ජනාධිපතිවරණය ❌ කොටියා 🐅 සහ බූරුවෝ 🐴 😂😂

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ජනාධිපතිවරණය ❌ කොටියා 🐅 සහ බූරුවෝ 🐴 😂😂

    දිනක් කොටියෙකු හා බූරුවෙකු එක්ව තණ කොළ මොන පාට දැයි වාද කරන්නට වූ හ.

    " තණ කොළ නිල් පාටයි" බූරුවා පැවසුවේ ය.

    " නෑ ..තණ කොළ කොළ පාටයි" කොටියා පැවසුවේ ය.

    මොවුන් දෙදෙනා ම තමන්ගේ මතය හරි යැයි දිගින් දිගටම තර්ක කරන්නට වූ හ. මෙම වාදය කොතරම් දුර ගියේ දැයි කිවහොත් එම ගැටලුව විසඳා ගැනීම සඳහා කැලයේ රජා වූ සිංහයා හමුවීමට දෙදෙනාම තීරණය කළෝ ය.

    කැලයේ මැද රාජ ලීලාවෙන් සිටි සිංහයා දුටු විගස ම කොටියාට වචනයක් හෝ පවසන්නට ඉඩ නොදී බූරුවා මහත් හඬින් කෑ ගසන්නට විය.

    " රජතුමනි, තණ කොළ නිල් පාටයි නේ ද? " බූරුවා ඇසුවේ ය.

    " ඔව්..තණ කොළ නිල් පාටයි " සිංහයා පැවසුවේ ය.

    "මේ මෝඩ කොටියා ඒක පිළිගන්නේ නෑ නේ...මට හොඳටම මල පැනලා ඉන්නේ..මූට හොඳ දඬුවමක් දෙන්න ඕන" බූරුවා පැවසුවේ ය.

    මෙය අසා සිටි රජතුමා කොටියාට වසරක සිර දඬුවමක් නියම කළේ ය. රජතුමාගේ තීරණයෙන් මහත් සතුටට පැමිණි බූරුවා මුළු වනය දෙවනත් කරමින් නටන්නට විය.

    කොටියා සිංහයා අසලට ගොස් මෙසේ ඇසුවේ ය.

    " රජතුමනි, තණ කොළ කොළ පාටයි නේ..? "

    " ඔව්..කොළ පාටයි" සිංහයා පැවසුවේ ය.

    " එහෙනම් ඉතින් ඇයි මට වසරක සිර දඬුවමක් දුන්නේ? කොටියා ඇසී ය.

    " තමුසෙට දඬුවම් කළේ තණ කොළ නිල් පාට හරි කොළ පාට හරි වෙච්ච එකට නෙමෙයි. තමුසේ වගේ නිර්භීත, බුද්ධිමත් සතෙක් මෝඩ බූරුවෙක් එක්ක වාද කරලා ඒක විසඳ ගන්න මෙතෙන්ට ආපු එකට" සිංහයා පැවසුවේ ය.

    ⭕ කතාවෙන් ගත හැකි ආදර්ශය

    2019 වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. ඔබ එහිදී සුදුසුම අපේක්ෂකයාට ඡන්දය දිය යුතු ය. එසේ නොකර මෝඩ බූරුවන් සමග වාද කරන්නට ගියහොත් ඊළඟ වසර පහේදී දඬුවම් විඳින්නට වෙන්නේ ඔබට ය. 😋

    කල්ප ගයාන් කවීශ්වර ගුණරත්නගෙ ෆේස්බුක් පිටුවෙන් කල උපුටා ගැනීමකි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    එක හරියටම දන්නෙ නැ
    හැම වෙලෙම තමා කොටියා අනිත් කෙනා බූරුව කියල තමා වැඩෙ යන්නෙ

    එතකොට මෙකේ ඉන්න බූරුවාේ ඔක්කොම තමුන් කොටියා කියලා හිතාගෙන තමයී වැඩේ යන්නේ.. රයිට්?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එතකොට මෙකේ ඉන්න බූරුවාේ ඔක්කොම තමුන් කොටියා කියලා හිතාගෙන තමයී වැඩේ යන්නේ.. රයිට්?

    ඔව් එහෙම තමා
    දැන් බූරුව කවුද කොටියා කවුද කියල හොයාගන්නත් අමාරුයි
    ඔයා උනත් මාව බුරුවෙක්ට දාලා ඇති. කමක් නැ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    ඔව් එහෙම තමා
    දැන් බූරුව කවුද කොටියා කවුද කියල හොයාගන්නත් අමාරුයි
    ඔයා උනත් මාව බුරුවෙක්ට දාලා ඇති. කමක් නැ
    පිස්සුද එහෙමත් කරනවද මං?
    ඔයා තමයී එහෙම කරන්නෙ :sorry: