හා පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීමේ උත්සාහයක යෙදෙමින් සිටි නිසා ශ්‍රී
ලංකාවේ කටයුතුවලට බලහත්කාරයෙන් මැදිහත් විය. ජනරාල් රණතුංග ට අනුව, එල්ටීටීඊ සංවිධානයට එරෙහිව හමුදා ප්‍රහාර නවත්වන ලෙසට බලපෑම් කළ ඉන්දියාව ගුවනින් පරිප්පු ඛෙදා, ශ්‍රී ලංකා රජයට මෙම ගිවිසුම අත්සන් කරන්නට බල කළේ ය.
 
Jun 27, 2010
4
0
0
ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම

1987 ජුලි 29 වැනි දින අත්සන් කරන ලද ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම මේ වන විට අවලංගු වී ඇති බැව් පෙනෙන්නේ ඉන්දියානු රජය විසින් එහි මූලධර්මයන් උල්ලංඝනය කිරීමට ප්‍රබලව හා ඉතා ඕනෑකමින් ක්‍රියාකර ඇති නිසා ය. ර්‍මූලධර්මයන් උල්ලංඝනය කිරීම යනු යම් ගිවිසුමක් යටතේ ඇති මූලික පොරොන්දුවක් එක් පාර්ශවයක් විසින් අනුගමනය කිරීමට අපොහොසත්වීම නිසා අනෙක් පාර්ශවයට එකී ගිවිසුම යටතේ ලැබීමට නියමිතව තිබූ සම්පූර්ණ වාසිදායක තත්ත්වය සැලකිය යුතු අන්දමින් අහිමිවීමයි”. ඉන්දියානු රජය ඕනෑකමින් ම ගිවිසුමට සහයෝගය නොදක්වමින් එහි බොහෝ වගන්ති කඩකරන ලදී. Cl. 2.16 (a) (e) වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ ඒකීයත්වයට ස්වෛරී භාවයට සහ ආරක‍ෂාවට අගතිකාරී ක්‍රියාකාරකම් සඳහා ඉන්දියානු භූමිප්‍රදේශය භාවිත නොකරන බව සහතික කිරීමට අදාළ පියවර ගැනීමට ද ඉන්දියාව අපොහොසත් විය. මෙම ගිවිසුම අත්සන්කිරීම මෙන් ම ඉන්දියානු හමුදාවන් ද එල්ටීටීඊ සංවිධානය විසින් නෙරපා හරින ලදී. එසේම, පසුගිය වසර 22 කාලයෙන් වසර 20ක් ම ඉන්ධන, අවි ආයුධ හා ඖෂධ ආදීය සපයමින් ඉන්දියාව විසින් එල්ටීටීඊ සංවිධානයට ද්‍රව්‍යමය සහයෝගය ලබාදෙන ලදී. තවද, ශ්‍රි ලංකාවට එරෙහිව ප්‍රසිද්ධියේ චෝදනා නගන්නට ටීඑන්ඒ හි දමිළ දේශපාලනඥයන් ට උඩගෙඩි දෙමින්, එල්ටීටීඊ සංවිධානයට තව දුරටත් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නියැලෙන්නට ද සහයෝගය ලබා දුනි.

දැන් මේ ගිවිසුම එය ලියා ඇති කඩදාසිය තරම්වත් නොවටිනා එකකි. එකී ගිවිසුම අත්සන් කළ සමයේ දී ඉතා කාලෝචිත අවශ්‍යතාවයක් ව පැවැති එල්ටීටීඊ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කිරීමේ කාර්යය මේ වන විට අප විසින් නිමකර ඇති බැවින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට කිසිදු නීතිමය හෝ වෙනත් හේතුවක් නොමැත. 1987 දී ඉන්දියානු රජය මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් යටත්කර ගැනීමට තීරණය කර ඇත්තේ එවකට ඉන්දියාවේ අගමැතිව සිටි රජීව් ගාන්ධිගේ මවට එකල ශ්‍රී ලංකාවේ ජනාධිපති ෙජ්. ආර්. ජයවර්ධන විසින් කළ අපහාසයක වෛරය පිරිමසා ගැනීමේ අභිප්‍රායයෙන් බැව් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණි.

ර්‍ශ්‍රී ලංකාවේ ජූනියස් රිචඩ් ජයවර්ධනගේ රජයට අවමන් කරන්නටත්, ඉන්දියන් සාගරයේ ශිෂ්ටතම බලයවන ඉන්දියාවේ කීර්තියට අගෞරව කිරීමේ ඵලවිපාකයන් පිළිබඳව හොඳ ඩමක් උගන්නවන්නටත් ය. ජයවර්ධන බටහිර පන්නයට ඛෙහෙවින් නැඹුරු ව සිටි අතර, ඔහු හැසිරුනේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය ඉගෙනගත් සමයේ කිසිදු නෙක මොන්රෝ ධර්මය කියවා නැති අයෙකු ලෙසයි. අපේ ම පිළිකන්නේ සිට ඔහු ඊශ්‍රායල හා ඇමරිකානු ජාතිකයන් සමග සුරතල් වූ විලාශය පිළිබඳව අපේ කිසිදු පැහැදීමක් නැත. ඉතින්, ජයවර්ධනගේ අහංකාරකම මට්ටු කරන්නට අපි ප්‍රභාකරන් හදා වඩා පෝෂණය කළා. එය හරියට ම ඩිකෑන් හි සික් නායක ජානයිල් සින්ග් බ්හ්න්දාන්වාලෙ වගෙයි” (ඉන්දියානු තානාපති එම්. කේ. භද්‍රකුමාර් විසින් ලියන ලද ප්‍රභාකරන්ගේ පිබිදීම හා පරිහානිය, 05-09-2009, නැෂනල් එක්ස්ප්‍රස්, මලයාසියාව).

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළේ ඇයි?

කෙන්යාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ෙජ්්‍යෂ්ඨ රාජතාන්ති්‍රකයෙකු මෙන් ම ගාන්ධි පවුල සමග කිට්ටු සබඳතා ඇති මෙම ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයට අනුව, 1987 අගෝස්තු මස කිසියම් දිනක ඉන්දියානු අගමැතිනි ශ්‍රීමතී ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ෙජ්. ආර්. ජයවර්ධන අතර කෙරුනු වැදගත් සාකච්ඡාවක දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉතා රළු පරළු ලෙස ඉන්දීය අගමැතිනිය ට සලකා ඇත. එවකට ඉන්දීය අගමැතිනිය වී සිටි ඉන්දිරා ගාන්ධි මැතිනියටත්, ආසියාවේ බලවත් ම ප්‍රජාතන්ත්‍රවාදයටත්, රාජ්‍යතන්ත්‍රයට පටහැනි ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙසේ හැසිරීම නිසා ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය තද බල ලෙස පළුදු විය. ජයවර්ධන රජය නැසීගිය සිරිමාවෝ බණ්ඩාරනායක (ශ්‍රි ලංකාවේ හිටපු අගමැතිනිය සහ ඉන්දිරා ගාන්ධිගේ වසර ගණනාවක මිතුරිය) ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේ දී ඊට මැදිහත්වීමටත් එය වළක්වාලීමටත් උත්සාහ දැරූ බව එම ආරංචි මාර්ගය පවසයි. දුරකථනයෙන් ජනාධිපති ජයවර්ධන ඇමතූ (වරක් නොව තෙවරක් ම) ගාන්ධි මැතිනිය, බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි නොකරන්නැයි ඉල්ලා ඇත. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇයට ඉතා අදාන්ත හා අප්‍රසන්න ලෙස කථාකොට, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවී තමන්ගේ වැඩක් බලාගන්නැයි පවසා ඇත.

මෙම තදබල වාචික දෝෂාරෝපණය මුල්කර ගෙන ගාන්ධි මැතිනිය පසු කලෙක එල්ටීටීඊ බවට පත් වු දමිළ තරුණයන් පුහුණු කිරීමට රෝ සංවිධානයට ඉඩ ලබා දුනි. වසර 32 කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ තිබූ මෙම අනවශ්‍ය ප්‍රශ්න, මරණ සහ විනාශයට මූලික වූ හේතුව එක්සත් ජාතික පක‍ෂය හා ශ්‍රි ලංකා නිදහස් පක‍ෂය අතර වූ පුද්ගලික එදිරිවාදිකම්ය. මෙම එදිරිවාදකම්වල ප්‍රතිඵලයක් ලෙස නැසීගිය ජනාධිපති ජයවර්ධනට පාඩමක් ඉගැන්වීමට උවමනා වූ එවකට ඉන්දියාවේ අගමැතිව සිටි ඇගේ පුත්, රජීව් ගාන්ධි එල්ටීටීඊ සංවිධානය හා තිබූ යුද්ධය නතරකරවීමට ඔහුගේ බලය භාවිත කරමින් දමිළ ජනයා ට ගුවනින් පරිප්පු ඛෙදන ලදී. නායකයන් දෙදෙනා අතර ඇති වූ මෙම වෛරයේ විපාක වශයෙන් ශ්‍රි ලංකාවට රුපියල් බිලියන ගණනාවක පාඩුවකුත්, 150,000 ට වැඩි ගණනක ජීවිත අහිමිවීමකුත්, එක් ජනාධිපතිවරයෙකු හා ශ්‍රී ලාංකික ඇමැතිවරු බොහෝ දෙනෙකු ඝාතනය වීමත් සිදු වූ අතර, ඉන්දියාවට සිය අගමැතිනි ශ්‍රීමතී ගාන්ධි සහ රජීව් ගාන්ධි මහතා (එල්ටීටීඊ ය විසින්) සහ ඉන්දීය සෙබළු 1,600 (ඉන්දියානු සාම හමුදාවේ) ක ජීවිත අහිමිවීමත් සිදු විය.
 
Jun 27, 2010
4
0
0
ඉන්දියාව මැදිහත්වීම් නොකළ යුතුය

ඉන්දියාව වැනි උතුම් රටක එවකට සිටි අගමැතිවරයා තමන්ගේ අසල්වැසි රටක ජනාධිපතිවරයෙකුට පාඩමක් උගැන්වීමට ත්‍රස්තවාදීන් පුහුණු කරමින් සහ බලය පැවරීමට කොන්දේසි ඉදිරිපත් කරමින් ක්‍රියාකළ ආකාරය විශ්ලේෂණය කරන සිහිබුද්ධියෙන් යුත්, උගත්, බුද්ධිමත් ඕනෑම පුද්ගලයෙකුට පෙනී යන්නේ එය ඉතා හාස්‍යජනක ක්‍රියාවක් බව ය. අපරීක‍ෂාකාරීව සකසන ලද ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම ඉතා දුර්වල අන්දමින් ලියූවක් බවත්, එය නීතියේ රීතියට අනුකූල නොවන බවත්, එම ගිවිසුමෙහි ඇති බොහෝ කොන්දේසි ඒකපාර්ශ්විකව ශ්‍රි ලංකා රජයට බලයෙන් පටවා ඇති බවත්, නීතිය (කොන්ත්‍රාත්) පිළිබඳ මනා දැනුමක් ඇති ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.

ශ්‍රි ලංකාවේ ඒකීයත්වය, ස්වෛරී භාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක‍ෂාකිරීම ගිවිසුමෙහි Cl 1.1 කොටසට අනුව සිදුවිය යුතු වුවත්, මෙම සම්මුතිය නැතහොත් ගිවිසුම මගින් ශ්‍රි ලංකා ජනාධිපතිවරයාට බලකර තිබුණේ උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාව සඳහා ඛෙදා වෙන් කළ ජනවාර්ගික පළාත් නිර්මාණය කිරීමටයි. නමුත් C1 1'4" 1'5 සහ 2.12 තෙක් දක්වා ඇති අනෙකුත් වගන්ති, C1 1'1 හි අඩංගුකර ඇති අපේක‍ෂාවන් සියල්ල උල්ලංඝනයකර ඇත. 4.5.1986 සිට 19.12.1986 දක්වා සාකච්ඡා කෙරෙන කොන්දේසි ඇමුණුමක් හෝ යාකිරීමක් ලෙස බැහැරකර ඇති බැවින් හා එය ගිවිසුමෙහි කොටසක් වශයෙන් මූර්තිමත් නොවන බැවින් ගිවිසුමෙහි වගන්ති අංක 2.15 මෞලික නීති උල්ලංඝනය කිරීමක් නිර්මාණය කරයි. සාමාන්‍ය රීතියට අනුව ගත් කළ මෙම සම්මුතිය හෝ ගිවිසුම ශ්‍රි ලංකා රජයේ නීතිය පිළිබඳ පුද්ගලයන්ගෙන් කිසිදු විමසීමක් නොකර, ඉතා අපරීක‍ෂාකාරී ලෙස සකස්කරන ලද්දකි. තවද, ශ්‍රි ලංකාව සමග තිබූ සාම්ප්‍රදායික මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ සද්භාවයෙන් ඉන්දිය රජය මෙම ගිවිසුම අවලංගු කළ යුත්තේ (ඒ වෛරයට හේතු පාදක වූ ජනාධිපතිවරයා ද මේ වන විට ජීවිතයෙන් සමුගෙන ඇති නිසා) ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති රාජපක‍ෂ මැතිතුමා ට උතුරේ සහ නැගෙනහිර ජනවාර්ගික සිමා මායිම් නිර්මාණය නොකර රටේ ජනවාර්ගික ප්‍රශ්නය නිරාකරණය කිරීමට ඉඩ සැලසිය යුතු නිසා ය.

ශ්‍රී ලංකාවේ ජනතාවට සුදුසු යැයි හැෙඟන අන්දමට තම රටේ අභ්‍යන්තර ආරවුල් තනිව විසඳාගැනීමට ඉඩ හැර, ආසියාවේ බලවත් ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වශයෙන් ඉන්දියාව ආදර්ශමත් ලෙස ක්‍රියා කළ යුතු ය.

රාජ්‍යතාන්ත්‍රිකයින් දේශපාලන අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතුයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති සී. රොමේෂ් ජයසිංහ 2009 ජුලි 8 වැනි දා සිය අදහස් දක්වමින් පවසා ඇත්තේ එල්ටීටීඊය පරාජය කළ ද, දේශපාලන විසඳුමක් ලබාදීමට ජනාධිපති
රාජපක‍ෂ බැඳී සිටින බැවින් දමිළ පළාත්වල බලය විමධ්‍යගත කිරීම සඳහා ඔහු 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනු ඇති බවයි. රොමේෂ් ජයසිංහ වැනි දක‍ෂ තානාපතිවරයෙකු ජනාධිපති තුමා නොවිමසා එවන් ප්‍රකාශයක් නොකළ යුතුව තිබුණේ ජනාධිපති තුමා විසින් 13 වැනි සංශෝධනය පිළිබඳ කිසිවෙකුත් කථා නොකළ යුතු බැව් 2009 ජුනි 30 වැනි දින ප්‍රකාශ කර තිබූ බැවිනි. 1987 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට අනුවර්‍"13 වැනි සංශෝධනය ඇතුළු තවත් දෑ” දමිළ ජනතාවට ලබාදීමට ජනාධිපති රාජපක‍ෂ පොරොන්දු වී ඇති බවට ඔහු කළ
ප්‍රකාශය ද නුසුදුසු වන්නේ 13 වැනි සංශෝධනය විවේචනය නොකරන්නැයි අවස්ථාවන් කිහිපයක දී ම ජනාධිපතිවරයා විසින් සියළුදෙනා ගෙන් ඉල්ලා තිබූ නිසා ය.

13 වැනි සංශෝධනය පිළිබඳ අවසාන තීරණයේ වගකීම තමා සතු බවත්, ඒ පිළිබඳ දරණ පෞද්ගලික අදහස් තම තමන් ලඟ ම තබා ගන්නා ලෙසත්, 2009 ජුනි 30 දින ජනාධිපතිවරයා විසින් දයාන් ජයතිලක සහ හේමන්ත වර්ණකුලසූරිය වැනි සියලූම දේශපාලන තානාපතිවරුන් ට උපදෙස් දී ඇත.

13 වැනි සංශෝධනයට විරුද්ධවන අය ඊලාම් රාජ්‍යයකට සහයෝගය දක්වන්නන් යැයි දේශපාලන පත්වීම් ලාභියෙකු වන තානාපති හේමන්ත වර්ණකුලසූරිය පවසා ඇත. ඔහු මේ
පත්වීම ලබන්නට පෙර, එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව සටන් කළ අයෙකු ලෙස අප කිසිවිටෙක හෝ හේමන්ත වර්ණකුලසූරිය ගැන අසා නැත. නමුත් ජනවාර්ගික සීමා මායිම් ඇතිවීම සහ වෙනම රාජ්‍යයක් ගොඩනැගීමට ඇති ඉඩකඩ වැළැක්වීමෙහි ලා 13 වැනි සංශෝධනය ක්‍රියාවට නැංවීමට තදින් ම එරෙහි ව සිටින අප බොහෝ දෙනෙකු පසුගිය වසර 30 පුරා අපේ පෞද්ගලික මුදල්, කාලය හා අපේ ශ්‍රමය වැය කරමින් මෙම එල්ටීටීඊ ප්‍රචාරක යුද්ධයට විරුද්ධව ක්‍රියා කළෙමු. අනාගතයේ අප රටට යම්කිසි දායකත්වයක් ලබාදීමට අදහස් කරන දේශප්‍රෙAමී ජනතාව අධෛර්්‍යයට පත්කරමින් තානාපති වර්ණකුලසූරිය මෙසේ අනවශ්‍ය ප්‍රකාශ කිරීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මා තංගල්ලේ පර්යේෂණ කටයුතුවල නිරතව සිටි සමයේ (ඔබේ උපන් ගම) මට හමු වූ ජනාධිපති උපදේශක සුනිමල් ප්‍රනාන්දු මහතා ඔබේ ඒ ප්‍රකාශයට එකඟ නොවනු ඇත. තානාපතිවරයෙකු වශයෙන් හේමන්ත ලද පත්වීම, ඊලමට විරුද්ධ ජනතාව ඊලමට සහයෝගය දක්වන්නන් හැටියට හුවා දක්වමින් ඔවුන්ට අපහාස කරන්නට ඔහුට අයිතියක් ලබා දෙන්නේ නැත.
 
Jun 27, 2010
4
0
0
13 වැනි සංශෝධනය - එය තවත් ට්‍රෝජන් අශ්වයෙකු විය හැකිද?

ර්‍13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම යුක්ති සහගත යැයි කියන ජනාධිපති තුමාගේ ප්‍රකාශයන් පිළිබඳව විශ්වාසය තැබීම ද නිරර්ථක ක්‍රියාවකි. 13 වැනි සංශෝධනය පිළිබඳව පරස්පර විරෝධී ප්‍රකාශයන් කරනුයේ ජනාධිපති තුමාත් ව්‍යාකූලව සිටින නිසා ය. ප්‍රාතිහාර්යයකින් මිස අන් කිසි ලෙසකින් හෝ මහජනයා එකමුතු කරන්නට 13 වැනි සංශෝධනයට කිසිදු හැකියාවක් නැත. එයට කළ හැකි එකම දෙය ජාතීන් ට අනුව මහජනතාව ඛෙදා වෙන් කිරීමයි. එය ඛෙහෙවින් වාසිදායක පදනමක සිට කෙරෙන තවත් ඊලාම් යුධ වටයකට මුල පිරීමක් වනු ඇත. 13 වැනි සංශෝධනය යනු එල්ටීටීඊය හමුදාමය වශයෙන් දිනා ගැනීමට අපොහොසත් වූ දේ ම දිනා ගැනීමේ සැලසුමකි.

13 වැනි සංශෝධනයේ සියලූ බල සහිත උතුරු පළාත් සභාවක (උපස) තත්ත්වය කෙබඳුවේදැයි මඳක් සිතන්න. සුපුරුදු වඩුක්කොඩායි පාසැල් ඛෙදුම්වාදීන් මැතිවරණය ජය ගැනීම හා උපස හි පාලනය සියතට ගැනීම කිසිවකින් හෝ නතරකර ගැනීමට නොහැකි වනු ඇත. ඔවුන් තවමත් එහි සිටින අතර, ඔවුන්ගේ භූමිකාව ඉතාමත් ක්‍රියාශීලී ය.සමහර විට දැන් එය වඩාත් ක්‍රියාශීලී විය හැක. උපස වේදිකාව මත ඔවුන් දමිළ ඊලාමය ගොඩනැඟීම ආරම්භ කරනු ඇත” (13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ සැබෑ හේතු, 2009 ජුලි 17 - දිල්රුක් කන්නන්ගර).

ඉහත සඳහන් කර ඇති අන්දමට ජනාධිපතිවරයා ව්‍යාකූල නැත. නමුත් තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, ඇමැතිවරුන් සහ වෙනත් දේශපාලනඥයන් 13 වැනි සංශෝධනය පිළිබඳව ඔවුන්ගේ මතිමතාන්තර පළ කිරීමෙන් හා ශ්‍රී ලාංකික පුරවැසියන් අතර අනවශ්‍ය කැළඹීමක් නිර්මාණය කිරීමෙන් ජනාධිපති තුමා ව්‍යාකූල තත්ත්වයකට පත් කරති.

මරා දමන ලද ප්‍රභාකරන්ගේ අඩුව පිරිමසන්නට ආනන්දසාගරී මහතා වැනි ටීඑන්ඒ සහ ටීයූඑල්එෆ් හි බොහෝ දමිළ නායකයන් තැත් කරති. ඔවුන් තවත් ප්‍රභාකරන් කෙනෙකු වී, පසුගිය වසර 30 පුරා ප්‍රභාකරන් දිනාගන්නට තැත් කළ ඊලාම් රාජ්‍යය ගොඩනගන්නට සිහින මැව්වද, අපේ නිර්භීත සෙබළු තම ජීවිත පූජා කළේ රට එක්සේසත් කිරීමටයි. 13 වැනි සංශෝධනය නැමැති ට්‍රෝජන් අශ්වයකු පාවිච්චියට ගෙන ඔවුන් උත්සාහ කරන්නේ ඊලම ලබාගැනීමටයි.

13 වැනි සංශෝධනය යනු කුමක්ද?

1988-05-24 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ප්‍රඥප්ති හා සහතික කරන ලද 13 වැනි සංශෝධනයේ සඳහන් වනුයේ, එක් එක් පළාත සඳහා පළාත් සභාවක් සංස්ථාපනය කිරීම සඳහා ප්‍රතිපාදන සැපයීමත එක් එක් පළාත සඳහා මහාධිකරණයක් සංස්ථාපනය කිරීම සහ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් සහ ඉංග්‍රිසි භාෂාව සම්බන්ධ කිරීමේ භාෂාවක් කිරීමයි. (මෙය පළාත් නවය (9) සඳහා ම බලපානවා ද නැති නම් උතුරු සහ නැගෙනහිරට පමණක් ද?).

මෙම සංශෝධනය කියවන විට උතුර හා නැගෙනහිර බැහැරකර පළාත් වශයෙන් සඳහන් වන්නේ මන්ද හා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව විය යුත්තේ ඇයි ද යන නියත බියක් මට දැනේ. මෙම සංශෝධනය කියවන, නීතියට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකු මෙය සැලකිල්ලට ගතයුතු අතර, මෙය පළාත් 9 ට ම බලපානවාදැයි ප්‍රශ්න කළයුතුව ඇත. අප මෙම 13 වැනි සංශෝධනය හෝ 13+ ක්‍රියාත්මක කර, වඩුක්කොඩායි තරුණයින් මෙම කාරණය මහාධිකරණයට ඉදිරිපත් කළහොත්, මුළු රට ම අපට අහිමි වනු ඇත. නීතිපතිවරයා මෙම 13 වැනි
සංශෝධනයට දැඩි අවධානය යොමු කළ යුතු කාලය දැන් එළඹ ඇතැයි මම සිතමි.

මෙම 13 වැනි සංශෝධනය රටේ නීතියට අනුව ඉතා විමසිල්ලෙන් විශ්ලේෂණය කළහොත්, රටෙහි ප්‍රධාන රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාව, පළාත්වල හා අධිකරණ පද්ධතියේ භාවිත
කිරීමෙන් බැහැරකර ඇති බවත්, සහ අනෙකුත් සියලූ නිළ කටයුතු සිදුකළ යුත්තේ දෙමළ භාෂාවෙන් හා සම්බන්ධ කිරීමේ භාෂාව වන ඉංග්‍රිසි භාෂාවෙන් (අවශ්‍ය නම් පමණක්) බවත්
සනාථ වනු ඇත.

සිංහල භාෂාව ප්‍රධාන රාජ්‍ය භාෂාව (මේ වන විට දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවකි) වී තිඛෙන තාක් කල්, අනෙක් පළාත්වල පළාත්සභා දෙමළ භාෂාව භාවිත කිරීම පිළිබඳව අප කලබල
විය යුත්තේ ඇයි දැයි බොහෝ දෙනා තර්ක කළ හැක. ව්‍යවස්ථාවේ ෂඪ වැනි පරිච්ඡේදයේ වගන්ති 18 සහ 19 ට අනුව සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා වශයෙන් පිළිගනු ලබන්නේ නම්, දෙමළ භාෂාව ර්‍ණවිශේෂිත” රාජ්‍ය භාෂාවක් ලෙසත් ඉංග්‍රිසි භාෂාව සම්බන්ධ කිරීමේ භාෂාව ලෙසත් මෙම සංශෝධනයට අඩංගු කිරීමට ඇති අවශ්‍යතාවය කුමක් ද?

නමුත් මෙම සංශෝධනය ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ දෙමළ භාෂාව පළාත්වල මෙන් ම මහාධිකරණයන්ගේ ද භාෂාව විය යුතු බවයි. එසේ නම් ආණ්ඩුකාරවරයා වන මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි හෝ වෙනත් ඕනෑම පළාතක ආණ්ඩුකාරවරයෙකු දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමේ හැකියාවෙන් යුක්ත විය යුතු ය. දිල්රුක් කන්නන්ගර සඳහන් කර ඇති පරිදි වඩුක්කොඩායි තරුණයින් පළාතේ කටයුතු අතට ගතහොත්, 80,000 ක් පමණ ජනතාවට හා 6,600ක් පමණ ක්‍රියාන්විතයේ සිටි පුද්ගලයින්ට ජීවිත අහිමි කරමින්, 25,000 පමණ ක්‍රියාන්විතයේ යෙදී සිටි පුද්ගලයින්ට තුවාල සිදුකරමින්, බොහෝ සිංහල හා දෙමළ පුරවැසියන් ඇතුළු දේපළ විනාශ කරමින් වසර 32ක් තිස්සේ ප්‍රභාකරන් සටන්කරමින් දිනා ගන්නට තැනූ ඊලම වඩුක්කොඩායි තරුණයන් විසින් දිනාගෙන, ඔවුන්ගේ ඊලාම් ධජය ඔසවනු ඇත. එවිට 13වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහයෝගය දැක්වු එල්ටීටීඊ හිතවාදී ඇමැති රාජිත සේනාරත්න පා.ම., ආචාර්ය විතාරණ, තානාපතිවරුන් සහ අවතැන් කඳවුරුවල සිටින අහිංසක දමිළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙලන අනෙක් සියලූදෙනාටම ඔවුන්ගේ ජයග්‍රහණය ගැන සතුටට පත්විය හැකි වනු ඇත.

ජනාධිපතිවරයා පැවසූ ආකාරයට සාමයේ නාමයෙන් හා සියලූ දෙනාටම ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතියේ නාමයෙන් ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික වශයෙන් පළාත් ඛෙදිය යුතු නොවේ.