ජනාධිපතිවරණය වංචනිකයි, දූෂිතයි ප්‍රතිඵල

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    ජනාධිපතිවරණය වංචනිකයි, දූෂිතයි ප්‍රතිඵල

    ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දූෂිත හා වංචනික එකක් බැවින් තමන් එය පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරන්නේ යයිද, මෙම වංචනික ප්‍රතිඵලය අවලංගු කිරීමට හෝ නැවතත් ඡන්ද ගණන් කිරීමට හෝ පියවර ගන්නා මෙන් තමන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේ යයිද විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී අද (03) මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

    රත්නපුරේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල කාණුවකින් හමුවූ ඡන්ද පත්‍රිකා මිටියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා වෙත අද පෙරවරුවේ කරුණු දැක්වීමෙන් පසුව එම සාකච්ඡාව ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතා මේ බව පැවැසීය.

    එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා මෙසේද පැවැසීය.

    රත්නපුරයෙන් හමුවූ ඡන්ද පත්‍රිකා මිටියේ ඡන්ද 64 න් 27 ක්ම ඉතා පැහැදිලිවම හංසයාට සලකුණු කොට තිබූ වලංගු ඡන්ද වුවද ඒවා ප්‍රතික්‍ෂේප කොට තිබෙනවා. මෙවැනි ඡන්ද පත්‍රිකා විශාල ප්‍රමාණයක් පුළුස්සා ඇති අතර මේ එසේ නොපිලිස්සී ඉතිරි වූ මිටියක්. පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ද මෙවැනි දෑ සිදුවී තිබෙනවා. ගණන් කිරීමේ නිලධාරීන් වංචනිකව කටයුතු කර ඇති බවට රත්නපුරයෙන් හමුවූ මෙම ඡන්ද පත්‍රිකා මිටිය නිදසුනකි. හොර ඡන්දයක ව්‍යාජ ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශිත ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළි නොගන්නා අප කියා සිටින්නේ මෙම ප්‍රතිඵලය අවලංගු කරන ලෙසයි. නැතිනම් ඡන්ද යළි ගණන් කිරීමට නියෝග කරන ලෙසයි.

    විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ඉදිරිපත් කළ කරුණු වලට මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රතිචාර කුමක්වීදැයි මාධ්‍යවේදීන් විමසූ විට ෆොන්සේකා මහතා පැවසුවේ තමන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසූ බවය.
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    DSC_0810-In%201-600-2.jpg