ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද

saman_cool

Member
Aug 5, 2012
951
38
0
ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද

ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද පෙත්සමක්! පීරිස්ගේ පූර්ණ සහාය!!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහණය අභියෝගයට ලක් කරමින් 2015 ජනාධිපතිවරණ ප්‍රතිපළය අවංගු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමේ උත්සහයක් ගැන අප වෙත හෙළිවේ.

මෙම ඡන්ද පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නිතිඥ කුෂාන්ද අල්විස්, ජනාධිපති නිතිඥ කුවේර ඩී සොයිසා, ජනාධිපති නීතිඥ අලිසබ්‍රි , නීතිඥ මහතුන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ.

මේ සඳහා මුලීක ව උපදෙස් ලබා දෙන්නේ ප්‍රවීණ නිතිඥ දෙපලක් වන ජනාධිපති නීතිඥ ඩී එස් විජෙසිංහ සහ ජනධිපති නීතිඥ නිහාල ජයමාන්න ය.

ඩී එස් විජේසිංහ මහතාගේ කනිෂ්ඨ නීතිඥයකු ලෙස මීට පෙර සේවය කළ දැනට ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු වරයකු ලෙස කටයුතු කරමින් සිටින ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ දායකත්වයත් මෙම ජනාධිපතිවරන පෙත්සම සකස් කිරීම සඳහා ලැබී ඇත.

මෙම පෙත්සම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙත්සම් කරු ලෙස ඉදිරිපත් කෙරෙන අතර මෙහිදී රාජපක්ෂ මහතගේ ලේඛන ගත නීතිඥවරිය ලෙස අනෝමා ගුණතිලක මහත්මිය ඉදිරිපත් වීමට නියමිතය.

ඊයේ සවස වරුවේ කොළඹ තදාසන්න රාජපක්ෂ පවුලේ නිවසක ප්‍රියන්ත ජයවරධන හා නීතිඥ වරු කිහිප දෙනෙකු හා පැවැති සාකච්ඡාවකදී අගවිනිසුරු මොහාන් පීරිස් ගේ සහය සෘජුවම මේ සඳහා ලැබෙන බවත් ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් වන ඊවා වන සුන්දර, රෝහිනී මාරසිංහ, උපාලී අබේරත්න, තාබෲ, මෙ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දෙනු ඇති බව ද එමඟින් පහසුවෙන්ම ජනාධිපතිවරන ප්‍රතිපලය අවලංගු කර යළි මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා ගැනිමට හැකි බව ජයවර්ධන මහතා පෙන්වා දී ඇත. රාජපක්ෂ මහතට තවත් වසර 2ක් ධුරයේ සිටීමට හැකි බැවින් යළි ජනාධිපතිවරණයකට යැම වසර දෙකක දක්වා පමා කිරීමත් සිදු කළ හැකි බවත් පවසා ඇත.

ඒ කෙසේ නමුත් මේවන විට මෙම ජනධිපතිවරන පෙත්සමේ කෙ‍ටුම් පතක් මෛත්‍රෙපාල සිරිසේන මහතාට සහය දැක්වූ නීතිඥවරයකු වෙත ලැබී තිබේ.

මෙම අවසන් නොකෙරුණු කෙටුම්පත් පිටපත අනුව ප්‍රතිපලය අවලංග කිරීම සඳහා හේතූ් ගණනාවක් සඳහන් වන අතර එකිනෙකට පරස්පර හේතූන්ද තිබෙන බවත් එම නීතීඥවරයා අප වෙන පවසා සිටියේය.


Source: http://lankadaily.com/latestnews/item/4043-2015-01-14-04-36-13
 

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    paw ban... thawa avurudu 6k yanakam eka eka dewal try koranna thama mara ta thiyenne...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වහාම සරත් ෆොන්සේකට ප්‍රජා අයිතිය දෙන්න.
    ඉක්මනට පාර්ලිමන්ට් එකට අරගෙන ආරක්ෂක ඇමතිකම දෙන්න.
    හිතවත් අය හමුදාපති පොලිස්පති තනතුරු වලට ගන්න.
    අගවිනිසුරුට උසාවියට එන්න නිතිඥවරු ඉඩ දෙන පාටක් නෑ.සරත් එන් ද සිල්වා අධිකරන ඇමති කරන්න පුලුවන්නම් මිනිහා ලස්සනට අගවිනිසුරට ගේමක් දෙයි