ජනාධිපතිවරයාට මඩ ගැහු පත්තරේ විස්තරේ

Sakibura

Member
Sep 20, 2009
226
10
0
ජනාධිපතිවරයාට මඩ ගැහු පත්තරේ විස්තරේ

http://www.toplankanews.com/index.p...721:2010-01-07-02-19-06&catid=4:yaka&Itemid=2

Top Lanka News ජනවාරි 6
පසුගිය කාලයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චේදනා නගමින් මඩගැසීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය ‘මව්බිම’ පුවත්පතට මුදල් ලැබුණු ආකාරය දැන් හෙළිදරවු වෙමින් පවතින බව ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබුණි.

මෙසේ ලැබුණු මුදල් වංචනික ලෙස ‘ගේට් වේ’ අධ්‍යාපන ආයතනයේ කටයුතු සඳහා ආයෝජනය කළ බවටත් ‘ගේට් වේ’ ආයතනයේ ක්ෂණික දියුණුවේ රහස එය බවත් එම ආරංචි මාර්ග පවසයි.

ටිරාන් අලස්, මංගල සමරවීර ඇතුළු පිරිසක් ‘තමන්ට රජයෙන් බොහෝ හිංසා පීඩා සිදුවන බව පවසා’ විදේශ රටවලින් මුදල් ගරාගත් බවට පුවත්පත් කලාවට සම්බන්ධ තතු දන්නෝ පවසති. මේ සඳහා කොටි සංවිධානයට ආධාර උපකාර කරන විවිධ සංවිධානවලින් ඔවුන්ට මුදල් ලැබී ඇතැයි ඔවුහු පවසති.

එසේම මේ වන විට මේ කණ්ඩායම එම මුදල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණය ව්‍යාපාරයට යොදවමින් සිටින බවද ඔවුහු පවසති.

ඉදිරියේදී මේ පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව මාධ්‍යවේදියෙක් ‘ටොප් ලංකා නිව්ස්’ නියෝජිතයකු සමග පැවසීය.