ජනාධිපති තාත්තා - Daddy President Jokes Collection

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ජනාධිපති තාත්තා - Daddy President Jokes Collection

    උඹලට සෙට් වෙන ජනාධිපති තාත්තා ජෝක්ස් මේකෙ දාපන්කො පීස්....

    අපේ තාත්තට එක ජාතියෙ කලිසම් දෙකක් තිබුනා. එකක් ස්ත්‍රික්ක කරනකොට පිච්චුනා. තාත්තා අනික් කලිසමෙන් අණ්ඩයක් කපලා එතනට දැම්මා.

    - ජනාධිපති තාත්තා -
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    98b7ef2c9971681b9b8fe1d327be4f4f.jpg
     
    • Like
    Reactions: DangerMan119

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තාත්තාට බකිංහැම් මාලිගයට යාමට අවස්තාවක් උදාවීම තාත්තා මහත් අමන්දානන්දයට පත්වූ අවස්තාවකි..
    මොන රාජකාරියක් තිබුනත් හරියටම රෑ 10ට නිදන තාත්තාට බකිංහැම් ගමනට කලින් සතියක් පුරාම නින්ද ගියේ නැත.. එලිවෙනතුරුම ගේ පුරා ඇවිදිමින් බකිංහැම් මාලිගය තුලදී පරිස්සමින් ඇවිදින්න පුරුදුවන තාත්තා දුටු විට මට තාත්තා ගැන අනුකම්පාවක්ද ඇතිවිය..
    තමුන් අතින් යම් වැරදීමක් වී රැජිනගේ උදහසට ලක්වීමට ඇතැයි තාත්තා බියවී සිටියේය..
    ලංකාව තවදුරටත් යටත්විජිතයක් නොවන බවත් තමන් රාජ්‍යනායකයෙකු බවත් තාත්තාට මතක්වූයේ නැත.
    තාත්තා ඒ තරමටම සරලය..
    අවසානයේදී තාත්තාගේ ඒ ලොමුදැහැගැන්වෙන බකිංහැම් ගමන නිමාවී තාත්තා ගෙදර පැමිනියේය.. රැජින අත්මේස් ගලවා අතට අතදීම ගැන පිස්සුවෙන් මෙන් කියවූ තාත්තා ඒ ගැන හීනෙන් කියවීමටද අමතක කලේ නැත..
    තාත්තාගේ බකිංහැම් මාලිගයේ කතා අතරින් මගේ සිත වඩාත්ම ඇදීගියේ රැජින සමග රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිදුවූ සිදුවීමයි.
    ඒ රාත්‍රී භෝජන සංග්‍රහයේදී තාත්තාට අසුන් පනවා තිබුනේ රැජිනගේ අසුනට වම්පසිනි.
    මෙය තමාට කල මහා ගෞරවයක් බව තාත්තාගේ අදහස විය.
    රාත්‍රී භෝජනය සඳහා පිලිගන්වා තිබූ ආහාර අතර බේක්ඩ් බීන්ස් නම් ආහාරය තිබෙනවා තාත්තා දැක ඇත. තාත්තා බේක්ඩ් බීන්ස් කෑමට ඉතා ප්‍රියමනාපය.
    ඉතින් තාත්තා හිතේහැටියට බේක්ඩ් බීන්ස් අනුභව කර ඇත.
    අපේ තාත්තාට ඇටවර්ග තම්බා කෑමෙන් පසු බඩ පුරවා දැමීම කුඩාකාලයේ සිටම පවතින තත්වයක් බව ආත්තම්මා මා සමග කියාතිබේ..
    මෙය සමනය වන්නේ එක දිගට පඩ ඇරීමෙන් පසුව බව අපි අත්දැකීමෙන්ම දනිමු.
    තාත්තා උදේට කොස් ඇට තම්බා කනදවසට අපි ගෙදර එන්නේ රෑ දහයෙන් පසුවය ..
    බකිංහැම් මාලිගයේ බේක්ඩ් බීන්ස් කෑවායින් පසුව තාත්තාගේ බඩ ගෑස්පිරවූ බැලුමක් මෙන් පිම්බෙන්නට පටන්ගෙන ඇත.
    දැන් එලඹෙන්නේ පඩ ඇරීමේ වාරයයි.
    නමුත් රැජින අසලට වී පඩ ඇරීමට තාත්තා සිහිනෙකින්වත් සිතන්නේ නැත..
    තාත්තා මෙසේ ඇඹරි ඇඹරී ඉන්නාවිට කොහේදෝ සිට දුව ආ රැජිනගේ සුරතල් බල්ලා තාත්තාගේ පුටුව යටට රිංගුවේය.
    එයදුටු රැජින බල්ලා වෙනුවෙන් තාත්තාගෙන් සමාව ඉල්ලා සිටියාය.
    එවිට තාත්තාට ගණදෙවි නුවනක් පහලවිය.
    තාත්තා කල්පනා කලේ පඩයක් ඇර එය අර බල්ලාගේ පිටින් යැවීමටයි..
    ඒ සඳහා මුට්ටිය දමා බැලීමක් ලෙස තාත්තා වැඩ් හඬක් නොනැගෙන සේ පුංචි පඩයක් යවා ඇත..
    එය ඇසුන වහාම රැජින තාත්තා දෙස බලා..
    ” පකින් ඩෝග් …” කියා ඇත.
    මෙය කිව්වේ බල්ලාටද තාත්තාටද කියා තාත්තාට පැහැදිලි නැත..
    ඒ නිසා ටික වේලාවකින් දෙවෙනි අත් හදාබැලීමක් ලෙස තාත්තා කලින් පඩයට වඩා ටිකක් සැර වැඩි පඩයක් යවා නොදන්නා ගානට සිටියේය .
    ඒ පාර රැජින කෙලින්ම බල්ලා දෙස බලා..
    “ගෙට් ද පක් අවුට් ප්‍රොම් හියර් යූ ස්ටුපිඩ් ඩෝග්” යනුවෙන් සැරකලාය..
    දැන්නම් පඩේ වැටෙන්නේ බල්ලාගේ ගිනුමට බව තාත්තාට සහතිකය.
    ඉතින් තාත්තා ඉතාමත් නිදහසේ මහා සද්දෙන් පඩ වැලැක්ම ඇරියෙය..
    එවිටම
    “ඈ බොල ගොන් බල්ලො මම තොට කීපාරක් කිවවද ඔතනින් චුත වෙයන් කියල..
    පෙන්නෙ නැද්ද මේ මිනිහ පඩින හැටි.. මේ ඇරිල්ලේ හැටියට ඕකා උඹේ ඇඟටත් රීලයි නවත්තන්නෙ…”
    කියමින් රැජින පුටුවයට සිටිය බල්ලාට පයින් ගසා එලවා දැම්මාය.
    – ජනාධිපති තාත්තා –
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    ජනාධිපති තාත්තා.😆😆😆😆😆

    අපේ තාත්තා දවසක් රෑවෙලා ගෙදර එමින් සිටියේය.
    බස් නැවතුමේ සිට අපේ ගෙදරට ටිකදුරක් ඇවිදගෙන ආයුතුය.
    ඔහොම ඇවිදගෙන එන අතරේ පහල ගෙදර සේතං මාමා ලයිට් කනුවක් අසල මොනවාදෝ හොයමින් සිටිනු තාත්තා දැක තිබේ..

    මොකද සේතං මේ රෑ ජාමේ බිම අවුස්සන්නේ කියා තාත්තා සේතං මාමාගෙන් අසා ඇත.
    අනේ බලන්ටකො ග්‍රාමසේවක මහත්තයෝ මගෙ සන්තකටම තිබිච්චි රත්තරන් පවුම වැටුන නොවැ කියා සේතං ඉතාමත් කනගාටුවෙන් තාත්තාට පැවසූ බව තාත්තා කීවේය.

    ඉතින් තාත්තාද සේතං මාමා එක්ක එකතුවී රත්තරන් පවුම සෙවීමට පටන්ගත්තේය.
    සේතං මාමා රා බී වෙරිගතියෙන් සිටින බවක් තාත්තාට දැනුනත් තාත්තා එය වැඩිය ගානකට ගෙන නැත.
    විනාඩි පහලවක පමන කාලයක් එතන තිබූ හැම බිම් අඟලක්ම හැම තනකොලයක් ගානේම සොයා බැලූ නමුත් රත්තරන් පවුම සොයාගන්නට නොහැකි වූ බව තාත්තා අපට කීවේ කණගාටුවෙනි.

    කෝ බං සේතං.. උඹේ පවුම මෙතන නෑනෙ කියා තාත්තා සේතං මාමාගෙන් අසා ඇත.
    ඔව් මහත්තයෝ ඒක මෙතන තියෙන්න විදියක් නෑ කියා සේතං මාමා කියා තිබේ..
    කුතුහලයට පත්වූ තාත්තා ඒ මොකද එහෙම කිව්වේ කියා සේතං මාමාගෙන් අසා ඇත.

    ඒක මෙතන තියෙන්නෙ කොහොමද ග්‍රාමසේවක මහත්තයෝ.. ??
    ඒක වැටුනෙ ආන්න අතනදි කියමින් සේතං මාමා මීටර් 25ක් පමන ඈතින් වූ තැනක් පෙන්වා ඇත.
    අන්දමන්ද වූ තාත්තා ඉතින් බං එතන හොයන්නෙ නැතුව මෙතන හොය හොයා දඟලන්නෙ මොලේ හොඳ නැද්දැයි කෝපයෙන් ඇසුවේය.
    එතන කලුවරයිනෙ මහත්තයො ඉතින් කලුවරේ ඕක හොයන්න මට ඔල්මාදෙයැ.. ඉතින් මම මේ එලිය තියෙන තැනකට ඇවිත් හොයන්න ගත්තා කියා සේතං මාමා පිලිතුරු දී ඇත.

    ඒ කතාව නිවැරැදි බව තමුන්ටද වැටහුන බව තාත්තා අපට කීවේය. ඒ නිසා දෙන්නාම එකතු වී දිගටම රන්පවුම සෙවීම කරගෙන ගොස් ඇත.
    අවසානයේදී සත දෙකේ සහ පහේ කාසි කිහිපයක්, හර්නෙල් කටුවක්, මඩ පුවක් කැබැල්ලක් සහ පත්තෑයෙක් සොයා ගැනීමට තමුන් සමත් වූ බව තාත්තා කීවේ ආඩම්බරයෙනි.
    රන්පවුම සෙවීම තාත්තාට අමතක වී තිබිනි.
    තාත්තාගෙ හැටි එහෙමය.
    සරලය..

    ! Copied !

    😌😌😌😌
    උපුටා ගන්නා ලදි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ජනාධිපති තාත්තා.........
    ********
    අපේ තාත්තාගේ තාත්තා එනම් මගේ සීයා ගොවියෙකි. ඒ වගේම මුලු පොලොන්නරුවටම ප්‍රසිද්ද නම ගිය දඩයක්කරුවෙකි.

    අපේ තාත්තාට අවුරුදු 16ක් වූ කල සීයා දිනක්, අපේ තාත්තාත් කැටුව දඩයමේ ගොස් ඇත. එදා හොදින් හද පායා තිබූ දිනයකි.

    සීයා අතේ බෙහෙත් කොටන තුවක්කුවක්ය. ඒකෙන් ගිණි බිදින්න නම් තුවක්කුවේ "කනට" ගිණි පෙනෙල්ලක් ලං කල යුතුය. ඒ නිසා තාත්තා අතේ ගිණි පෙනෙල්ලය.

    ඔහොම යනකොට දෙදෙනා වතුර බොමින් සිටින මුවෙක් දැක තිබේ. සීයා කවදාවත් සාපිපාසය නිවාගන්නා සතෙකුට ගිණි බිදින්නේ නැත.

    ඒ නිසා මුවා වතුර බී අවසාන වනතෙක් ඉවසා සිටි සීයා හොදින් කුරුමානම් අල්ලා තාත්තාට "සිරෝ ඕක ඔබපිය කනේ" යැයි කියා ඇත.

    තාත්තා ඉතාම සරල මනුස්යෙකි. තාත්තා පස් පවින් තොරය. සීයා කන ලෙස අදහස් කලේ තුවක්කු කන උවත් තාත්තා සරල මනුස්සයෙක් නිසා සිතා ඇත්තේ සීයාගේ කනට ගිණිපෙනෙල්ල ඔබන ලෙස සීයා කියූ බවකි.

    ඒ අනුව තාත්තා ගිණිපෙනෙල්ල සීයාගේ කනේ ඔබා ඇත. වේදනාවෙන් වියරු වැටුන සීයා;
    "#%%ත්තිගෙ සිරෝ ඔය කනේ නෙවෙයි ඔබපිය අනෙක් කනේ"යැයි කියා ඇත.

    ඒ අනුව තාත්තා දෑතම බදා සීයාගේ අනෙක් කනට ගිණිපෙනෙල්ල ඔබා ඇත.

    තාත්තා තවමත් හද ඇති සමහර දිනවල ඔය කතාව වහල දෙස බලාගෙන කියන්නේ බොහොම දුක්මුසුවය.

    ඒ කතාව ලගදී තාත්තා කියනු අසා සිටි අම්මා මට රහසක් කීවාය. අර දෙවනිපාර ගිණිපෙනෙල්ල සීයාගේ කනේ එඹීමෙන් වියරු වැටුනු සීයා ගිණිපෙනෙල්ල සරම උස්සා තාත්තාගේ #%කේ ඔබා ඇත.

    අප නොදුටු අම්මා පමනක් දුටු ඒ තුවාල කැලල මනුස්සෙකුට බැලීමටත් බය හිතෙන තරමේ එකක් බව කියන විට අම්මාගේ කම්මුල දිගේ උණු කදුළු බිංදුවක් ගලනවා මා බලා සිටියේ බොහොම දුකෙන් ය..........

    (චතුරිකා, /ජනාධිපති @#$ත්තා/ පිටුව 189)

    උපුටා ගත්තේ -හිරන්ත හේරත්-
     
    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    ජනාධිපති තාත්තා කෘතිය මට කියවන්නට මට අවස්ථාවක් තාමත් නොලැබුණි. නමුත් එහි වූ යැයි විවිධ උපහාසාත්මක කථා වලින් අප හාස්‍යට නගන්නේ අප රටේ ජනාධිපතිවය. ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා මෙන් මෙතුමා තුලින්ද අපට නිතරම දක්නට ලැබෙන ගැමි ගතියට අපි විරිත්තන්නේ අප බොහෝ දෙනෙකු කුරුදුවත්තේ අතවැසියන් ලෙස හාමුලාගේ සිත් සතුටු කරන්නට දරන උත්සාහයක් ලෙස කියා සිතේ.
    මා මෙසේ කියන විට බොහෝ අය මාගේ රෙප් කපමින් බැන වදිමින් මටත් අපහාස කරනු ෂුවර්ය. එහෙත් මාගේ ජීවිතයේ මා අත්විදි අවස්ථා කිහිපයක් සිහි කරනු කැමැත්තෙමි.
    මෙයට වසර 25කට ආසන්න කාලයේ ශ්‍රාවස්ථියේ සිටි දේශපාලනඥයන් අතුරින් සුවිශේෂි අයෙකු C බංගලාවේ 2 වැනි කාමරයේ සිටියේය. සේවකයන්ට නිරන්තර හිරිහැරදායක ලෙස හැසිරෙන, මතින් බමන, රෑ පහන්වන තුරු මොනර කොල මිටි පිටින් එහා මෙහා විසිකරන සූදු කෙළින, ඔට්ටු දමා නිලියන් යහනට කැඳවා ඔට්ටු දිනන නානාප්‍රකාර චරිත අතුරින් එක් අයෙකු සුවිශේෂී වූයේ ඔහු සිටින වගක්වත් කිසි කෙනෙකුට නොදැනෙණ සේ ඉහත කී කාමරය තුළට වී පොත් පත්තරයක් කියවමින් සිටි මෛත්‍රී මහතාය.
    නනප්‍රකාර කෑම බීම ඉල්ලා සිටිමින් සේවකයන් පීඩාවට පත් කළේ නැත. ඔහු ප්‍රිය කලේ දේශීය රතු සහල් බත් ස්වල්පයක් සහ නිර්මාංශ ව්‍යාංජන පමණකි. කෙසෙල් ගෙඩියකින් හෝ ගස් ලබු කෑල්ලකින් පාතරාසය සපුරා ගනී.
    එවකට ඔහු විපක්ෂයේය. රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ, නන්දිමිත්‍ර ඒකනායක, වාසුදේව නානායක්කාර, මහින්ද රාජපක්ෂ සහ එස් බී දිසානායක වැන්නවුන් නිතර ගැවසුනු එහි සේවකයන්ගේ නොමද ආදරය දිනා ගනිමින් ඉතාමත් අහිංසකව කාලය ගත කළ අයෙකු වුයේ මෛත්‍රී මහතාය.
    දිනක් එතුමා හදිසියේම එළිපහලියට දිව විත් බඩ අල්ලාගනිමින් සිනහා වූයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ජලය අවහිර වීම නිසා නාන කාමරයෙන් එළියට පැන උපන් කැත සබන් පෙනවලින් වසා ගනිමින්, අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් බංගලා කළමනාකාරුට පහර දෙන්නට කාර්යාලය දෙසට දිව යන සුප්‍රසිද්ධ දේශපාලනඥයෙකු දැකීමෙන්ය. අදටත් රූපවාහිනියේ එම දේශපාලනඥයා දකිනවිට මටත් ක්ෂණිකව මතකයට එන්නේ එදා දුටු සබන් පෙන නාගත් වලස් පැටියාමය.
    ලී බෝලයක් කටේ තියාගන්න දුන් කරණවෑමියෙකුගෙ කථාවක් අන්තර්ජාලයේ දක්වා තිබිණි. බොරැල්ල හන්දියේ වූ ප්‍රසිද්ධ සැලුන් එකකට මාසයකට කිහිප වරක් පමණ ගොඩ වදින මෛත්‍රී මහතා කවදත් විජේදාස අයියාගේ ම සේවය ලබා ගැනීමට තම තරාතිරම හෝ පුලුවන්කාරකම ප්‍රයෝජනයට නොගෙන නිරහංකාරව තම වාරය එළැඹෙන තුරු පොතක් පතක් බලමින් රැදී සිටියේය. අදටත් ඒ මතකය මේ එදා සිටි පුද්ගලයා අද රටේ ජනාධිපති ද යන වග සිහිනයක් මෙනි.
    ලොව දුප්පත්ම ජනාධිවරයෙකු ලෙස දකුණු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු අන්තර්ජාලයේ නිරන්තර පසැසුමට ලක්වනු මා දැක ඇත්තෙමි. එලෙසම ජනතා ගෞරවාදරයට පත් විය යුතු අයෙකු ලෙස පෞද්ගලිකවම මා දකින මෙතුමා මෙලෙස පරිභවයට ලක්වන්නේ එතුමා වටා සැබෑ අවංක උපදේශකයන්, සහෝදරයන් පිරිසක් නොමැති වීම ලෙසයි මා දකින්නේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ජනාධිපති තාත්තා කෘතිය මට කියවන්නට මට අවස්ථාවක් තාමත් නොලැබුණි. නමුත් .....

    ඔය ග්‍රාමසේවක පකයා තමන්ට නොගැලපෙන, දරන්න නුසුදුසු, රටේම ජීවිතසහ අනාගතය තීරණය කරන වගකීමක් බල ලෝභයෙන් අරගෙන දැන් රටට කරල තියෙන හරිය දරක දැකත් උඹලා සුදු හුනු ගානවා....
     
    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    ඔය ග්‍රාමසේවක පකයා තමන්ට නොගැලපෙන, දරන්න නුසුදුසු, රටේම ජීවිතසහ අනාගතය තීරණය කරන වගකීමක් බල ලෝභයෙන් අරගෙන දැන් රටට කරල තියෙන හරිය දරක දැකත් උඹලා සුදු හුනු ගානවා....
    සමාවෙයන් මචං සුදු හුනු ගෑවා නොවෙයි. වැරදි ආරෝපන නිසා ඒ සරල සුගම මනුෂ්‍යාට මොකද උනේ කියලා බැලුවේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලවත් උස්සන් යාවි ඈ අන්න එකෙක්ව උසාවි දාල මයිත්රිපාල ගැන වැරදි ප්‍රචාර ඇරිය කියල ෆෙස්බුකියේ :baffled:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ජනාධිපති තාත්තා කෘතිය මට කියවන්නට මට අවස්ථාවක් තාමත් නොලැබුණි. නමුත් එහි වූ යැයි විවිධ උපහාසාත්මක කථා වලින් අප හාස්‍යට නගන්නේ අප රටේ ජනාධිපතිවය. ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා මෙන් මෙතුමා තුලින්ද අපට නිතරම දක්නට ලැබෙන ගැමි ගතියට අපි විරිත්තන්නේ අප බොහෝ දෙනෙකු කුරුදුවත්තේ අතවැසියන් ලෙස හාමුලාගේ සිත් සතුටු කරන්නට දරන උත්සාහයක් ලෙස කියා සිතේ.
    මා මෙසේ කියන විට බොහෝ අය මාගේ රෙප් කපමින් බැන වදිමින් මටත් අපහාස කරනු ෂුවර්ය. එහෙත් මාගේ ජීවිතයේ මා අත්විදි අවස්ථා කිහිපයක් සිහි කරනු කැමැත්තෙමි.
    මෙයට වසර 25කට ආසන්න කාලයේ ශ්‍රාවස්ථියේ සිටි දේශපාලනඥයන් අතුරින් සුවිශේෂි අයෙකු C බංගලාවේ 2 වැනි කාමරයේ සිටියේය. සේවකයන්ට නිරන්තර හිරිහැරදායක ලෙස හැසිරෙන, මතින් බමන, රෑ පහන්වන තුරු මොනර කොල මිටි පිටින් එහා මෙහා විසිකරන සූදු කෙළින, ඔට්ටු දමා නිලියන් යහනට කැඳවා ඔට්ටු දිනන නානාප්‍රකාර චරිත අතුරින් එක් අයෙකු සුවිශේෂී වූයේ ඔහු සිටින වගක්වත් කිසි කෙනෙකුට නොදැනෙණ සේ ඉහත කී කාමරය තුළට වී පොත් පත්තරයක් කියවමින් සිටි මෛත්‍රී මහතාය.
    නනප්‍රකාර කෑම බීම ඉල්ලා සිටිමින් සේවකයන් පීඩාවට පත් කළේ නැත. ඔහු ප්‍රිය කලේ දේශීය රතු සහල් බත් ස්වල්පයක් සහ නිර්මාංශ ව්‍යාංජන පමණකි. කෙසෙල් ගෙඩියකින් හෝ ගස් ලබු කෑල්ලකින් පාතරාසය සපුරා ගනී.
    එවකට ඔහු විපක්ෂයේය. රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ, නන්දිමිත්‍ර ඒකනායක, වාසුදේව නානායක්කාර, මහින්ද රාජපක්ෂ සහ එස් බී දිසානායක වැන්නවුන් නිතර ගැවසුනු එහි සේවකයන්ගේ නොමද ආදරය දිනා ගනිමින් ඉතාමත් අහිංසකව කාලය ගත කළ අයෙකු වුයේ මෛත්‍රී මහතාය.
    දිනක් එතුමා හදිසියේම එළිපහලියට දිව විත් බඩ අල්ලාගනිමින් සිනහා වූයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ජලය අවහිර වීම නිසා නාන කාමරයෙන් එළියට පැන උපන් කැත සබන් පෙනවලින් වසා ගනිමින්, අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් බංගලා කළමනාකාරුට පහර දෙන්නට කාර්යාලය දෙසට දිව යන සුප්‍රසිද්ධ දේශපාලනඥයෙකු දැකීමෙන්ය. අදටත් රූපවාහිනියේ එම දේශපාලනඥයා දකිනවිට මටත් ක්ෂණිකව මතකයට එන්නේ එදා දුටු සබන් පෙන නාගත් වලස් පැටියාමය.
    ලී බෝලයක් කටේ තියාගන්න දුන් කරණවෑමියෙකුගෙ කථාවක් අන්තර්ජාලයේ දක්වා තිබිණි. බොරැල්ල හන්දියේ වූ ප්‍රසිද්ධ සැලුන් එකකට මාසයකට කිහිප වරක් පමණ ගොඩ වදින මෛත්‍රී මහතා කවදත් විජේදාස අයියාගේ ම සේවය ලබා ගැනීමට තම තරාතිරම හෝ පුලුවන්කාරකම ප්‍රයෝජනයට නොගෙන නිරහංකාරව තම වාරය එළැඹෙන තුරු පොතක් පතක් බලමින් රැදී සිටියේය. අදටත් ඒ මතකය මේ එදා සිටි පුද්ගලයා අද රටේ ජනාධිපති ද යන වග සිහිනයක් මෙනි.
    ලොව දුප්පත්ම ජනාධිවරයෙකු ලෙස දකුණු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු අන්තර්ජාලයේ නිරන්තර පසැසුමට ලක්වනු මා දැක ඇත්තෙමි. එලෙසම ජනතා ගෞරවාදරයට පත් විය යුතු අයෙකු ලෙස පෞද්ගලිකවම මා දකින මෙතුමා මෙලෙස පරිභවයට ලක්වන්නේ එතුමා වටා සැබෑ අවංක උපදේශකයන්, සහෝදරයන් පිරිසක් නොමැති වීම ලෙසයි මා දකින්නේ.

    ඔච්චර කියන්න දෙයක් නෑ. හැම කෙනාගෙම ජීවිත වල හොඳ නරක තියෙනවා. ඒ පුද්ගලික දේවල් එච්චර වැදගත් නෑ රටක් පාලනය කරන්න
    අපි මෙයාට ඡන්දෙ දුන්නෙ මෙයාගෙ සරල කමට අරවට මේවට නෙවේ.
    එයා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති තිබ්බා. ඒවා ඒ කාල රාමුවට කරා නම් හරි.
    පුද්ගලික කෝන්තරේකට තමා මෙයා ඇවිත් තියෙන්නෙ, මහින්ද එක්ක තරහට
    නැතිව රටට ආදරයකට නෙවේ. ඒ කරල මහ බැංකුවේ සිද්ධිය දැනගත්තත් මොකුත් කරේ නෑ. තමුන්ට විරුද්ධ උන මිනිස්සුන්ගෙ පක්ශෙ නායක කම ගත්තා. එතන ඉඳන්ම වැඩ කරගෙන ගියේ පුද්ගලික න්‍යායපත්‍රයක් ානුව.
    දැන් මොන බයිල ගැහුවත් මෙයා කරපු විනාසෙන් මේ රටට ගොඩ යන්න සෑහෙන කාලයක් යනව. හොයන්නෙ බලන්නෙ නැතිව මේ වගේ පැරශුට් කාරයෙක්ට ඡන්දෙ දුන්න අපිත් මේවට වග කියන්න ඕන
    .:(:(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes: