ජනාධිපති තාත්තාගේ කටවුට් එකක වියදම ක?
ජනාධිපති තාත්තාගේ එක කටවුට් එකක වියදම වෙන් කළා නම් මේ මරණ වළක්වා ගන්න තිබුණා - උදුල් ප්‍රේමරත්න
මේ මොහොතේ මැතිවරණ සිහිනයේ ගිලී සිටින සංවේදී නායක ජනාධිපති තාත්තාගේ දැවැන්ත මැතිවරණ කටවුට් වෙනුවෙන් කෝටි ගණන් මුදල් වියදහ් කරන බවත්, ඇතැම් කටවුට් එකක වියදම ලක්ෂ 5 ක් පමණ වන බවත්, එවැනි එක් කටවුට් එකක වියදමහ සූකර උණ වෙනුවෙන් වෙන් කළා නම් මෙම මරණ වළක්වා ගැනීමට හැකියාව ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද (15) කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයකදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එ මහතා මෙසේ ද පැවසීය.
"මේ වෙන කොට විශ්වවිද්‍යාලවල මේ සූකර උණ තත්ත්වය දැවැන්ත තර්ජනයක් වෙලා තියෙන්නේ. හැබැයි අදාල බලධාරීන් තවමත් මේ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න පෙළඹිලා නැහැ. මේ පාලකයින්ට තියෙන්නෙ මැතිවරණ සිහිනයක් පමණයි.
මේ වෙන කොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් දෙවෙනි ශිෂ්‍යයත් සූකර උණට ගොදුරුවෙලා මියගියා. නමුත් මේ වෙනුවෙන් වගකිවයුතු කිසිදු පුද්ගලයෙක් නැහැ. ආණ්ඩුවත්, සෞඛ්‍ය ඇමැතිවරයාත් මේ වෙන කොට මැතිවරණ සිහිනයේ ගිලිලා. මහරජ්ජුරුවන්ට ජය පතල මහ දැවැන්ත කටවුට් ඉදි කරල. දැවැන්ත වෙළද දැන්වීම් ප්‍රචාරය කරනවා. මේ එක වෙළඳ දැන්වීමක තත්පර කිහිපයකට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වියදම් වෙනවා ප්‍රචාරය කරන්න විතරක්.
එක කටවුට් එකකට රුපියල් ලක්ෂ 5ක් විතර වියදම් කරනවා. අපි කියන්නේ මේ එක කටවුට් එකක වියදම අරගෙන විශ්වවිද්‍යාල ඇතුළු මේ රට දැනුවත් කරන්න අත් පත්‍රිකා ලක්ෂයක් මුද්‍රණය කරල බෙදුවනම් යම් පමණකින් හරි මේ වසංගතයට පිළියම් වෙන්න එක හේතු වෙන්න තිබුණා. නමුත් මේ ආණ්ඩුවට එහෙම සංවේදීතාවයක් නැහැ.
මුළු රටේම දරුවන්ගේ තාත්තා කියාගත්ත මහ රජ්ජුරුවන්ට මේ විශ්වවිද්‍යාලවල සූකර උණ නිසා මිය යන දරුවන් පේන්නේ නැහැ. සංවේදී නායකයාට මේ ගැන කිසිදු සංවේදීත්වයක් නැහැ"

eka nam aththa ban