ශ්රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂයේ ලබන ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්රීපාල සිරිසේන නොවන බව මහින්ද රාජපක්ෂ මගින් සිරිසේන ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
මෙය දැනගැනීමෙන් පසු සිරිසේන ජනාධිපතිවරයා “මම මාව ජනාධිපති කළ එක්සත් ජාතික පක්ෂයටත් විරුද්ධව ගිහින් මහින්දව අගමැතිකරලත් මට මෙහෙමද සලකන්නේ” යයි කියමින් ආඩපාලි කියා තිබේ.
කෙසේ වෙතත් මේ බව තහවුරු කරමින් බැසිල් රාජපක්ෂ මහර ආසනයේ පොහොට්ටුවේ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට ඊයේ(13) සහභාගී වෙමින් පොදු ජන පෙරමුණේ නව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පවසා තිබිණ. ඒ කව්දැයි නොකී ඔහු තම පක්ෂයේ ප්රබලයන් සමග පවසා ඇත්තේ ඉදිරිපත් කරන කවුරුන් වුවත් ඔහු පොදු ජන පෙරමුණේ සාමාජිකයෙකු මිස අන් අයෙකු නොවන බවයි.
මේ අතර විදේශගතව සිට පැමිණි ගෝඨාභය රාජපක්ෂ සිය විපත් මග නමැති සංවිධානයේ රැස්වීමකට මීට සමගාමීව සහභාගී වෙමින් කියා සිටියේ තමා ජනාධිපතිවරණයට තරඟ කිරීමට සූදානම් බවයි. ඉන් ඔහු ගම්ය කෙළේ තමන්ට තිබූ ඇමරිකානු පුරවැසිභාවයේ බාධාව දැන් ඉවත් වී ඇති බවයි. ගෝඨාභය ජනාධිපති සිහින මැව්වද ඔහු අඩුම වශයෙන් ප්රාදේශීය සභාවක මන්ත්රීවරයෙකු ලෙස හෝ කිසිදු දේශපාලන පක්ෂයක තනතුරක හෝ කවරදාවත් වැඩ කටයුතු කර නැත.
ගෝඨා මේ දක්වා බැසිල්ගේ පොදු ජන පෙරමුණේ සාමාජිකයෙකු ද හෝ නොවන අතර පොදු ජන පෙරමුණේ කිසිදු ක්රියාකාරී වැඩකට සහභාගී කරගෙන ද නැත. පොදුජන පෙරමුණ ප්රථම වරට ඡන්දය ඉල්ලූ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ගෝඨා මැතිවරණ කටයුතු වලින් ඉවත් කර තබන්නැයි බැසිල් මහින්දගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මැතිවරණ කාල සීමාව පසුවන තුරු ගෝඨා ඇමරිකාවට වී සිටියේ ය. මෙය පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා නොවන බවට පැහැදිලි ඉඟියකි.

