ජනාධිපතිවරණයෙන් දිනා SJB ජනාධිපති යටතේ පළාත් පාලන මැතිවරණය පවත්වනවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රජය හිතන හිතන වෙලාවට, හිතන හිතන ආකාරයට තමන්ගේ කාල සටහන්වලට සුදුසුවන පරිදි මැතිවරණ සිතියම් නිර්මාණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බවත් මැතිවරණ සිතියම ජනාධිපතිවරයාගේ හෝ ඔහුට සහාය ලබා දෙන අයගේ අභිමතය පරිදි සකස් කිරීම වැරදි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    නමුත් රජය ගෙන ඒමට සූදානම්, නියමිත කාලයට ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයක් ලෙස පූර්ණ සහාය ලබා දෙන බවත් එය ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය අණපනත් රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ජනාධිපතිවරණ අභියෝගය බාර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (15) විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවකට එක් වූ අවස්ථාවේ දී ය.

    එසේ ම විපක්ෂයේ සියලු දේශපාලන බලවේග උපයෝගී කර ගෙන ජාතික ප්‍රතිපත්ති, ජාතික දර්ශනය මත කේන්ද්‍රගත වූ ගමනකට සූදානම් බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පත්තරවල සමාජමාධ්‍යවල විවිධ ප්‍රවෘත්ති සකස් නොකර ජනාධිපතිවරණය හරියට පවත්වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ය.

    තව ද එම ජනාධිපතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු යටතේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් හකුලා ගත් පළාත් පාලන මැතිවරණ පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරක්ෂිත කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

    ado @2osama pohottuwata mokada wenne????
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    පාලාත් පාලන චන්දේ අකුලපු පොනිලා ජනාධිපතිවරණයක් තියයි කීලා හිතනවද ?
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    පාලාත් පාලන චන්දේ අකුලපු පොනිලා ජනාධිපතිවරණයක් තියයි කීලා හිතනවද ?
    Samahara wita Oka aduma vote ganna eka president kiyala hada gani
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,621
    113
    Colombo, Sri Lanka
    මිනිස්සුන්ට මේ දැන් ඔය පළාත් පාලන චන්ද ඕනේ නැහැ. මිනිස්සු බලන් ඉන්නේ බඩූ මිල, ලයිට්, වතුර, ඉන්ධන බිල් අඩු වෙන්නේ කොයි වේලාවේද කියලා
     

    Similar threads