ජනාධිපතිවරයාගේ සංචාරය සඳහා අසූ එක් දෙනෙ&#3482

terrorist

Banned
Mar 21, 2011
62
4
0
ජනාධිපතිවරයාගේ සංචාරය සඳහා අසූ එක් දෙනෙ&#3482

ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරය සඳහා අසූ එක් දෙනෙකු

2011 ජූනි 22 වෙනි බදාදා, 05:05

tissa5_150_131.jpg



ජනාධිපතිවරයාගේ පසුගිය රුසියානු සංචාරය සඳහා අසූ එක් දෙනෙකු සහභාගී කරගෙන වෙනම ගුවන් යානයක් යොදාගෙන ඇතැයි වාර්තා වී ඇතැයි ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය. ඉතිහාසයේ කොතෙකුත් රාජ්‍ය නායකයන් සිටියද විදේශ සංචාර සඳහා මෙසේ විශාල පිරිසක් සහභාගී කර නොගත් බවත් මෙසේ වෙනම ගුවන් යානා භාවිතා නොකළ බවත් පවසන අත්තනායක මහතා මෙය මුදල් කාබාසිනියා කරන වැඩක් වන අතර මේ ගාස්තු පියවීමට යලි මහජනතාවගේ බස් ගාස්තු ගෑස් ආදිය වැඩි කිරීමට සිදුවන බවත් පැවසීය.
මීට පෙර ජනාධිපතිවරයාගේ චීන සංචාරයකට දෙසිය ගණනක් සහභාගී කර ගත් අතර එය චීනයට රාජ්‍ය නායකයෙකු සමග පැමිණි විශාලතම පිරිස බවට එරට වාර්තාවක් තැබීය.
‘රාජ්‍ය ආයතන වල පාඩුව පියවා ගැනීම සඳහා කෝටි 3000 කට අධික ප‍්‍රමාණයක් එම ආයතන වලට ලබා දුන් බව පසුගියදා ප‍්‍රකාශයට පත් වුනා. මේ ආයතන අතරට ඛනිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මිහින් එයාර් වැනි ආයතන රැසක් ඇතුලත්. මෙළෙස භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දීමට අමතරව තවත් රුපියල් කෝටි 19000 ක් මේ ආයතන වල මූල්‍ය තත්ත්වය වර්ධනය කර ගැනීමට ඇපකර නිකුත් කර තිබෙනවා.
මෙලෙස මහජන මුදල් කාබාසිනියා කිරීම රටේ ජාතික ආදායමටත් ජනතාවගේ කිරිපිටි සීනී පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය ඇතුළු මිල ඉහල දැමීමටත් තදින්ම බලපාන බව කිව යුතු යැයි තිස්ස අත්තනායක මහතා එහිදි පැවසීය.