ජනාධිපති ජෝතිෂ්‍යවේදියා හාන්සි !
ජනාධිපති ජෝතිෂ්‍යවේදි සුමනදාස අබේගුණවර්ධන මහතා, මින්පසු හඳහන් බැලීම අතහැර දැමීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
වයඹ පළාත් සභා මැතිවරණයේදී සියලු අපේක්ෂකයින් අබිබවා වැඩිම මනාප ලබාගන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා බව, තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව කියූ අනාවැකිය මේවනවිට අභියෝගයට ලක්ව තිබීම එසේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත.
ඊයේ පැවති වයඹ පළාත් සභාවට තරඟ කල අපේක්ෂකයින්ගේ මනාප ඡන්ද ගණන් කිරීම මේවනවිට සිදුකෙරෙන අතර, දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ජොහාන් ප්‍රනාන්දු මහතා අභිබවා දයාසිරි ජයසේකර මහතා පෙරමුණේ සිටියි.
ජනාධිපති ජෝතිෂ්‍යවේදියා ජොහාන් සම්බන්ධ අනාවැකිය ප්‍රකාශ කලේ , ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ කුරුණෑගල රත්කරව්ව නිවසේ අගෝස්තු 01 පස්වරුවේ පැවති ජනහමුව අමතමිනි.
තමාට ජොහාන්ගේ හඳහන ලැබුනේ දින 7කට පෙර බව එහිදී පැවසු සුමනදාස මහතා, එම හඳහන අනුව ජොහාන් අසලකටවත් ඒමට වෙනත් කිසිදු අපේක්ෂකයකුට හැකියාවක් නැතිබව කියා සිටියේ ය. පළමු තැන ගන්න ජොහාන් සහ දෙවන තැන ගන්න අපේක්ෂකයා අතර විශාල පරතරයක් තිබෙන බවද ඔහු අවධාරණය කළේය
ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට පවා වසර ගණනාවක් පුරා තමන් පැවසු අනාවැකිය සියයට සියක් නිවැරදි බව පැවසු සුමනදාස මහතා, ජොහාන් සම්බන්ධ අනාවැකිය වැරදුනොත් මින් පසු හඳහන් බැලීම අතහැර දමන බවද කියා සිටියේය.
කෙසේවුවද පසුගියදා කුරුණෑගලදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ, තමාට වඩා එක් අපේක්ෂකයෙක් මනාප ගන්න බවට ජෝතිෂවේදියකු යයි කියා ගන්නා අයෙක් ප්‍රකාශ කර ඇතිබවත්, පසුගිය ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමිවන බව පැවසුයේ මෙම පුද්ගලයා බවත්ය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂකවරයකු වන ඔහුට අඩුම තරමින් එම ආයතනයේ සිදුවූ වංචා දුෂණ ගැන අනාවැකියක් වත් කියා ගැනීමට නොහැකිවූ බවද ඔහු සඳහන් කළේය.