2025 දී ආපහු මේ thread එක bump කරමු. මට තේරෙන විදිහට දැන් ධම්මික පෙරේරාත් අපිට ගෝඨාභය 2019 දි දුන්න බොරු බලාපොරොත්තු වගේම බොරු බලාපොරොත්තු ටිකක් දෙන්න පටන් අරන්. අපේ කට්ටිය 2019 දී ගෝඨාභය දුන්න බොරු බලාපොරොත්තු වලට රැවටිලා එයාට ඡන්දෙ දුන්නා වගේම, ඊලඟ පාර ධම්මික පෙරේරා ඡන්දෙ ඉල්ලුවොත් එයා දෙන බොරු බලාපොරොත්තු වලට රැවටිලා එයාටත් ඡන්දෙ දෙනවා. ඒ විදිහට බැලුවොත් නම් ඔතනින් දිනන්න වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ ධම්මික පෙරේරාට.
"බූරුවෝ" සෙට් එකක් තරඟෙට දාලා අපිට "අශ්වයෙක්" දිනයි කියලා බලාපොරොත්තු වෙන්න බෑනේ. අපි සාමාන්‍යයෙන් ඡන්දෙ දෙන්නේ රේස් එකට දාලා තියෙන "දක්ෂම බූරුවාට." ඒ දක්ෂම බූරුවා "අශ්වයෙක් තරම්ම" කීයටවත් දක්ෂ නැති වුනාට රේස් එකට දාලා ඉන්න අනිත් බූරුවන්ට සාපේක්ෂව පොඩ්ඩක් හරි හොඳ වෙන්න පුළුවන්. කීයටවත් ලංකාව ඇතුලේ "අශ්වයෙක්ට" තරඟ කරන්න ඉඩ දෙන්නෙ නෑනේ. ඒ හින්දා මාත් ඡන්දෙ දෙන්නේ 2025 වෙනකොට තරඟෙට දාලා තියෙන "දක්ෂම බූරුවාට." මොකද ඊට වඩා අදක්ෂ බූරුවෙක් බැරිවෙලාවත් ඡන්දෙන් දින්නොත් ඊට පස්සේ ඌ ගන්න බූරු තීරණ නිසා රටට කෙලවෙන ප්‍රමාණයට සාපේක්ෂව "දක්ෂම බූරුවා" ගන්න බූරු තීරණ නිසා රටට කෙලවෙන ප්‍රමාණය පොඩ්ඩක් හරි අඩුයිනේ.
Edit - අඩේ මං ජෙප්පෙක් නෙමෙයි බං!

මං ජෙප්පොන්ට පොඩ්ඩක්වත් කැමති නෑ. මං අනුර කුමාරට නම් කොහොමවත් කැමති නෑ. මං ඔය list එකේ නම දාලා තියෙන එකෙකුටවත් කැමතිත් නෑ. මං මේක නිකං හිතට ආපු නිසා ආතල් එකට දැම්මේ!
