ජනාධිපති ආරක්ෂක අංශය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජනාධිපති ආරක්ෂක අංශය

ජනාධිපති ආරක්‍ෂකයන් ලෙස අයි. ආර්.සී කාරයන්‍ බඳවා ගැනීම​

Details Created on Saturday, 14 September 2013 07:05 Category: සාමාන්‍ය


securiyජනාධිපති ආරක්‍ෂකයන් ලෙස වෙනත් රටවල සේවය කරන්නේ ප්‍රභූ ආරක්ෂාව පිලිබඳව දැනුම පුහුණුව තිබෙන ක්‍රියාකාරකයන්ය. නමුත් ලංකාවේ ජනාධිපති ආරක්‍ෂකයන් ලෙස වැඩිපුරම සිටින්නේ අයි. ආර්.සී කාරයන්‍ ය. කුලී ඝාතකයෙකු වන බැද්දගානේ සංජීව ද කාලයක් ජනාධිපති ආරක්‍ෂක අංශයේ සිටියේය​. හෙට අනිද්දා ජුලම්පිටිය අමරේ ද ජනාධිපති ආරක්‍ෂක අංශයට බැඳුනහොත් පුදුම නොවන්න. මේ ශ්‍රී ලංකාවයි.



ජනාධිපති ආරක්‍ෂකයන් ලෙස අයි. ආර්.සී කාරයන්‍ සිටීමෙන් අවශ්‍ය වේලාවක අනුන්ව ඝාතනය කිරීමට හැකි වූවත් එය තමාටම පාරා වලල්ලක් විය හැකි බව හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බන්ඩාරනායක විසින් පුරහල බෝම්බයේ සිදුවීමෙන් පසු උද්ගතවූ තත්වය ගැන කියන කථාවෙන් හෙලිවේ. මේ බෝම්බය පිපිරීමෙන් පසු ජනාධිපති ආරක්‍ෂක අංශයේ සිටි අයි. ආර්.සී කාරයන්‍ ගේ මෝඩ වැඩ ගැන චන්ද්‍රිකාම කියන කථාවයි.....

"බෝම්බය වදිනකොටම මට හරි වේදනාවක් දැනුණා. තාම කෑලි තියෙනවා එතැන මෙතැන. සිහිය නැතිවුණා වගේ දෙයක් වුණා. සිහිය එනකොට විනාඩි දෙකකට විතර පස්සේ මාව උස්සලා දානව වාහනේකට සිකියුරිටි කට්ටිය. ඇමෙරිකාවේ වගේ නම් සිකියුරිටි අයට, මෙඩිකල් දැනුමත් තියෙනවා. මෙයාලා මාව දැම්මෙ සම්පූර්ණයෙන්ම වැරැදි ක්‍රමයට. හරහට දැම්මෙ බුදි කරවලා පිටිපස්සෙ සීට් එකේ. මගේ ඔළුව තුවාල වෙලා තියෙන්නෙ. මොළේ තියෙනවා. මොළයයි, මොළකට්ටයි අතර තවත් එකක්. ඔළුව ඩැමේජ් වුණොත් ඒක පෙණහලුවලට යනවා. ඊට පස්සෙ පෙණහලු පුපුරලා හුස්ම ගන්න බැරුව මැරෙනවා.

ඉතින් මේගොල්ලො මාව දැම්මා හරහට. එතකොට අර එක තව තව යනවා. හිටපු ගමන් මට සිහිය ආවා. හුස්ම ගන්න බැරුව පපුව හිරවෙනවා වගේ දැනුණා. තව ටික වෙලාවක් එහෙම හිටියා නම් පෙණහලු පුපුරනවා. එතකොටම ඔටෝමැටිකලි මම ඉන්දවුණා. ඉන්දවිලා මම කහින්න පටන් ගත්තා. හිරවෙනකොට හිතලාම මං කහින්න ගත්තා. ඒ වෙලාවේ කෙළ ගහන්නවත් බෑ. මට මොකක්ද වගේ ඉන්න තැන වාහනේම කෙළ ගහන්න. ඒ පාර මං ඔසරියෙන් පොට අරගෙන කෙළ ගැහුවා. එතකොට ඔන්න ටිකක් සිහිය ආවා. මං ඇහුවා කොහේද ඔයගොල්ලෝ මාව ගෙනියන්නේ කියලා. ජෙනරල් හොස්පිට්ල් එකට කියලා කිව්වා. මං ඇහුවා පිස්සුද ඕයි… ජෙනරල් හොස්පිට්ල් එකට යන්න. ඩොක්ටර්ස්ලා ඔක්කොම ස්ට්‍රයික් මට විරුද්ධව. නිහාල් කරුණානායක ඉස්සරහා ඉඳගෙන හිටියා. එයාගේත් ලේ වැක්කෙරෙනවා තුවාල වෙලා. එහෙනම් කොහේද යන්නෙ මැඩම් කියලා ඇහුවා. මගේ ඔළුවෙ වැඩ කළා. මං කිව්වා නවලෝකෙට යන්න කියලා. ඉතින් නවලෝකෙට ගෙනිච්චා. "


උපදේශය : තම ජීවිත ආරක්ශාවට මිනීමරුවන් ගේ සේවය ලබා ගැනීම තමන් ගේ ජීවිතය කෙටි කර ගත හැකි පහසු මගකි.

ස්මයිල්