ජනාධිපති තාත්තා- පිංකම
අපේ තාත්තා කවදත් පිනට දහමට ඉතා ලැදි පුද්ගලයෙක් නිසා ගමේ දානයක් පිංකමක් තිබුනොත් එහි ප්රධාන දායකයා අපේ තාත්තා විය.. දිනක් ගමේ ප්‍රභූ පවුලක ප්‍රදානියා වූ ගජනායක මහතාගේ ගෙදර පැවති දානයකට තාත්තාටද ආරාදනා ලැබී තිබුනි.. කොයි දානේ ගෙදරකට ගියත් හිස් අතින් නොයා දානයට පිරිකරක් රැගෙන යාම තාත්තාගේ සිරිත විය.. ගජනායක මහතාගේ දානේට වඩින හාමුදුරු වරු පහලොස් නමට තුවා පහලවක් පූජා කරන්නට අපේ තාත්තා ඉතා කැමැත්තෙන් පොරොන්දු වූ අතර නියමිත දිනයේ තාත්තා දානයට යාමට පිටත් වූයේ සී අයි බී එකෙන් තුවා පහලොවකුත් අරගෙන යනවා යැයි කියාය... එදින සවස තාත්තා ඉතා සතුටින් ගෙදර ආවේ කාලෙකින් ඉස්තරම් පිනක් කල බව පවසාගෙනය.. අපටද ඒ පින් අනුමොදන් වන ලෙස තාත්තා කීවේය.. සතියකට පමන පසුව දිනක් හවස ආප්ප සෑදීමට හාල් පිටි කිලෝවක් ගෙන ඒමට හන්දියට ගිය තාත්තා ගෙදර ආවේ වේදනාවෙන් පරිපීඩිත මූනක් සහිතවය..
කවදත් තාත්තා ගේ විදිහ දන්නා අම්මා ඔහුගේ ලඟට කිට්ටු වී
" මොකද මේ මූන එල්ලගෙන"
කියා ඇසූ විට තාත්තා වේදනා බර මුහුනින් පිලිතුරු දුන්නේය..
" මට අද කඩේ ලඟදි ගජනායක හම්බ උනා.. මිනිහා මාව දැකලා ඔරවලා ගස්සලා අහක බලාගෙන ගියා.. පුදුම ලෝකයක් මේක .. මුන්ට අපි හොඳ කරනවා වැඩ්යි.. මං එදා ඔය මිනිහගේ දානෙට තුවා ගන්න සී අයි බී එකට ගිහිල්ලා අර පෙට්ටි වල දාලා තියෙන හම්පඩ තුවා ගන්නෙත් නැතුව ... රාක්ක වල දූවිලි වැදිලා තියෙන තුවා ගන්නෙත් නැතිව වැඩි හොඳට අර පැකට් කරලා තිවුන සනීපාරක්ශක කියන වර්ගේ තුවා පහලවක් ලස්සනට ඔතලා ගිහින් දුන්නේ දෙන දේ ඉස්තරම් දේවල් දෙන එක කවදත් මගේ සිරිත නිසා.. එහෙම කරපු මට තමයි මේ මිනිහා අද පුම්බගෙන ඔරවගෙන ගියේ.. අපි හොඳ වැඩ්යි මේ සමාජයට.. ගජනායක ඔහොම ගුනමකු මිනිහෙක් කියලා මම දැනං හිටියෙ නෑනේ අද වෙනකං"
තමන් කරන යහපත් දේට සැම විටම මෙවැනි ගුනමකු කම් විඳින්නට සිදු වීම තාත්තා සිය ජීවිත කාලය තුල විඳින ලද අමිහිරිම අත්දැකීම් වේ..
( 003 පිටුව)