ජනාධිපතිවරණය-අපේක්ෂකයින්
COLOMBO (News 1st) : ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයින් 12 දෙනෙකු අද ඇප තැන්පත් කළේය.
ඒ, අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් චමල් රාජපක්ෂ , ජාතික ජනතා පක්ෂය නියෝජනය කරමින් මහේෂ් සේනානායක, පෙරටුගාමි සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව යන මහත්වරුන් ද වේ.
මීට අමතරව ස්වාධීන අපේක්ෂකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා අද දිනයේ ඇප මුදල් තැන්පත් කළේය.
ඒ, අනුව මේ වනවිට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේකෂකයින් සංඛ්‍යාව 33කි.
ඒ, අතර පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් 16 දෙනෙකු සහ ස්වාධින අපේක්ෂකයින් ලෙස 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් තුන්දෙනෙකු ද ඇප මුදල් තැන්පත් කර ඇත බව ය.
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ ලබන ඉරිදා මධ්‍යහ්න 12 අවසන් වේ.
මේ වනවිට ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව…