ජනාධිපති තාත්තා

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ජනාධිපති තාත්තා.😆😆😆😆😆

    අපේ තාත්තා දවසක් රෑවෙලා ගෙදර එමින් සිටියේය.
    බස් නැවතුමේ සිට අපේ ගෙදරට ටිකදුරක් ඇවිදගෙන ආයුතුය.
    ඔහොම ඇවිදගෙන එන අතරේ පහල ගෙදර සේතං මාමා ලයිට් කනුවක් අසල මොනවාදෝ හොයමින් සිටිනු තාත්තා දැක තිබේ..

    මොකද සේතං මේ රෑ ජාමේ බිම අවුස්සන්නේ කියා තාත්තා සේතං මාමාගෙන් අසා ඇත.
    අනේ බලන්ටකො ග්‍රාමසේවක මහත්තයෝ මගෙ සන්තකටම තිබිච්චි රත්තරන් පවුම වැටුන නොවැ කියා සේතං ඉතාමත් කනගාටුවෙන් තාත්තාට පැවසූ බව තාත්තා කීවේය.

    ඉතින් තාත්තාද සේතං මාමා එක්ක එකතුවී රත්තරන් පවුම සෙවීමට පටන්ගත්තේය.
    සේතං මාමා රා බී වෙරිගතියෙන් සිටින බවක් තාත්තාට දැනුනත් තාත්තා එය වැඩිය ගානකට ගෙන නැත.
    විනාඩි පහලවක පමන කාලයක් එතන තිබූ හැම බිම් අඟලක්ම හැම තනකොලයක් ගානේම සොයා බැලූ නමුත් රත්තරන් පවුම සොයාගන්නට නොහැකි වූ බව තාත්තා අපට කීවේ කණගාටුවෙනි.

    කෝ බං සේතං.. උඹේ පවුම මෙතන නෑනෙ කියා තාත්තා සේතං මාමාගෙන් අසා ඇත.
    ඔව් මහත්තයෝ ඒක මෙතන තියෙන්න විදියක් නෑ කියා සේතං මාමා කියා තිබේ..
    කුතුහලයට පත්වූ තාත්තා ඒ මොකද එහෙම කිව්වේ කියා සේතං මාමාගෙන් අසා ඇත.

    ඒක මෙතන තියෙන්නෙ කොහොමද ග්‍රාමසේවක මහත්තයෝ.. ??
    ඒක වැටුනෙ ආන්න අතනදි කියමින් සේතං මාමා මීටර් 25ක් පමන ඈතින් වූ තැනක් පෙන්වා ඇත.
    අන්දමන්ද වූ තාත්තා ඉතින් බං එතන හොයන්නෙ නැතුව මෙතන හොය හොයා දඟලන්නෙ මොලේ හොඳ නැද්දැයි කෝපයෙන් ඇසුවේය.
    එතන කලුවරයිනෙ මහත්තයො ඉතින් කලුවරේ ඕක හොයන්න මට ඔල්මාදෙයැ.. ඉතින් මම මේ එලිය තියෙන තැනකට ඇවිත් හොයන්න ගත්තා කියා සේතං මාමා පිලිතුරු දී ඇත.

    ඒ කතාව නිවැරැදි බව තමුන්ටද වැටහුන බව තාත්තා අපට කීවේය. ඒ නිසා දෙන්නාම එකතු වී දිගටම රන්පවුම සෙවීම කරගෙන ගොස් ඇත.
    අවසානයේදී සත දෙකේ සහ පහේ කාසි කිහිපයක්, හර්නෙල් කටුවක්, මඩ පුවක් කැබැල්ලක් සහ පත්තෑයෙක් සොයා ගැනීමට තමුන් සමත් වූ බව තාත්තා කීවේ ආඩම්බරයෙනි.
    රන්පවුම සෙවීම තාත්තාට අමතක වී තිබිනි.
    තාත්තාගෙ හැටි එහෙමය.
    සරලය..

    අද දවසේදී තාත්තා බදුරුදීන් , හිස්බුල්ලා, අසාද් සාලි, මුබර්ජි රහුමාන් වැනි අය ආන්ඩුව තුල තියාගෙන අනිත් ත්‍රස්තවාදීන් සොයමින් මුලු රටම පීරනවිට මට මේ පරන කතාව මතක් වේ..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අඩේ මමත් ත්‍රෙඩක් ඇරියා.. ඒක ඩිලීට් කරන්නෙ කොහොමද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ගොඩක් කතා ඔය පොත විකුණගන්න ඕනවට එෆ්බි පේජ් ඇඩ්මින්ලට සල්ලි දීල හදාගත්ත කතා එෆ්බී එකේ දාන්නම. එක කතාවක් කියෙව්වම උන්ට ආස හිතෙනවා පොත ගන්න. හරියට මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ :lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    ගොඩක් කතා ඔය පොත විකුණගන්න ඕනවට එෆ්බි පේජ් ඇඩ්මින්ලට සල්ලි දීල හදාගත්ත කතා එෆ්බී එකේ දාන්නම. එක කතාවක් කියෙව්වම උන්ට ආස හිතෙනවා පොත ගන්න. හරියට මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ :lol:

    Sira :yes:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    ජනාධිපති තාත්තා.😆😆😆😆😆

    අපේ තාත්තා දවසක් රෑවෙලා ගෙදර එමින් සිටියේය.
    බස් නැවතුමේ සිට අපේ ගෙදරට ටිකදුරක් ඇවිදගෙන ආයුතුය.
    ඔහොම ඇවිදගෙන එන අතරේ පහල ගෙදර සේතං මාමා ලයිට් කනුවක් අසල මොනවාදෝ හොයමින් සිටිනු තාත්තා දැක තිබේ..

    මොකද සේතං මේ රෑ ජාමේ බිම අවුස්සන්නේ කියා තාත්තා සේතං මාමාගෙන් අසා ඇත.
    අනේ බලන්ටකො ග්‍රාමසේවක මහත්තයෝ මගෙ සන්තකටම තිබිච්චි රත්තරන් පවුම වැටුන නොවැ කියා සේතං ඉතාමත් කනගාටුවෙන් තාත්තාට පැවසූ බව තාත්තා කීවේය.

    ඉතින් තාත්තාද සේතං මාමා එක්ක එකතුවී රත්තරන් පවුම සෙවීමට පටන්ගත්තේය.
    සේතං මාමා රා බී වෙරිගතියෙන් සිටින බවක් තාත්තාට දැනුනත් තාත්තා එය වැඩිය ගානකට ගෙන නැත.
    විනාඩි පහලවක පමන කාලයක් එතන තිබූ හැම බිම් අඟලක්ම හැම තනකොලයක් ගානේම සොයා බැලූ නමුත් රත්තරන් පවුම සොයාගන්නට නොහැකි වූ බව තාත්තා අපට කීවේ කණගාටුවෙනි.

    කෝ බං සේතං.. උඹේ පවුම මෙතන නෑනෙ කියා තාත්තා සේතං මාමාගෙන් අසා ඇත.
    ඔව් මහත්තයෝ ඒක මෙතන තියෙන්න විදියක් නෑ කියා සේතං මාමා කියා තිබේ..
    කුතුහලයට පත්වූ තාත්තා ඒ මොකද එහෙම කිව්වේ කියා සේතං මාමාගෙන් අසා ඇත.

    ඒක මෙතන තියෙන්නෙ කොහොමද ග්‍රාමසේවක මහත්තයෝ.. ??
    ඒක වැටුනෙ ආන්න අතනදි කියමින් සේතං මාමා මීටර් 25ක් පමන ඈතින් වූ තැනක් පෙන්වා ඇත.
    අන්දමන්ද වූ තාත්තා ඉතින් බං එතන හොයන්නෙ නැතුව මෙතන හොය හොයා දඟලන්නෙ මොලේ හොඳ නැද්දැයි කෝපයෙන් ඇසුවේය.
    එතන කලුවරයිනෙ මහත්තයො ඉතින් කලුවරේ ඕක හොයන්න මට ඔල්මාදෙයැ.. ඉතින් මම මේ එලිය තියෙන තැනකට ඇවිත් හොයන්න ගත්තා කියා සේතං මාමා පිලිතුරු දී ඇත.

    ඒ කතාව නිවැරැදි බව තමුන්ටද වැටහුන බව තාත්තා අපට කීවේය. ඒ නිසා දෙන්නාම එකතු වී දිගටම රන්පවුම සෙවීම කරගෙන ගොස් ඇත.
    අවසානයේදී සත දෙකේ සහ පහේ කාසි කිහිපයක්, හර්නෙල් කටුවක්, මඩ පුවක් කැබැල්ලක් සහ පත්තෑයෙක් සොයා ගැනීමට තමුන් සමත් වූ බව තාත්තා කීවේ ආඩම්බරයෙනි.
    රන්පවුම සෙවීම තාත්තාට අමතක වී තිබිනි.
    තාත්තාගෙ හැටි එහෙමය.
    සරලය..

    අද දවසේදී තාත්තා බදුරුදීන් , හිස්බුල්ලා, අසාද් සාලි, මුබර්ජි රහුමාන් වැනි අය ආන්ඩුව තුල තියාගෙන අනිත් ත්‍රස්තවාදීන් සොයමින් මුලු රටම පීරනවිට මට මේ පරන කතාව මතක් වේ..

    Hina wela marenawa ban mewata:lol::lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගොඩක් කතා ඔය පොත විකුණගන්න ඕනවට එෆ්බි පේජ් ඇඩ්මින්ලට සල්ලි දීල හදාගත්ත කතා එෆ්බී එකේ දාන්නම. එක කතාවක් කියෙව්වම උන්ට ආස හිතෙනවා පොත ගන්න. හරියට මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ :lol:

    sirawat. api library ekenut ahuwa. passe download th kara. :lol::lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොඩක් කතා ඔය පොත විකුණගන්න ඕනවට එෆ්බි පේජ් ඇඩ්මින්ලට සල්ලි දීල හදාගත්ත කතා එෆ්බී එකේ දාන්නම. එක කතාවක් කියෙව්වම උන්ට ආස හිතෙනවා පොත ගන්න. හරියට මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ :lol:

    එහෙම වෙන්ඩ ඇති තමා. අපේ ජනාධිපතිතුමා සරලයි විතරක් නෙමේ අති සූක්ෂම Business acumen එකක් තියන කෙනෙක්. ඒකනෙ පොත විකුණගන්න ඔය වගේ සාර්ථක වැඩක් කරලා තියෙන්නෙ! :lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    61068512_2643131915716975_6281076472794841088_n.jpg