ජනාධිපතිවරණය 2
ජනාධිපතිවරණය 2
බොහෝදෙනා බලාපොරොත්තුවෙන් සිටි අන්දමට ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයට කලින් පැවැත්වෙන බව ප්‍රකාශ කෙරී ඇත. ජනවාරි මස 26 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ කවුදැයි යන්න දැන ගැනීමට අංජනම් එළි බැලීමක් අවශ්‍ය නොවේ. වෙනත් කවුරු තරග කළත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වැළැක්‌විය හැකි නොවේ. අද ඒ මහතාට ඇති පිළිගැනීම ලංකාවේ වෙනත් කිසිම රාජ්‍ය නායකයකුට නොමැති වූ බව පැහැදිලිය.
විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා තෝරා ගැනීම දින කිහිපයකින් කල් දැමීමට සිදුවී ඇත. ජනාධිපතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් වී පැය විසිහතරක් ඇතුළත පොදු අපේක්‍ෂකයා කවුරුන් දැයි නම් කෙරෙන බවට විපක්‍ෂයේ සංධානය ප්‍රකාශ කර තිබූ නමුත් මේ ලිපිය ලියන මොහොත වන තෙක්‌ම එය සිදුවී නැත. ඇතැම් විට පත්‍රය මුද්‍රණය කරන අවස්‌ථාව වනවිට පොදු අපේක්‍ෂකයා නම් කෙරී තිබෙනු ඇත.
කලින් බලාපොරොත්තු වූ ආකාරයට ඊනියා පොදු අපේක්‍ෂකයා තෝරා ගැනීමට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ විපක්‍ෂයේ ප්‍රභාකරන් මස්‌සිනාලාගේ සංධානයෙහි පොදු එකඟත්වයක් නොමැති බවය. එජාපක්‍ෂයේ පවා පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳ මතභේද පැන නැගී ඇත. අවසාන මොහොතේ දී වුවත් සරත් ෆොන්සේකා මහතා තරගයෙන් ඉවත් වනු දැකීම අපේ පැතුම වෙයි. තමන් ඉදිරිපත් වන්නේ කාගේ කවුරුන්ද යන්න පිළිබඳව ෆොන්සේකා මහතාට අවබෝධයක් නැත්නම් ඒ ජාතික බලවේගවල අවාසනාවකි.
දේශපාලනයේදී අවාසනාවක් ආදී වචනවල තේරුම් නැතැයි කිසිවකුට කිව හැකිය. අවාසනාව ද යම් කිසි හේතුවක ප්‍රතිඵලයක් යෑයි ඔවුන් කියනු ඇත. එහෙත් සරත් ෆොන්සේකා මහතා ජාතික බලවේගයෙන් ඉවත්වීම පිළිබඳ සියලු කරුණු අප නොදන්න බැවින් දැනට ඒ ගැන පැවසිය හැක්‌කේ එපමණය. ඇතැම් විට ජනාධිපතිවරණයට විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වුවහොත් මේ කරුණු කවරේදැයි අනාවරණය වනු ඇත.
එහෙත් කිවයුත්තක් වෙයි. කිනම් හේතුවක් නිසා වුවද ෆොන්සේකා මහතාට අවුරුදු කිහිපයක සිට දේශපාලන වශයෙන් ගත් කළ නන්නත්තාරවී ඇති එජාපක්‍ෂ ප්‍රමුඛ නඩයට එකතුවීමට යුතුකමක් නැත. මේ නඩයට දැන් චන්ද්‍රිකා කුමාරතුංග ද එක්‌වී ඇති අතර ජවිපෙ ඒ සමග පෙළගැසී ඇත. ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට තරග කළහොත් මොවුන්ගේ එකතුවෙන් ඒ මහතාගේ ඡන්ද ප්‍රමාණය වැඩිම වුවහොත් දෙලක්‍ෂයකින් ඉහළ යනු ඇත. චන්ද්‍රිකා කුමාරතුංගට අද රටේ වික්‍රමබාහු කරුණාරත්නට වඩා ඡන්ද නැත.
සරත් ෆොන්සේකා මහතා එකතුවී ඇති නඩය මෙරට දේශෙද්‍රdaහී නඩය බව පුන පුනා කිවයුතු නොවේ. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ සුවච කීකරු නිවට සේවකයන් මෙන්ම ප්‍ර්‍රභාකරන්ට උතුර ලබාදීමට යෝජනා කළ අයද එක්‌වී රටට කළ කී දෑ ෆොන්සේකා මහතා නොදන්නවා විය නොහැකිය. ඔවුන් දෙදෙනා එකතු කරනු ලැබුවේ බිරිතානි නියෝජිතයා වූ ලියම් ෆොක්‌ස් විසිනි. බිරිතානිය මෙරට බෙදී වෙන්වී තිබූ විජාතික බලවේග එක්‌සත් කිරීමට යම් ප්‍රමාණයකට එක්‌සත් කෙළේය. රනිල් චන්ද්‍රිකා එක්‌කිරීම එහි කූට ප්‍රාප්තිය විය. ඉන්පසු බිරිතානියේ අවශ්‍යතාව නෝර්වේ මැදිහත්වී ඇති කෙරුණු රනිල් ප්‍රභාකරන් ඊනියා සටන් විරාම ගිවිසුම දක්‌වා සිදු වූ කරුණු ෆොන්සේකා මහතා නොදන්නවා නොවිය හැකිය.
තමන්ගේ සෙබළුන්ට සරම උස්‌සා පශ්චාත් පාර්ශ්වය පෙන්වා සමච්චල් කිරීමට මගපාදා දුන්නේ තම සෙබළුන් කඳවුරුවල අකර්මන්‍ය කෙළේත් රනිල් ප්‍රභාකරන් ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස බවත් ඒ ගිවිසුම මගින් බිරිතානියේ වුවමනාවට ප්‍රභාකරන්ට හා කොටින්ට උතුරු හා නැගෙනහිර පළාත් පාවාදීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළ බවත් සරත් ෆොන්සේකා මහතා නොදන්නේ යෑයි සිතිය නොහැකිය. ආණ්‌ඩුවෙන් සරත් ෆොන්සේකා මහතාට අසාධාරණයක් වන්නට ඇත. එහෙත් ඒ හේතුවෙන් ඒ මහතාට රනිල් චන්ද්‍රිකා හකීම් (අව) මංගල නඩය සමග එකතුවීමට බලපත්‍රයක් නොලැබෙයි. තමන්ට අසාධාරණයක් වී නම් සරත් ෆොන්සේකා මහතා කළ යුතුව තිබුණේ හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන එක්‌කෝ නිහඬව සිටීමය. එසේත් නැතහොත් ආණ්‌ඩුව විවේචනය කරමින් ආණ්‌ඩුවේ ජාති හිතෛෂී කටයුතුවලදී සහාය දීමය.
එහෙත් ඒa මහතා ජනාධිපතිවරණයේදී ලලිත් පෙරමුණෙන් හෝ වෙනත් පක්‍ෂයකින් හෝ තරග කළහොත් ඒ මහතාට ඉතිහාසයේ හිමිවනු ඇත්තේ කුණු කූඩය පමණකි. ඒ මහතා ගේ කැපකිරීම් දක්‍ෂතා ආදියෙන් දහසකින් එකක්‌වත් නැති අය මහින්ද රාජපක්‍ෂ මහතාගේ පිළේ සිට වාසි දිනාගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතාට නිග්‍රහ කරනු ඇත. ඇතැම් විට හිරිහැර කරනු ඇත. කොටි සංවිධානය පැරදවීමෙහිලා ඒ මහතා සිදු කළ කාර්යය තුට්‌ටු දෙකකට දමනු ඇත. මොවුන් සමහර දෙනකු චන්ද්‍රිකා කුමාරතුංගට පමණක් නොව ප්‍රේමදාසටද සේවය කළහ. ප්‍රේමදාස ජනාධිපති කොටින්ට ආයුධ සපයන විට, පොලිස් නිලධාරීන්ට යටත් වන ලෙස නියෝග කරන විට ඔව්හු ප්‍රේමදාස සමග සිටියහ. මොවුන්ට ඇත්තේ දේශප්‍රේමයක් නොව තනතුරු ප්‍රේමයකි. කිනම් ආණ්‌ඩුවක් බලයට පත්වුවද ඔවුහු තනතුරු දරති. කෙසේ වුවත් බල්ලන් සමග නිදාගත්තවුන් මැක්‌කන් සමග නැගිටින්නේ යෑයි කියමනක් වෙයි. දේශෙද්‍රdaහී නඩයක් සමග එකතුවීමෙන් සරත් ෆොන්සේකා මහතාටද මැක්‌කන් ලැබෙනු වැළැක්‌විය නොහැකිය.
සරත් ෆොන්සේකා මහතා මුහුණ සමග තරහවී නාසය කපා ගැනීමට සැරසෙයි. අද ඒ මහතාගේ ක්‍රියාව දෙපැත්තක සිට වාසි ලබා ගැනීම සඳහා දෙමළ ජාතිවාදීන්, රාජ්‍ය නොවන බැළයන් හා බටහිර ක්‍රියාකරනු පෙනෙයි. මේ වන විට ඊබට් පදනම වැනි ප්‍රසිද්ධ ඊනියා රාජ්‍ය නොවන විදේශීය ආයතන මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව තරග කරන අයකුට ආධාර කරන බව පවසා ඇත. සකල විධ විජාතික බලවේග අද නැවත වරක් එක්‌වී ඇත. ඒ සියල්ලෝම ආණ්‌ඩුවට පහරදීම සඳහා ඊනියා යුද්ධ අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාගේ ක්‍රියා උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වෙති.
ඒ අතර ඩී.බී.එස්. ජෙයරාඡ්[1] වැනි මෑතක් වනතුරුම කොටි හිතවාදීන් වූ පිරිස් වෙනත් ක්‍රමයක් අනුගමනය කරනු පෙනෙන්නට ඇත. ඔවුන්ගේ අපේක්‍ෂාව ආණ්‌ඩුව පැත්තේ සිට සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීමය. දැනටමත් ජෙයරාඡ්ගේ ලිපියක් වෙබ් අඩවිවල දැකගත හැකිය. ජෙයරාඡ් වැන්නවුන්ට ආණ්‌ඩුවට ඇති හිතවත්කමක් නැත. ඔවුන් අවසන් වශයෙන් පහරදෙන්නේ ජාතික බලවේගයට හා හමුදාව ලැබූ ජයග්‍රහණයටය. ෆොන්සේකා මහතාගේ පැත්තේ සිට ආණ්‌ඩුවට පහර දෙන්නෝද ආණ්‌ඩුව පැත්තේ සිට ෆොන්සේකා මහතාට පහර දෙන්නෝ ද තමන් අවසානයේ බටහිරයන්ගේ හා විජාතික බල වේගවල අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදීන්ගේ, රාජ්‍ය නොවන බැළයන්ගේ අතකොළු බවට පත්වන බව නොදකිති. දෙපැත්තේම දුර්වලකම් ඇත. ඒ දුර්වලකම් හෙළිකිරීමට ජනාධිපතිවරණය යොදා ගැනෙන්නේ නම් බටහිරයන්ට ඊනියා යුද්ධ අපරාධ මානව හිමිකම් කඩකිරීම් ආදිය ගැන කතා කිරීමට අවස්‌ථාවක් ලැබෙනු ඇත. එවැනි ජනාධිපතිවරණයකින් වඩාත්ම පරාජයකට පත්වනු ඇත්තේ ජාතික බලවේගය.
ජවි පෙරමුණේ ක්‍රියා කලාපය ගැන ද දැනට වචනයක් කිව යුතුය. සංධානයකට ඇතුළු වූවත් නැතත් අද ඒ පක්‍ෂය රනිල් චන්ද්‍රිකා හකීම් (අව) මංගල නඩය සමග එක පෙළට සිට ගනියි. ඔවුන්ගේ දේශප්‍රේමයද ජනාධිපතිවරණයේදී කිරා බැලෙනු ඇත. ඒ අතර ඒ පක්‍ෂය තවත් පැත්තකින් වෘත්තීය සමිති සාමාජිකයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා රැකියා විරහිත උපාධිධාරීන් උපයෝගී කරගනිමින් ආණ්‌ඩුව අස්‌ථාවර කිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත. ඔවුන් සිතන්නේ ඔවුන්ට ආණ්‌ඩුව අස්‌ථාවර කර සරත් ෆොන්සේකා මහතා මාර්ගයෙන් බලයට පැමිණිය හැකිවේය යන්නද අද ජවි පෙරමූණට රාජ්‍ය සේවකයන් අතර හොA විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර හෝ බලයක් නැත. ඒ බව තැපැල් ඡන්දයෙන් ද හෙළිවෙයි. යම් යම් හේතු නිසා සමාජයට වෛර කරන තරුණයන් සුළු පිරිසක් මගින් ඒ ඒ ආයතනවල නිහඬ බහුතරය තම ආධිපත්‍යයට යටකර ගැනීමේ ක්‍රියාපිළිවෙතක් ජවි පෙරමුණට ඇත. මේ උපක්‍රමය මැතිවරණවලදී ක්‍රියාත්මක කළ නොහැකිය. එපමණක් නොවේ රනිල් චන්ද්‍රිකා හකීම් (අව) මංගල අශුද්ධ සන්ධානය සමග එකට සිටීමෙන් මැතිවරණයේදී ලැබෙන ඡන්ද ප්‍රමාණයද අඩුවනු ඇත. ජනාධිපතිවරණයේදී පක්‍ෂයේ මාක්‌ස්‌වාදී නොවන ජාති හිතෛෂී හිතවත් ජවිපෙ අත්හැර යැම වැළැක්‌විය නොහැකිය.
මහාචාර්ය නලින් ද සිල්වා
http://www.divaina.com/2009/11/29/feature06.html