ජනාධිපති තාත්තා වෙත >>>
ජනාධිපති තුමනි,
මේ වන විට සති අන්ත පුවත්පත් කියවමින් සිටින ඔබ, ඔබගේ ආදරණීය පුත්‍රයා කොළඹ හිල්ටන් හෝටලයේ දී අති උත්සවශ්‍රීයෙන් විවාහ වු බව දැනගන්නට ඇතැයි සිතමි. ඔබ ඒ පිළිබඳව කලින් දැනුවත්ව සිටියා නම් මෙවැනි ජාතික ශෝකජනක අවස්ථාවක දී එසේ කරන්නට කිසිසේත්ම ඉඩ නොදෙන බව ද මේ වනවිට අප අත්දැකීමෙන් දනිමු. පොළොන්නරුව යාය දෙක කොටසේ ග්‍රාම නිලධාරියෙකු වී සිටි අවධියේ, ජංගි පොඩ්ඩක්වත් නැතිව හෙලුවැල්ලෙන් අංගජාතය ලම්බකව එල්ලාගෙන ගෙදර වත්තේ කෙළවවරක කක්කුස්සි ගිය දහම් කොලුවා මනාලයෙකු වී සිටින ආකාරය ඔබට මේ මොහොතේ මතක් වෙන බව නොඅනුමානය.
ඔබ එදින විවාහෝත්සවයට සහභාගි වුණා නම් බොහෝ දෑ වෙන්නට ඉඩ තිබුණු බව මට සිතේ. ඔබ ලෝටස් වීදිය හරහා පැමිණ කහඉර අසල දී වාහනය නවත්වා පදිකයන්ට පාර මාරුවෙන්නට ඉඩ හැර ගේට්ටුව අසලින් බැස හෙමිහිට දෙවුර සොලවමින් ඇවිදගෙන විත් හොටලයේ කළමනාකරුට අතට අත දී උත්සව ශාලාවට ඇතුළු වන අයුරු මට මැවී පෙනේ. රුපියල් දහයේ පෑනෙන් විවාහයට අත්සන් කළ පසු එහි සිටින සංගීත කණ්ඩායම හා එක්ව ගීතයක් ගායනා කරන අයුරුත් එයට ලැබෙන ප්‍රතිචාරය නිසා ගිටාර් වාදකයාගෙන් ගිටාරය උදුරාගෙන තවත් ගීතයක් ගයා උත්සව ශාලාවේ කොනක තබා ඇති රබාන අසලට ගොස් රබන් පද කීපයක් ද ගසා අවසානයේ විරිඳු කීපයක් ද ගයන අකාරය මාගේ සිතෙහි ඇඳේ. ඔබ මනාලියගේ පාර්ශ්වයට දෙවැනි වෙන්නට අකමැති නිසා ඔවුන් අමාරුවේ දමන්නට තේරවිලි කීපයක් ද අසන ආකාරයත් , DJ අසලට ගොස් එක සිංදුවක් එක දිගට වාදනය කරන ලෙසට පවසමින් ඔහුට බනින ආකාරයත්, බ්‍රෙසියර පෙනෙන්නට ඇඳුම් ඇඳගෙන ආ සංස්කෘතිය විනාශ කරන කාන්තාවන්ට මඩු වලිගයෙන් තලන ආකාරයත්, මේස වල තබා ඇති බීමවල සීනී අඩුකරන්නට වේටර්වරුන්ට බනින අකාරයත්, කෑම මේසයට ආප්ප එක් නොකිරීම ගැන හෝටලයයේ කළමනාකාරීත්වයට බනින ආකාරයත් ඉන්පසු ඔබ බිරිඳ ජයන්ති පුපරමින් බලාසිටින විට Bryan Adams ගේ Summer of 69 ගීතයට විජයකලා හා එක්ව උඩපනිමින් නටන ආකාරය චිත්‍රපට රූප රාමු පෙළක් මෙන් මගෙ සිතෙහි ඇඳී පෙනේ.
ජනපති තුමනි, මේ සියල්ල දැක ගැනීමේ වාසනාව අපට අහිමි විය. නමුත් සෑම කළු වළාවකම රිදී රේඛාවක් ඇත. දැන් ඔබට දියණියට අමතරව ලේලියක් ද සිටී. එම නිසා අලුත ගෙනා ලේලිය ලවා " ජනපති මාමණ්ඩි" නමින් පොතක් ද ලියවා ගත හැකිය. කේසේ නමුත් ලක්ෂ 21 ක් වූ මුලුමහත් ශ්‍රී ලාංකේය ජනතාවම ත්‍රස්තවාදී බිය පසෙක තබා අලුතින් විවාහප්‍රාප්ත වූ යුවලට සුභාශිංසන එක් කරන බව ද විශේෂයෙන් මතක් කළ යතුය.
2020 වසරේත් ජනපති වීමට වරම් ලැබේවායි පතමින් මම නවතිමි.